කොස් මදුළක ලාබ තීරුව

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොස් මදුළක ලාබ තීරුව

    එක්තරා නගරයක වෛද්‍යවරයකුගේ පෞද්ගලික ඩිස්පැන්සරියකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පැමිණියේ ය.
    (වෛද්‍යවරයකු ළඟට රෝගියකු පැමිණීමේ පුවතක් ‍තීරු ලිපියක සඳහන් කරන්නට තරම් ඇති විශේෂත්වය කුමක්දැයි ලිපිය කියවීම අරඹන ඔබ තුළ කුකුසක් ජනිත වන්නට ඉඩ ඇත.)
    මේ රෝගියාගේ දෑතේ තුවාල තිබිණි. ඔහු පැමිණ සිටියේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ලබා ගෙන තුවාල සුව කර ගන්නට ය.
    “කොහොමද මේ තුවාල හැදුණේ.” තුවාල දැකීමෙන් කුහුලට පත් වූ වෙදැදුරු විමසී ය.
    “අනේ දන්නෙ නෑ ඩොක්ටර්, තුවාල හැදුණේ ඉබේට ම” රෝගියා උත්තර බැන්දේ වෛද්‍යවරයාගේ කුහුල වැඩි කරමිනි.
    “ඔයා මොනවගේ රැකියාවක් ද කරන්නෙ.”
    “ස්ථිර රස්සාවක් කරන්නෙ නෑ සර්. එදිනෙදා ජීවත්වෙන්ට දෙයක් කරනවා.” තුවාල සහිත මනුස්සයා කීවේ ය.
    “ඔයා මොනවගේ දෙයක් ද එදිනෙදා ජීවත්වෙන්ට කරන්නෙ.”
    “ඩොක්ටර්, මම කොස් කපල, මදුළු ගලවල, මදුළු දමපු කවර විකුණනවා.”
    වෛද්‍යවරයාට පොටක් පෑදෙමින් තිබිණි.
    “ඔයා කොස් මදුළුවලට මොනවහරි රසායන ද්‍රව්‍යයක් දමනවා නේ ද? ”
    “අනේ නෑ සර් මම මොනවත් දමන්නේ නෑ.”
    මනුස්සයා පිළිතුරු බැන්දේ වචන පවා පටලවා ගනිමිනි. එහෙත් ඔහුට වෛද්‍යවරයාගෙන් ගැලවීම අසීරු විය. රසායන ද්‍රව්‍යයයක් නිතර භාවිත නොකරන්නේ නම් මෙවන් තුවාල හටගත නොහැකි බව අවධාරණය කෙරිණි. අත්වල තුවාල සුව කරගන්නට අවශ්‍ය නම් වෛද්‍යවරයාට සත්‍යය ප්‍රකාශ කළ යුතු බව අවධාරණය විය. රෝගියාට අවසානයේ තව දුරටත් බොරු කියන්නට නොහැකි විය.
    “සර් කොස් මදුළු ගොඩක් ගලවන කොට තියාගන්ට අමාරුයි. මදුළු ඉදෙනවා. ඉතින් මම හාපික් මිශ්‍ර කරපු වතුර භාජනයක කොස් මදුළු දමා තියනවා. එතකොට මදුළු ඉදෙන්නෙ නැහැ.”
    රෝගියා සිය ස්වයං රැකියාවට අදාළ ආහාර කල් තබා ගැනීමේ උපක්‍රමය වෛද්‍යවරයාට විස්තර කළේ ය. (හාර්පික් වැසිකිළි සෝදා පවිත්‍ර කරන්නට උපයෝගී කරගන්නා ද්‍රව්‍යයකි.)
    වෛද්‍යවරයා මේ කතාව ඔහු හමුවන්නට එන හිතවත් රෝගීන්ට කීවේ ය. කොස් කන්නට අවශ්‍ය නම් කොස් ගෙඩියක් කපා මදුළු ගලවා උයා කෑම යෝග්‍ය බව දැනුම් දුන්නේ ය. මා සමඟ මේ සිද්ධිය කීවේ ද පෙර කී වෛද්‍යවරයා වෙතින් ප්‍රතිකාර ගන්නා මගේ හිතවතෙකි. මේ කතාව ඇසීමෙන් මා තුළ ඇතිවූයේ ද දැඩි කම්පනයකි. මෙතෙක් කල් කොස් වනාහි වස විස මිශ්‍රණයකින් තොරව අපට ලබා ගත හැකි එක ම ආහාරය යයි මම දැඩි සේ විශ්වාස කළෙමි.
    එහෙත් ඒ විශ්වාසය ඉහත කතාව ඇසූ විට ගලෙක ගැටුණු වීදුරු පාත්තරයක් මෙන් සුන්බුන් වී ගියේ ය. සේරිවාණිජ වෙළඳ පරපුර අත ගැසූ සැණින් ඕනෑම ස්වාභාවික ආහාරයක් වස විස බන්දේසියක් බවට පත්වෙයි. සිය ලාබ තීරුව උපරිම කර ගැනීම උදෙසා ඔවුහු මළ මිනී කල්තබා ගන්නා ද්‍රව්‍ය පවා ආහාරවලට එක් කරත්. මඤ්ඤොක්කා වස විස නැති ආහාරයක් ව කලක් පැවතිණි. එහෙත් උදලු ගෑම වෙනුවට වල් නාශක යෙදීම ද, ඊටත් වඩා මහා පරිමාන මඤ්ඤොක්කා වගාකරුවන් පඳුරු ගලවන්නට පෙර පස බුරුල් කිරීම උදෙසා රසායනික තෙල් වර්ග ද යොදන බව ප්‍රචලිත වීමෙන් මඤ්ඤොක්කාවට තිබූ සුජාත භාවය කලකට පෙර අහෝසි වී ගියේ ය.
    ගෙවුණු දවස්වල කෙසෙල් හිඟයක් තිබිණි. ඇඹුල් කෙසෙල් කිලෝග්රෑමයක මිල පවා රුපියල් එකසිය හතළිහේ පනහේ සීමාව දක්වා ඉහළ නැගිණි. මෙම හිඟයේ මහත්ඵල හා මහානිසංස දැන් කෙසෙල් වෙළඳපොළේ දක්නට ලැබේ. ගම්බදින් එන ස්වාභාවික කෙසෙල් ගෙඩියක් දැන් වෙළඳපොළට නේන තරම් ය.
    එන තරමක් එන්නේ යම් යම් ද්‍රව්‍ය යොදා පුම්බන ලද, රසායනික යොදා ඉදවන ලද මෙලෝ රහක් නැති නමට පමණක් කෙසෙල් ගෙඩි ය. අලුත උපන් බිළිඳකුට දෙන්නට ගැළපෙන කෙසෙල් සොයා ගැනීම අතිශයින් උගහට ය.
    වර්තමානයේ බොහෝ දෙනෙක් ජීවත්වන්නේ පර්චස් 10 ට 12 ට කඩන ලද වෙන්දේසි ඉඩම්වල ය. ඔවුනට ගෙවතු වගාවක් කරන්නට වත් ඉඩකඩ ඇත්තේ නැත. ඉතින් එවන් ඉඩමක වාසය කරන කෙනකුට ගෙඩියක් කඩාගෙන මදුළු ගලවා කොස් කන්නට කොස් ගහක් ඇත්තේ නැත. ජනගහනයෙන් විශාල පිරිසක් බවට පත්වෙමින් සිටින මේ පිරිසට ආශාවට හෝ කොස් කන්නට සිදුව ඇත්තේ කොස් මදුළු විකුණන ජාවාරම්‍කරුවන් වෙතිනි. තමන් ආශාවෙන් අනුභව කරන කොස් මදුළ හාර්පික්වලින් පොඟවා ඇති බව නොදන්නා අහිංසකයෝ හා ඔවුන්ගේ දරුවෝ රෝගාබාධවල ගොදුරු බවට පත්වෙති.
    ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා විට දෙවරක් සිතන්නට ශ්‍රී ලංකාවේ ජීවත්වන අපට සිදු වී ඇති බව අවබෝධ කරගැනීම අතිශයින් වැදගත් ය.
    මහානාම දුනුමාල


    jackfruitcutopen.jpg

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ බං..
    පිස්සු හැදෙනවනේ...
    ඔච්චරය් වස විස නැති දෙකට තිබ්බෙ
    අපිත් එක්ක බෙදා ගත්තට පින් මචන්
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    දැන් බන් හැම කෑම ජාතියකම වගේ විස. හොදම දේ තමන්ම වාවගන්න දෙයක් කන /බොන එක. ඒත් ඒක හැමෝටම කරන්න බෑ. අනේ මන්ද මේ විදියට ගියොත් තව අවුරුදු 10 කට විතර පස්සේ සේරම මිනිස්සු බෝ නොවන රෝග වලින් හෙම්බත් වෙච්ච පිරිසක් වේවි. rep +
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සිද්දියක් මතක් උනා..

    හැබැයි ඒකනම් මේ කතාවට ටිකක් වෙනස්..
    ඉස්සර සී.ටී.බී එකෙන් ඉස්කෝලෙ ගාවටම එන ස්කූල් බස් එකේ යද්දී පිටි පස්සෙ කොල්ලො එක රොත්තට හිර වෙලා ෆුට් බෝඩ් එකෙයි, පිටිම පස්සෙ සීට් එකේ ඉඳන් යන උන්ගේ ඔඩොක්කු වලයි පැක් වෙලානේ යන්නේ.. ඔහොම යද්දී එක සැරයක් ඔය වගේම කොස් විකුණන මනුස්සයෙක්ගේ ලෑලී තට්ටුව ඉස්සරහෙන් බස් එක හිමින් හිමින් ගියා ට්‍රැෆික් අහු වෙලා.. ඒ හරිය පහු වෙනවත් එක්කම පිටිම පස්සේ සීට් එකේ අයිනේ හිටියා එකා නිකමට වගේ කෑ ගහලා කිව්වා "අනේ අංකල් අපිටත් කොස් කෑල්ලාක් කියලා.." එතකොටම ට්‍රැෆික් එක ඉවර වෙලා බස් එක හයියෙන් යන්න පටන් ගත්තා.. අනේ අර මනුස්සයා අතට අහු උන කොස් මදුලු ගොඩක් උස්සන් දූවගෙන බස් එක පස්සෙන් ඇවිත් කොහොමහරි ඒක අර ඉල්ලුව එකාගෙ අතට දුන්නා කියහංකෝ..:sorry:


    අපි සෙට් එකටම එදා මාර විදිහට දුක හිතුනා.. ගොඩක් උන් කෑ ගහලා බොහොම ස්තූතියි අංකල් කියන ගමන් හැමෝම අත වනන්න ගත්තා.. ඒ මනුස්සයා බස් එක දිහා හිනා වෙවී බලන් හිටිය හැටි තාම මතකයි..:dull:
     
    • Like
    Reactions: upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාලමකන්නි බන් ඉන්නේ.. ඕවා හොයල බලන්න කියල ආයතනයක්වත් මුකුත් නෑනේ...:dull:
    මෙහෙත් කොස් මදුළු අරගෙන එනවා මිනිස්සු :baffled: දැන් ඒවත් කන්න බයයි මේ යන විදිහට :oo:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කෝස් ගස් දෙක, තුන තියන එවුන් දන්නවා ඇති රිලව් /වදුරෝ /හරක් කෝස් වාරෙට කෝස් ගස් අරක්ගෙන ඉන්නේ, ඉතින් උන් කාල දාන ඉදිච්ච නැති එව්වා පවා සමහර එවුන් එකතු කරන් යනවා. තවත් එවුන් කඩා ගත්තු ගෙඩි කල් තබා ගන්න ජරා වැඩ කරනවා. ටිකක් හරි හොද දේ තමයි සම්පුර්ණ ගෙඩිය එවෙලේ කපල සුද්ද කරලා දෙන එවුන්ගෙන් ගන්න එක. ඒත් ගොඩක් තැන් වල තියෙන්නේ සුද්ද කරලා මල්ලට දාපුවා. කොස් කියන්නේ එළ කෑමක් බන්. අපේ මිනිස්සුන්ට අගයක් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    You must spread some Reputation around before giving it to DJU9 again.

    මිනිස්සු
    [FONT=&quot]හොයා ගන්න දේවල් බලපන්කො බන්. මේ හැකියාවන් රටට සමාජයට වැඩදායක නවෝත්පාදනයක් සදහා යෙදවෙනවනම් අපේ රට කොහේ තියෙයිද???

    [/FONT]අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි මචන්.
     
    Last edited: