කොස්_කෝච්චිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
----------------------
කොස් කෝච්චිය​
----------------------



18951270_10213821411277353_4635859186677781109_n.jpg




2017-06-10
අද පොසොන් පෝය පසුවී දෙවන දිනයයි. අනුරපුර සිට කොළඹ බලා දිවෙන සීග්‍ර ගාමී දුම්රිය වෙනදාටත් වඩා පිරිසක් රැගෙන පොල්ගහවෙල පසුකර ඉදිරියට ඇදෙයි.
වෙනදා නොනවත්වන පල්ලෙවෙල දුම්රිය ස්ථානය ආසන්න වනවිට දුම්රියේ වේගය අඩු වෙනු දැණුනු මගීහූ

"සිග්නල් නෑ වගේ" යයි කියති.

හරියටම පල්ලේවෙල ඉස්ටේශමේම එය නැවැතිණි. එවිටම දුම් රිය ස්ථාන වේදිකාව දිගේ පෝලිමට රැඳී සිටි ගැහැනු පිරිමි තරුණ මහලු අය විශාල පිරිසක්‍ වට්ටි පෙට්ටි රැගෙන සෑම පෙට්ටියක් වෙතම ලං වූහ​.

"මෙච්චර පිරිල තියෙන කෝච්චියෙ මේ බඩුත් අරන් තව කොහේ රිංගන්නද ? "

නමුත් ඔවුහූ දොරටු වෙත නො ආවෝය​. කවුලු වෙතම ආවෝය​. ඇවිදින් හොඳින් ජෑම්ගා පිරිසුදුව ඔතන ලද පාන් සැන්ඩ්විච් සහිත පාර්සල ලහි ලහියේ බෙදන්නට පටන් ගත්තෝය​.

පිරිසිදු වතුරද , තේ ද දුන්නෝය​. බඩ ගින්නේ සිටි මගීහූද සිත් සේ පාන් කෑහ​.

තමන්ට ආහාර විකුණන්න එනවා යැයි සිතූ විදෙස් කතක් "නෝ නෝ" කියයි. එවිට අන් අය "ෆ්‍රී ෆ්‍රී" කියති. විදෙස් සංචාරකයෝ විපිලිසරව බලා හිඳිති. පසුව "තැන්ක් යූ" කියති.
ඒ කෝච්චි දන්සලකි. දුම්රිය රියැදුරාද , ස්ථනීය කාර්‍ය මංඩලයද ඒ සඳහා දුම්රිය නැවැත්වීමට පියවර ගෙන ඇත​.

පල්ලේවෙල ගම්වාසීන් විසින් 79වන වරට සංවිධානය කරන පොසොන් දුම්රිය දන් සැල යයි පෝස්ටරයකි. වසර 79 ක් ! විනාඩි 5 ක් පමණ එතැන සංග්‍රහ භුක්ති වින්ද මගීන් රැගත් යකඩ යකා නැවත ගමන් ඇර්ඹීය​.

ගත වූයේ සුළු වේලාවකි. සීග්‍රගාමී රේල්ලුව නැවත මන්දගාමී විය​. කීනවල දුම් රිය ස්ථානයේ පිරී සිටි තවත් දන් දෙන පින්වතුන් රාශියක් ඉදිරියේ එය යලිත් නැවතිනි. නැවත පෙර සෙල්ලමම ය​.

එවර දෙපසින්ම එන කාර්ගිල්ස් පොප්සිකල් අයිස් ක්‍රීම් ය​. ඒ මදිවාට තවත් පාර්සල් බෙදා ගෙන යති. ඒ පාර්සල් වල තිබුනේ ඉතා රස නැවුම් පොල් සම්බෝලයක් ද සමගින් එවේලේ තැම් බූ කොස් ය​.

කෝචියකටම කොස් බෙදන්න කෙතරම් කොස් ගෙඩි ප්‍රමාණයක් කපා සුද්දකර තම් බා පාර්සල් කළ යුතුද ? කෙතරම් වෙහෙසක් ගන්න ඇද්ද ? මට සිතුණී.

මේ අද අපි සංග්‍රය දෙන තුන් වන කෝච්චියයි එවිට කියනු ඇසිණි !
කෝච්චි ගනනාවකට බෙදූ කොස් දන් සැලෙන් අපට ලැබුන රස කොස් සංග්‍රහයේ පින් තූරයක් මේ.

කැමැරා පෝන් බැටරි බැස තිබූ නිසා අනිත් දර්ශන මඟ ඇරුනි.

මේ දන් පින් වල බලයෙන් යහපතක්ම වේවා ! වැඩි වැඩියෙන් කොස් පොලොස් පලදාව ලැබේවා !

සැලකිය යුතුයි.
මේ දුම්රිය ස්ථාන වල මෙන්ම තවත් බොහෝ ස්ටේශන් අවට වැසියන් එක්ව මෙවැනි කෝච්චි දන්සැල් දී ඇත​. මේ මාදුටු දේය​.



උපුටා ගැනීම Chinthaka Wijayaweera‎ විසින් ෆෙස්බුකියේ පල කල ලිපියකිනි
 
Last edited:
  • Like
Reactions: nai_silva

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ලංකාවේ මිනිස්සු හරිම වෙනස් කියන්නේ නිකම් නෙමෙයි. මිනිස්සු ගාව තාම ගුණ සුවද ඉතුරු වෙලා තියෙනවා. ඒත් ඉතින් කාලයත් එක්ක එව්වත් දැන් ටික ටික අඩු වේගෙන යනවා. ඒ ගැන නම් ඇත්තටම හරිම කණගාටුයි. ඊටත් වඩා දුකයි.

    මේ කරලා තියෙන වැඩේ ගොඩක් හොදයි. මොකද පොල් පටවලා වගේ යන කෝච්චියේ යන මිනිස්සුන්ට පොඩි විවෙව්ක් , වෙනසක්, ඒ වගේම පෝලින් නැතුව බෙදපු එකනම් ගොඩක් වටිනවා.

    දැන් නිකමට බලන්ඩ සමහර පැතිවල එක දන්සලක් වැදලා ටිකක් ඉස්සරහට යනකොට ඒ ගමේම තව කට්ටියක් ඒ දේම අයෙත් බෙදනවා. එතනත් තියෙන්නේ තරගය. එකෙක්ට වඩා අනිකා ලොකු වෙන්ඩ ඕනේ කියන හැගීම.

    දන්සලක් කියන්නේ දානය කියන ආමිෂ පුජාව සංකේතවත් කරන්ඩ කරන දෙයක් . එකේදී 100කට biscuit 1 ගානේ biscuit 100ක් බෙදන එකද වැදගත්. නැත්තම් ඇත්තටම බඩගින්නේ ඉන්න කෙනෙක්ට biscuit packet එකක් අරන් දෙන එකද වටින්නේ ?

    හිතල බලන්ඩ,

    හුගක් දන්සල් දැන් යන්නේ රැල්ලකට . මිනිස්සු ප්‍රාඩෝ එකේ ඇවිත් දන්සලේ පෝලිමේ ඉන්නේ කන්ඩ නැති කමටද?

    නෑ . දන්සැල් ආතල් එක ගන්ඩ .

    ඇත්තටම බඩගින්නේ ඉන්න මනුස්සයෙක් (අපි කියමු හිගා කන මනුස්සයෙක් කියලා ) ඔය දන්සැල ලගින් ගියත් අඩගහල බත් එකක් බෙදලා දෙන්නේ කීයෙන් කීදෙනාද? ඒ මනුස්සයා පෝලිමට ආවත් කී දෙනෙක් ඒ මනුස්සයගෙන් ඈත් වෙලා ඉන්ඩ හදනවද? වැරදිලාවත් ඒ මනුස්සයා පෝලිමේ ඉන්න මනුස්සයෙක්ගේ ඇගේ ගැවුනත් ඇති පෝලිමෙන් එළවන්ඩ .

    ඔන්න ඕකයි අපි පිළිගන්ඩ අකමැති උනත් හුගක් වෙලාවට ඇත්ත.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ෂික් ඔහොම ලඟටම ඇවිල්ලා බලෙන්ම කවන දන්සැල් අපට සෙට් වෙන්නේ නැ නේ.
    නමුත් කරපු වැඩේ නම් හොඳයි. කෝච්චියේ යන වෙලාවට හරියට කන්නවත් තැනක් නැනේ...