රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා" එන්නතෙන් මාත්‍රා මිලියන 18ක් ඉන්දියාවෙන් ඇණවුම් කළ බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ සම්බනධයෙන් අදහස් දැක්වු ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත ලබාදෙන අතරම අවුරුදු 30 සිට 60 දක්වා ජනගහනයටත් එම එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බවය.
මෙරට කොවිඩ් ආසාදිත දත්ත පරීක්ෂා කළවිට පෙනී යන කරුණක් වන්නේ වැඩිපුරම රෝගී වී ඇත්තේ වයස 30 සිට 60 දක්වා අතර පිරිස බව ද ඇය පැවසුවාය.