කොවීඩියානු දහම (Covidism)

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොවිඩ් කියන්නෙ ආගමක්
    🔥🔥🔥🔥🔥

    කොවිඩියානු දහම (Covidism) ලෝකයේ අලුත්ම ආගම බවට පත්වෙලා. ඒකෙ පූජක පක්ෂයට කියන්නෙ වැක්සින්වරු (Vaccinist) කියල. යම් පුද්ගලයෙක් ඒ ආගමේ අනුගාමිකයෙක් වෙන කොට අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය, නිතර අත සේදීම, පීසීආර් පරීක්ෂණ කිරීම, එන්නත් මාත්‍රා සියල්ලම ගැනීම, යන නියමයන් පහ පිළිපදින්න ඕනෙ. කොවිඩ් වසංගතයේ එකම ගැලවුම්කරු එන්නත බව විශ්වාස කිරීමෙන් ද වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම ප්‍රතික්ෂේප කිරීමෙන් ද සිය භක්තිය පෙන්වන්න ඕනෙ.. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශ දේවවචනය ලෙස අදහන්න ඕනෙ. එන්නත් සමාගම් මානව වර්ගයාගේ සුවසෙත වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන බව පිළිගන්න ඕනෙ. එන්නත් නොගත් පුද්ගලයින් මිථ්‍යා දෘෂ්ටිකයින් ලෙස සලකා ඇසුරු කිරීමෙන් වළකින්න ඕනෙ. වෛරසයේ අලුත් ප්‍රභේද පැතිරීමට හේතුව එන්නත් නොගත් පුද්ගලයින් ගේ පාපය බව පිළිගන්න ඕනෙ.

    කොවිඩියානු දහමට අනුව ලෙඩේ හැදෙන අයව වෙන් කරල තියන්න ඕනෙ. මැරෙන අයගෙ මෘතදේහ මුද්‍රා තියල පුච්චන්න ඕනෙ. පූර්ණ කොවිඩියානුවෙක් ලෙස බෞතීස්ම කිරීමට නම් එන්නත් මාත්‍රා පෙළ බූස්ටර් වැක්සීන් එක මගින් සම්පූර්ණ කරන්න ඕනෙ. එහෙත් බූස්ටරයට ගන්න ඕනෙ කීවෙනි මාත්‍රාව ද කියල තීරණය කරන්නෙ වැක්සින්වරුන් ගෙ ප්‍රධාන පූජක මණ්ඩලය. කොවිඩියානු දහමට විරුද්ධ මත දරන්නෙ අයව හඳුන්වන්නෙ ස්කෙප්ටික්වරු (Skeptics) කියල. ඒ අය අදහන්නෙ කොන්ස්පිරසියානු දහම (Conspirism). උන් හැමතිස්සෙම කොවිඩියානු දහම විවේචනය කරනව. වැක්සින්වරුන්ට පහර ගහනව. එතකොට ලෝකෙ වෙනත් රටවල ඉන්න කොවිඩියන් උපදේශකයින් ගෙ මගපෙන්වීම් හා දේශනා අනුව ස්කෙප්ටික්වරුන්ව මර්දනය කරනව. හැම කෙනෙකුම ඩිජිටල් හැඳුනුම්පතක් ලැබෙනව. ඒ හරහා එන්නත් නොගත් කෙනෙක් කිට්ටුව පාත ඉන්න කොට හොයාගන්න පුලුවන්.

    කොවිඩියානු දහමට අනුව වැක්සින් ගන්න ගන්න සුගතියට කිට්ටු වෙන්න පුළුවන්. ලේ ධාතුව පාරිශුද්ධභාවයට පත් වෙනව කියල විශ්වාස කරනව. ඒ වගේ වැක්සින් වැඩියෙන් ගත්තම කොවිඩියානුවන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවලු. මාස කීපයකට වරක් වැක්සින් ගන්න එක වැක්සින්වරුන්ට පක්ෂපාතිත්වය පෙන්වන සංකේතයක්. ඒ අයගෙ ලේ වල වැක්සින් වල ප්‍රතිදේහ අඩු නොවී තියාගන්න එක තමයි කොවිඩියානු භක්තිකයින් ගෙ අරමුණ. ඔවුන්ට උගන්වල තියෙන්නෙ එතකොට වෛරසය ඇඟට ආසාදනය උනත් හානියක් නෑ කියල. පවුලෙ කිසිම කෙනෙකුට ඒ නියමයට පිටුපාල බේරෙන්න බෑ කියල හිතන්නෙ. කොවිඩියානුවො හිතන්නෙ වැක්සින් නොගත්ත උන් සමාජයට හානිකර පාපතර මිනිස්සු කියල.

    කොවිඩියානු අනුගාමිකයින් වැක්සින් ගත්තට පස්සෙ ශුද්ධ ජීවිතයක් සහ මරණින් පසු ගැලවීමක් විශ්වාස කරනව. වැක්සින් එක ගහල ලෙඩේ හැදුණට බරපතල නොවි බේරෙනව කියල තමයි ඒ ආගමේ උගන්වන්නෙ. වැක්සින් අරගෙන මැරෙන කොවිඩියානුවන් සුගතිගාමී වෙනව කියල විශ්වාසයක් තියෙනව. වැක්සින් එක නිසා මැරුණොත් ඒක ආශිර්වාදයක් හැටියට වැක්සින්වරු උගන්වන්නෙ. කොවිඩියානු දහම අනුව මුළු ලෝකෙම බූස්ටර් බෞතීස්මය ලබපු දවසට තමයි විමුක්තිය උදාවෙන්නෙ. ඒ හින්ද ඉපදිච්ච ගමන් වැක්සින් කරල කොවිඩියානුවෙක් කරන්න තමයි අනාගත සැලසුම. එහෙම කරලත් මුහුණු වහගෙන එකිනෙකාගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න තමයි උගන්වන්නෙ. කොවිඩියානු දහම අනුව සියල්ල සිද්දවෙන්නෙ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට. පාලකයො කොවිඩියානු දහම වැළඳගත්තම ඒ ආගමට හැරෙන්න අකමැති මිනිස්සුන්ව මර්දනය කරන නීති ගේනව.

    ඩැනිස්ටර් පෙරේරා
     
    • Like
    Reactions: kinkon

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙවියන් වහන්සේ අපිව පරික්ෂා කරන්න එවපු එකක් කියලත් කියනවා නේද? වැක්සින් ගහන්නත් එපා කියල කියනවා සමහර ආගමික සෙට් එකක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    my vivid of the COVID

    මට නම් ජීවිතේ අවිනිශ්චිත බව දැනුණා.හදිසියේ මළොත් Family අනාතයි. ගෙයක් හදන්න පටන් ගත්තා.

    සෑහෙන්න පිං කරග්ත්තා රෝහල් වලට උදව් කිරීමෙන්, දානපතියන් හොයලා දීමෙන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg