කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි....

DarK HerO

Member
Apr 22, 2013
444
99
0
-අඳුරේ-
කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි....

කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි.....
z_pic350-fea.jpg

කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ඥාතියෙකුත් වුණා. කොසොල් රජතුමා දවසක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් වගේ ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ රජතුමා, ඇය පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තා. මේ සුරූපී කාන්තාව ගැන තොරතුරු විමසූව රජතුමාට දැනගන්නට ලැබුණේ ඇය විවාහක බව. දෙව්ලියක්වන් ඇය, තම වසඟයට උපායක් සැලසුම් කළ රජතුමා, ඇයගේ ස්වාමියා රජමාලිගයට කැඳවලා ඔහුට යම් කාර්යයක් පවරලා, රජුගේ අණ ඉටුකිරීමට අපොහොසත් වුවහොත් ඔහුට මරණය අත්වන බවත් දන්වනවා. මේ තරුණයාට පැවරුව කාර්යය තමයි, යොදුනක් (සැතපුම් 12 ක්) පමණ දුර පෙදෙසක තියෙන කුමුදු, නෙළුම් වර්ග වලින් මල් වට්ටියකුත් නාගයන්ගේ රජදහනේ තියෙන පස් වර්ගයක් වුණ අරුණාවතී කියන පස් වර්ගයත් , පැය කිහිපයක් ඇතුළත රජමාලිගයට ගෙනෙවිත් බාරදීම.


මේ අහිංසක තරුණයා තම බිරිඳ සකස් කරලා දුන්න බත්මුලත් අරගෙන කඳුළු පිරි දෙනෙතින් පාරට බහින්නේ යළිත් වරක් කවදාවත් තම දයාබර බිරිඳ දකින්නට නොලැබෙන බව කල්පනා කරමින්. දිවිහිමියෙන් පතිභක්තිය අගය කළ බිරිඳ ස්වාමියාට ආශිර්වාද කරනවා යන ගමන සාර්ථක වෙන්න කියලා. උදෑසනින්ම ගමන ආරම්භ කරන තරුණයා හිරු රශ්මිය දැඩිවෙද්දි කැලයක් අයිනෙ නතර වෙලා දිවා ආහාරය අරගෙන ළඟ තිබුණ ඇළකට ගිහින් වතුර බීල ඉතිරි වුණ බත් මාළුන්ට දාලා ගමන් විඩාව සන්සිඳුවාගන්නා ගමන් ම තමාට අත්වන්නට යන්නා වූ ඉරණම ගැන කල්පනා කරන්න පටන්ගත්තා. තරුණයා දැනගෙන හිටියා කවදාවත් තමන් යන ගමන සාර්ථක කරගන්න ඉඩ ලැබෙන්නෙ නැහැ කියලා. ඒ අතරේ තරුණයා පත්වෙලා ඉන්න කණගාටුදායක තත්ත්වය දැක්ක නාග රාජයක් මහලු වේෂයක් මවාගෙන, තරුණයා අසලට ඇවිත් ඔහු සොයන මල් වට්ටිය සහ අරුන්දතී පස් දුන්නා.


ඉමහත් පී‍්‍රතියට පත් වුණ තරුණයා පැය කීපයක් ඇතුළත මල් වට්ටිය සහ අරුන්දතී පස් අරගෙන නගර සීමාවට යළි ආවත් රජමාළිගාවේ සිද්ධවුණේ වෙනත් දෙයක්. තමන් දුන්න කාර්යය ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවුණත් බැරිවෙලාවත් වේලාවට කලින් මේ තරුණයා අදාල දේවල් අරගෙන ආවොත් තමන්ගේ අරමුණ ඉටුකරගන්න නොහැකිවෙන බව හිතන රජතුමා නගරයේ දොරවල් කලින් ම වහලා දාන්නට අණ කරනවා. තරුණයා එද්දි නගරයේ දොරවල් වහලා. කිසිවක් කරකියාගත නොහැකි වුණ මේ අහිංසක තරුණයා අසල තිබ්බ ජේතවනාරාමයට ගියේ පසුවදාට එළිවුණ ගමන් ම රජ මාළිගාවට යන්න හිතාගෙන.


කොසොල් රජතුමා එදා රෑ සිරිත් පරිදි නිදාගන්න ගියත් මුළු රාත්‍රී කාලය පුරාම ඉතාමත් බියකරු ශබ්ද මරලතෝනි ඇහෙන නිසා රාත්‍රිය පුරාවටම නින්දක් ලැබුණේ නැහැ. රෑ පහන් වෙනකල් ම එක එක විදියෙ භයානක ශබ්ද ඇහුණ නිසා කොසොල් රජතුමා හොඳටම බයවුණා. ඉතා දිගු වුණ භයංකාර රාත්‍රියේ නිදිවරා සිටිය රජතුමා උදෑසනම ඒ බියජනක ශබ්ද ගැන අගමෙහෙසිය වුණ මල්ලිකාවන්ට කිව්වා. මේ ගැන ඇගේ අදහස වුණේ මෙම රුදුරු බිය උපදවන ශබ්ද රජතුමාට ඇසුනේ කෙසේද යන්න දැනගන්නට නම් තථාගත බුදුපියාණන්ගෙන් විමසන්න කියලයි.


මල්ලිකා දේවියගේ උපදෙස් අනුව, කොසොල් රජතුමා බුදුන් වහන්සේ හමුවන්නට ජේතවනාරාමයට ගිහින්, කලින්දා රාත්‍රී කාලයේ තමන්ට අහන්නට ලැබුණ භයානක දුක් අඳෝනා සහිත ශබ්ද ගැන විමසුවා. බුදුරජාණන් වහන්සේ මේ විදියට පිළිතුරු දෙනවා. "මහරජ! ඔබ බියට පත්වූයේ ලෝකුඹු නිරයේ අනන්ත අප්‍රමාණ දුක්විඳින සිවුදෙනෙක්ගෙන් නිකුත්වන බියකරු අඳෝනා නිසාය. එදා සැවැත්නුවර විසූ ධනවත් සිටුවරුන් සිවුදෙනෙකුගේ් පුතුන් සිවු දෙනෙක්, කාමය වරදවා හැසිරීම නමැති තෙවන පන්සිල් පදය දරුණු ලෙස කඩකිරීම නිසා ලෝකුඹු නිරයට ගොස් විඳින අනන්ත දුක් වේදනා හා අඳෝනායි ඔබට ඇසී ඇත්තේ. අන් අඹුවන්ගේ පහස සොයා යාමේ පාප කර්මයේ විපාක, අද මේ සිටුකුමාරවරු සිවු දෙනා ලෝකුඹු නිරයේ සිට විඳීති. අන් අඹුවන් සේවනය කිරීමට යන්නන්ට මෙවන් අසීමිත දුක් වේදනාවන්ට මුහුණදීමට සිදුවේ. මෙවන් දුෂ්ට පාපතර ක්‍රියාවන්හි නිරතවන්නට ලැබෙන දරුණු දඬුවම් විඳින විට නැගෙන අඳෝනාවලට තමයි ඔබ සවන් දුන්නේ" කොසොල් රජතුමාට කරුණු පැහැදිලි වුණා. තමා සිදුකරන්නට උත්සාහ කළේ කෙතරම් පාපතර ක්‍රියාවක්දැයි කියලා රජතුමාට ඒත්තු ගියා. ‘තථාගත බුදුපියාණන් වහන්ස! නිදි නොලබා සිටිනවිට රාත්‍රී කාලය කෙතරම් දිග දැයි මට වැටහුණා’ යැයි පසේනදී රජු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළා. ඒත් එක්කම බුදුන් වහන්සේ සහ රජතුමා ටිකක් ඈතින් රැඳී සිටිය තරුණ ස්වාමි පුරුෂයා බුදුන් වහන්සේ අමතමින් ‘අනේ බුදුපියාණනි කුමුදුමල් සහ අරුණාවතී පස් සොයා ගන්නට මා යොදුනක් ඇවිද්දා. මා ඒ ගමනින් හෙම්බත් වුණා’ යැයි කියලා ප්‍රකාශ කරනවා. ඊටපස්සෙ තමයි උන්වහන්සේ "නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නා වූ මෝඩයන්හට සසර දිගය" යන අරුත දැක්වෙන ගාථාව දේශනා කරන්නේ...

source
http://yeslahiru.blogspot.com/2013/04/blog-post_25.html

 
Last edited:

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ප්‍රශ්නයක්, ඉස්සර රජවරු අන්තප්පුර දාගෙන බිසෝවරු දහස් ගනන් තියන් හිටපු එක කාමයේ වරදවා හැසිරීමට වැටෙන්නේ නැද්ද?
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ප්‍රශ්නයක්, ඉස්සර රජවරු අන්තප්පුර දාගෙන බිසෝවරු දහස් ගනන් තියන් හිටපු එක කාමයේ වරදවා හැසිරීමට වැටෙන්නේ නැද්ද?

    නැහැ සහෝ...ඒ බිසෝවරැන්ගේ ස්වාමි හිමිකම තියෙන්නේ කාටද ..එයා එක්ක මොනවා කරත් ඒක වැරැද්දක් වෙන්නේ කොහොමද ?:rolleyes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නැහැ සහෝ...ඒ බිසෝවරැන්ගේ ස්වාමි හිමිකම තියෙන්නේ කාටද ..එයා එක්ක මොනවා කරත් ඒක වැරැද්දක් වෙන්නේ කොහොමද ?:rolleyes:

    :yes::yes::yes:

    එක කාන්තාවක් එක්ක විතරක් හැසිරෙන්න කියල බුදු බනේ නැද්ද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes::yes:

    එක කාන්තාවක් එක්ක විතරක් හැසිරෙන්න කියල බුදු බනේ නැද්ද?

    තමන්ගේ භාර්යාවන් එක්ක පුලුවන්...ආර්ථික හැකියාව තියෙන අයට භාර්යාවෝ ගොඩක් ඉන්න පුලුවන්නේ..ඉස්සර ඉන්දීය සංස්කෘතිය තුල ඒ වරප්‍රසාදය ඉහළ අයට තිබ්බා......ඉහල කුල වල අයට..සාමාන්‍ය බහුතරයක් අයට හිටියේ එක භාර්යාවයි. බුදුදහම ගොඩක් වෙලාවට දේශනා වුනේ පැවති ඉන්දීය සංස්කෘතිය තුලනේ සහෝ....:yes:
    බුදු දහම තුල තහනම් කාම මිත්‍යාචාරය විතරයි..;)
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තමන්ගේ භාර්යාවන් එක්ක පුලුවන්...ආර්ථික හැකියාව තියෙන අයට භාර්යාවෝ ගොඩක් ඉන්න පුලුවන්නේ..ඉස්සර ඉන්දීය සංස්කෘතිය තුල ඒ වරප්‍රසාදය ඉහළ අයට තිබ්බා......ඉහල කුල වල අයට..සාමාන්‍ය බහුතරයක් අයට හිටියේ එක භාර්යාවයි. බුදුදහම ගොඩක් වෙලාවට දේශනා වුනේ පැවති ඉන්දීය සංස්කෘතිය තුලනේ සහෝ....:yes:
    බුදු දහම තුල තහනම් කාම මිත්‍යාචාරය විතරයි..;)

    :):) thanks bro
     

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    තමන්ගේ භාර්යාවන් එක්ක පුලුවන්...ආර්ථික හැකියාව තියෙන අයට භාර්යාවෝ ගොඩක් ඉන්න පුලුවන්නේ..ඉස්සර ඉන්දීය සංස්කෘතිය තුල ඒ වරප්‍රසාදය ඉහළ අයට තිබ්බා......ඉහල කුල වල අයට..සාමාන්‍ය බහුතරයක් අයට හිටියේ එක භාර්යාවයි. බුදුදහම ගොඩක් වෙලාවට දේශනා වුනේ පැවති ඉන්දීය සංස්කෘතිය තුලනේ සහෝ....:yes:
    බුදු දහම තුල තහනම් කාම මිත්‍යාචාරය විතරයි..;)
    :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    "නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නා වූ මෝඩයන්හට සසර දිගය"

    :yes::yes::yes:
     
    Last edited: