කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 18ක් ඇණවුම් කරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා" එන්නතෙන් මාත්‍රා මිලියන 18ක් ඉන්දියාවෙන් ඇණවුම් කළ බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    මේ සම්බනධයෙන් අදහස් දැක්වු ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත ලබාදෙන අතරම අවුරුදු 30 සිට 60 දක්වා ජනගහනයටත් එම එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති බවය.

    මෙරට කොවිඩ් ආසාදිත දත්ත පරීක්ෂා කළවිට පෙනී යන කරුණක් වන්නේ වැඩිපුරම රෝගී වී ඇත්තේ වයස 30 සිට 60 දක්වා අතර පිරිස බව ද ඇය පැවසුවාය.

     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පාරේ යනකොට මාස්ක් දාගෙන යන්න පුලුවන්ද.හුස්ම ගන්න බෑ වයසක එවුන්ටයි බඩ තඩි අයටයි ඇදුම අයට.මෝඩ හැත්ත.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කිව්වට මාර්තු වෙනකොට ඔක්කොම ගන්න බෑරි වෙයි වගේ. ඉල්ලුම වෑඩි හින්දා. අපි හුගක් කලින් කරන්න තිබ්බ වෑඩක්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කිව්වට මාර්තු වෙනකොට ඔක්කොම ගන්න බෑරි වෙයි වගේ. ඉල්ලුම වෑඩි හින්දා. අපි හුගක් කලින් කරන්න තිබ්බ වෑඩක්
    කොහොමත් දවසකට ගහන්නෙ 30000කට වගේනෙ.. මාසෙකට උපරිම 1 million ගහන්න පුළුවන් වෙයි.. හැමෝටම ගහල ඉවරකරන්න අවුරුද්දකට වඩා යනව. ඒක නිසා මාසෙට 1 million ගානෙ ආවොත් ඇති.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මේක කැන්සල් කරන්න ඇති නේ? ඉන්දියාවෙත් 5% නම් inoculate කරල තියෙන්නෙ 2023 වෙනකංවත් ඩිලිවර් කරන එකක් නෑ ඕඩර් එක