කොවිඩ් 19න් ආරක්ෂාවීමට ලංකාව සුදුසු රටක්

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    කොවිඩ් 19න් ආරක්ෂාවීමට ලංකාව සුදුසු රටක්

    කොවිඩ් 19න් ආරක්ෂාවීමට ලංකාව සුදුසු රටක් - එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරයි

    කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එංගලන්ත මාධ්‍ය කටුතු කර තිබේ.

    එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යයක් වන SKY News පුවත් සේවය එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ සංචාරක උපදේශක සමාගමක් වන PC Agency හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් චාර්ල්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී පෝල් ශ්‍රී ලංකාව කොවිඩ් 19 න් ආරක්ෂා වීමට සුදුසු රටක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

    මෙහිදී නිවේදිකාව විමසා සිටින්නේ මේ අවස්ථාවේදී සංචාරකයෙකුට දෙන උපදෙස කුමක්ද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් පෝල් පවසන්නේ සෙල්සියස් අංශක 29ට වඩා උෂ්ණත්වයක් ඇති රටවල්වලින් කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බවත් ඒ අනුව තමන් සංචාරයක් පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් කැරිබියන් දූපත් හෝ ශ්‍රී ලංකාව තෝරා ගන්නා බවයි.


    http://am.lk/local-news/item/47313-19


    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Not sure exactly what it is, but it seems to have some reason.

    Otherwise, with this situation in SL, this should have become a local pandemic.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :lol:
    මොන බයිලද ඕයි මෙව්ව. තායිලන්තයේ,ඉන්දුනීසියාවේ,සිංගප්පූරුවේ weather ඵක සීතලද??.:rofl:

    E ratawal samaharak ewa night ekata temp eka adui machan.
    Ex Dubai/Abu Dhabi.

    Habai thawa masayak yana kota UAE ta aulak na.
    Patta rasnei.

    Anith de ape rata island ekak vima.
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්


    කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

    ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41ක් හැවිරිදි පුද්ගලයෙකු ආසාදිතයින් අතර සිටින අතර ඔහු මේ වන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    එසේම ඉතාලියේ සිට පැමිණි වයස අවුරුදු 37ක් වු පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඉතාලියේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු අයෙකි.

    ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    අනෙක් රෝගියාද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු 43 හැවිරිදි අයෙකි.

    ඔහු ද අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=132752