කොසොල් රජුගේ සිහිනය

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    කොසොල් රජුගේ සිහිනය

    ''ස්වාමීනී මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වාමීනි මේ සිහිනයේ තේරුම කුමක්ද?''
    ''රජතුමනි අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන්
    සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා.මෙසේ ශාස්තෲන්වහන්සේලගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවා දීම තමයි මෙම සිහිනයේ තේරුම.''


    21751285_1610210129030461_6175084344466144390_n.jpg
     
    • Like
    Reactions: masterit

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උඩ බලාගෙන කෙල ගහන්න කැමති නැති නිසා මුකුත් නොකියා ඉන්නවා
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    හැමදේම පිරිහෙනව. හාමුදුරුවො කියන්නෙත් උඹල අපි වගේම මිනිස්සුනෙ බං. බන දැන ගත්තට රහත් වෙලා නෑනෙ. :sorry::sorry::sorry:
    සිත නිවන කතා :(:(:(
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සාමණේර භික්ෂූන් ‘දණ්ඩපාතයේ‘ යොදවා බූරු පොලේ තෝං ගන්නා එකා සේ බන්ධුල ගුණවර්ධන සහ ගාමිණි ලොකුගේ නමැති තක්කඩියන් දෙදෙනා මුදල් ගසා කන ආකාරය දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේඑහිදී භික්ෂූන් පිණ්ඩපාතයේ යෙදෙනවා යැයි සිතා එක් උපාසිකාවක විසින් භික්ෂු පාත්තරයට දමන ලද දානමය ආහාර පාර්සලයක් බන්ධුල ගුණවර්ධන විසින් ඉවත් කරන ආකාරයත් මුදල් පමණක් එකතු කරන ආකාරයත් මෙම වීඩියෝවේ දැක්වේ. මෙය නිසැකවම සූත්‍ර පිටකයේ, සංයුත්ත නිකායේ, මාර සංයුත්තයේ සඳහන් පරිදි බුදු රජාණන් වහන්සේ පංචශාලා බමුණු ගමෙහි පිණ්ඩපාතයේ වඩිද්දී මාරයා පැමිණ බමුණු ගමේ මිනිසුන්ගේ සිත පිණ්ඩපාතය නොදීමට පෙළැඹෙව්වා හා සමාන ක්‍රියාවක් නොවේද? බන්ධුලලා වැනි නූතන මාරයන්ට සාමනේර භික්ෂූන් ලබන පිණ්ඩපාතය ඉවත් කර සංඝයාගේ පාත්තරයට අද දාගෙන දණ්ඩපාත මුදල් ගරා ගත හැකිද..?




    :angry::baffled::baffled: