කොවිඩ් පාලනය අසාර්ථකයි..අගමැති ඉල්ලා අස්වෙයි..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    😱😱😱 මොකක්ද මේ වෙන්න යන්නේ?
    @erozan

    @nicjosh83


    අන්තිමට කෙල වුනා නේ ? 🥳🥳🥳🥳




    ජපාන අග්‍රාමාත්‍ය යෝෂිහයිඩේ සුගා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු සඳහන් කළේ ‍මේ මාසයේ පක්ෂ නායකයා ලෙස නැවත තේරී පත්වීමට තමන් අපේක්ෂා නොකරන බවයි.

    ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතු නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග සුගා මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්විය.

    එසේම මේ වන විට ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රේණිගත කිරීමද ඉතිහාසයේදී පහළම අගයට පත්ව තිබේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් සුගා මහතාගේ ශ්‍රේණිගත කිරීම් මේ අනුව පහළ බැස තිබේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානය තුළ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක අතර මේ වන විට ජපානය එහි කොවිඩ් වසංගතයේ දැරණුව තත්ත්වයට පත්ව තිබේ.

    ජපානයේ කොවිඩ් රෝගීන් මිලියන 1.5කට ආසන්නව වාර්තා වී ඇති අතර එරට එන්නත් ලබාදීමද මන්දගාමී වී තිබේ.

    වසංගතය නරක අතට හැරෙමින් තිබියදීත් මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානය ගත් තීරණය එරට ජනතාවගේ විවේචනයට පත්ව ඇති අතර එම තිරණය අතිශය ජනප්‍රිය නොවන බවට සනාථ වී තිබේ.

    ජපාන අග්‍රාමාත්‍යවරයාගේ තීරණයත් සමගින් එරට කොටස් වෙළඳපොළ දශක තුනකට පසු එහි ඉහළම අගයට පැමිණ තිබේ.

    ටෝකියෝ මූල්‍ය වෙලඳපොලවල් දැනටමත් ශක්තිමත් වී ඇති අර ආණ්ඩු පක්ෂයේ නායකත්ව තරඟය සහ වසර අවසානයේ පැවැත්වෙන මහ මැතිවරණයක් ඉදිරියේ ශක්තිමත් රජයක් සඳහා වූ බලාපොරොත්තු මත ය.

    පාලක එල්ඩීපී පක්ෂය එහි නායකයා තෝරා ගැනීම සඳහා සැප්තැම්බර් 29 දින මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එම පක්ෂයට පාර්ලිමේන්තු බහුතරයක් ඇති හෙයින් නායකත්ව මැතිවරණයේ ජයග්‍රාහකයා ජපානයේ නායකයා වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

    ස්ට්‍රෝබෙරි ගොවි පවුලක උපත ලැබූ 72 හැවිරිදි සුගා 1987 දී යොකොහාමා නගර සභාවට ප්‍රථමයෙන් තේරී පත් වූ අතර 1996 දී ඔහු ප්‍රථම වරට ජපාන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    2005 දී අගමැති ජුනිචිරෝ කොයිසුමි ඔහුව අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන ජ්‍යෙෂ්ඨ උප ඇමතිවරයා ලෙස පත් කළේය.

    ඊළඟ වසරේදී කොයිසුමි මහතාගේ අනුප්‍රාප්තිකයා වූ ෂින්සෝ අබේ 2007 වසර දක්වා ඔහු දැරූ කැබිනට් තනතුරු තුනක් සමඟ ඇමති ධුරයට උසස් කළේය.

    xjapan--800x445.jpg.pagespeed.ic.rUPViWp2vf.webp


    https://www.colomboxnews.com/2021/09/05/කොවිඩ්-හමුවේ-අසාර්ථක-වු-ජ/


    අද අල්ලපු ගෙදර මිනිහත් මැරුනා..රාජපක්ෂවරුන්ට දැන් නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න තියෙන්නේ..එ හෙම බැරිනම් ඉස්සරහ චන්දෙදි නඩු ගොඩකුත් එක්ක එළියට දාන්න ජනතාව සූදානම් . :yes:මොකද ජපානය කියන්නෙත් දූපතක්.දූපතකට කොවිඩ් හැදෙන්නේ ඒ රටේ ආණ්ඩුවේ වරදින්. මොකද එයාපොර්ට් වරායවල් පාලනය වෙන්නේ ආණ්ඩුවෙන්.

    👉👉දකුණු අප්‍රිකාවේ බිහිසුනු ප්‍රබේදයක් තියෙද්දි ප්‍රසන්න රනතුංගලා සුද්දෝ ලංකාවට ගේන්න දගලනවා. ඒ කෝටිපති හෝටල් කාරයෝ සංතෝස කරන්න..

    👉👉නාමල්ලා දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම මේක අස්සට ගෙනල්ලා..මගුලේ බුබුලු තමයි.ඔය ටීම් එකේ කාට හරි කොරෝනා තිබ්බා කියලා හිතන්න.ඌ කාපු කෑමක් කපුටෙක් කනවා. කපුටා ස්ටේඩියම් එකෙන් එලියට ගිහින් ගෙදරකට යනවා.ඒ ගෙදර උන් කපුටා වහපු තැන් අල්ලලා උන්ගෙන් දකුණු අප්‍රිකා ප්‍රභේදය ලංකාවට එන්න බැරිද ?:angry::angry::angry::angry:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මම හිතුවෙ මයිනා අයින් වෙලා නාමලයට දීල කියලා
    පිස්සුද බන් රෝද පුටුවෙන් හරි කිහිලි කරුවෙන් හරි කාගෙ හරි කරමතින් හරි අපේ අයට ඕනෙ බලේ ඉන්න.

    මතකනෙ දීමූ ජයරත්න.
    මටකරන්න බෑ මම වයසයි කියල අයින් උන එක ලන්කාවෙ දේශපාලකයෙක් කියහන් බලන්න.

    සිරිමෝවෝ රෝද පුටුවෙ ඉදගෙනත් පැම්පස් ඇදන් ඉදගෙනත් අගමැතිකම කලා.ඕක තමයි ලන්කාවෙ අයට හරියන්නෙ නැත්තේ. බුදුගුන ආගම දහම එක්ක හිටියට(ඒ වගේ පෙන්නුවට) අතහරිනව කියන එක දන්නෙ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක තෙර්ඩ් එකක් දාපල්ලකො 60ක් විතර දානව ෆේක් වලින් ලොග් වෙව්, දාපු අනිත් තෙර්ඩ් බලට දුන්න උත්තරේ බලාගනින්..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    ගෝඨාබය නාකියි..මහින්ද තරුණයි..වහාම මහින්දට බලය දීලා ගෝඨාබය ගෙදර යා යුතුයි..

    yq-sril-26112030.jpg
     
    • Haha
    • Like
    Reactions: Smartm and Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එක තෙර්ඩ් එකක් දාපල්ලකො 60ක් විතර දානව ෆේක් වලින් ලොග් වෙව්, දාපු අනිත් තෙර්ඩ් බලට දුන්න උත්තරේ බලාගනින්..
    උඹ කරන වැඩ මම කරන්නේ නෑ.. 🤭