කොසොල් රජු දුටු සිහින
ත්‍රිපිටකයේ ජාතක පාලියේ හැත්තෑ හත්වන ජාතකය වන මහා සුපින ජාතකයේ සඳහන් කොසොල් රජු දුටු සිහින දහසයත්, බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරන ලද එම සිහින වල අර්ථයත් මෙසේ දක්වා සිටිමි.
කොසොල් රජ තමා දුටු සිහින වල විපාක කවරේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූ කල.. මේ සිහිනවල විපාක ඔබගේ කාලයේදී හෝ මාගේ කාලයේදී නොවන බවත්, අනාගත කාලයේ නොදැහැමි දිළිඳු (ගුණ ධර්මයෙන්, කුසල් බලයෙන් දිළිඳු ) රජවරුන්ගේ සහ නොදැහැමි දිළිඳු මිනිසුන්ගේ කාලවල සිදුවන බවත් උන්වහන්සේ දේශනා කල සේක...
පළමුවැනි සිහිනය
ගොනුන් සතර දෙනෙක් යුද්ධ කරමුයි (පොරකමුයි ) කියා සතර දිශාවෙන් රාජාංගනයට (රජ මාලිගයේ මිදුලට ) පැමිණියහ. මේ ගොන් පොරය බලන්නට මිනිසුන් එහි රැස්වූ විට යුද්ධ කරන ආකාරයක් පමණක් පෙන්වා යුද්ධ නොකර තප්පුලා පලා ගියහ.
විපාකය (බුදු රජුන් වදාළ පරිදි )
අනාගතයේනොදැහැමි දිළිඳු රජුන්ගේ කාලවල නොදැහැමි මිනිසුන්ගේදිළිඳු කාලවල කුසල් යටපත්ව අකුසල් ඉස්මතුවී ලෝකය පිරිහෙනවා. වැසි වසින සේ හතරවටින් වැහිවලා තිබුනත්, විදුලි කෙටුවත් ගෙරෙව්වත් වර්ෂාව වහින්නේ නැහැ. මෙයයි මෙහි සරල තේරුම.
දෙවන සිහිනය
කුඩා ගස්ද, පැළ ගස්ද පොලොවෙන් රියනක් පමන උඩට වැඩී මල් පිපේ, ගෙඩි හට ගනියි.
විපාකය
ලොව පිරිහෙන කල්හි මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා. මිනිස්සු තියුනු රාගයෙන් යුක්ත වෙනවා. ඒ නිසා කුඩා ගැහැණු දැරිවියෝ පුරුෂයන් අතරට ගොස් ගැබිනියන් වී දූ දරුවන් හදනවා.
තුන්වැනි සිහිනය
එළදෙනුන් දිනක් පමණ වයසැති වසු පැටවුන්ගෙන් කිරි උරා බීම.
විපාකය
අනාගතයේ කුල දෙටුවන් (මව, පියා) පිදීමේ සිරිත් නැති වෙනවා. දෙමාපියන් කෙරෙහි හෝ ඥාතීන් කෙරෙහි ලැජ්ජා බිය නොමැතිව තමාට සිත් වූ පරිදි ආවාහ විවාහ සිදු කරගනියි. තමන්ට කැමති නම් පමණක් දෙමාපියන්ට ආහාර පානාදියෙන් සලකයි, නොමැතිනම් එසේ නොකරයි. එනිසා වයසට ගිය අසරණ වූ දෙමාපියන්ට ස්වාධීනව සිටීමට නොහැකිව දූ දරුවන් සතුටු කොටම (ඔවුන්ට අවශ්‍ය පරිදිම ) ජීවත් විය යුතුයි.
සිව්වැනි සිහිනය
ගැල ඉසිලීමට සමත් උස මහතින් යුතු ගොනුන් කරත්තයේ නොබැඳ, නුපුහුණු වූ ලාබාල වූ ගොනුන් ගැලෙහි යෙදවීම. ගැල ඉසිලීමට නොහැකිව ගොනුන් එතැනම ලැගීම.
විපාකය
අනාගත කාලයේ නොදැහැමි දිළිඳු රජවරුන්, නුවණැති පරම්පරා වශයෙන් කටයුතු දක්ෂ පුහුණු යුක්තිය පසිඳලීමෙහි සමත් ඇමතිවරුන්ට තනතුරු නොදෙයි. ධර්ම සභාවේද, විනිසුරු මඬුල්ලේද , වෙළෙඳ ව්‍යාපාරයෙහිද දක්ෂ වැඩිහිටි ඇමතියන් නොයොදයි. තරුන, නුපුහුණු, නුසුදුසු පුද්ගලයන් ඒ ඒ ඇමති තනතුරට පත්කරයි. මේනිසා ඒවායේ දියුණුවක් ඇති නොවේ.
පස්වැනි සිහිනය
ශරීරයේ දෙකෙලවරෙහිම කට ඇති අශ්වයෙකු කට දෙකෙන්ම ආහාර බුදියි.
විපාකය
අනාගතයේ නොදැහැමි රජවරුන්ගේ කාලයේ නොදැහැමි චපල මිනිසුන් විනිසුරුවන් ලෙස යොදවයි. පින් පව්, හොඳ නරක, යුක්තිය අයුක්තිය නොසලකන ඔවුන් විත්තිය, පැමිණිල්ල යන දෙපක්ෂයෙන්ම අල්ලස් ගනී. නිවැරදි තීන්දු නොදේ.
හයවැනි සිහිනය
මහජනයා එක්ව (කහවණු ) ලක්ෂයක් වටිනා රන් තැටියක් මුත්‍රා කිරීම සඳහා නාකි නරියෙකුට දේ.
විපාකය
අනාගත කාලයේ අසමජාති රජවරු කුලවතුන්ගේ පුතුන් සලකා තනතුරු නොදෙයි. කුලහීනයෝ උසස් කරති. මේ නිසා කුලවතුන් දුප්පතුන් වේ. ඒ අයට දිවි රැකීමට නොහැකිව එකී පහත් ගතිවලින් යුතු නුසුදුසු අය සමග ආහාහ විවාහ වනු දැකිය හැකියි.
හත්වැනි සිහිනය
මිනිසෙක් ලණුවක් අඹර අඹරා පාමුල දමයි. ඔහු හිඳ වාඩිවී සිටින පුටුව යට ලැග සිටින බඩගින්නෙන් පෙළෙන හිවලෙක් මිනිසාට නොදැනෙන සේ ලණු කා දමයි.
විපාකය
අනාගත කාලයේ ස්ත්‍රීන් පුරුෂයන් කෙරෙහි ලොල් වනවා, තදින් ඇලෙනවා. සුරාවේ ඇලෙනවා. අලංකාරයට ලොල් වනවා. වීථි සංචාරයේ ඇලෙනවා. සිල්වත් වන්නේ නෑ. සංවරයක් විනයක් නෑ.පස්කම් සැපෙහි ලොල් වී තම සැමියන් දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් ධනය දේපල හොර සැමියන් සමග එකතුවී විනාශ කරති.
අටවැනි සිහිනය
රජ මාලිග මිදුලේ හිස් භාජන මැද තැබූ ජලය පිරී ඇති ඉතිරෙන මහ සැළියටම හතර දිශාවෙන් මිනිසුන් පැමිණ ජලය ගෙනවිත් පුරවයි. හිස් භාජන දෙස බලන්නේවත් නැත.
විපාකය
අනාගතයෙහි ලෝකය පිරිහෙයි. රජවරු දුප්පත් වෙයි. භාන්ඩාගරය හිස් වෙයි. මෙනිසා ධන හීන රජවරු තමන්ගේ කාර්යයන් ජනතාව ලවාම කරවයි. මෙයින් පීඩාවට පත් ජනයා තමන්ගේ රැකියා කටයුතු අත්හැර රජු සඳහාම වගා කරමින් ඔවුන්ගේම අටු කොටු පුරවයි.
නමවැනි සිහිනය
පස් පියුමෙන් ගැවසුනු හම පැත්තෙන්ම තොට ඇති පොකුණකි. දෙපා සිව්පා සත්තු එහි පැමිණ වටෙන්ම පොකුණට බැස වතුර බොති. ඒ පොකුණෙහි මැද ගැඹුරු තැන වතුර කැළඹී තිබුනත් සතුන් වතුර බොන තැන් ඉතා පැහැදිලිව ඇත.
විපාකය
අනාගතයේ රජවරු අධාර්මිශ්ඨ වෙයි. ඔවුන් ඡන්දය, ද්වේශය, මෝහය, භයයන සතර අගතියෙන්ම ක්‍රියා කරති. දැහමින් රට පාලනය නොකරති. අල්ලසට ධනයට ගිජු වෙති. ඉතා සැර පරුෂ වෙති. උක් යන්ත්‍රයක මිරිකෙන උක් දඬු මෙන් ජනයා තලා පෙළා නොයෙක් විදියෙන් අය බදු ගනී. මෙයින් පීඩාවට පත් ජනයා ගම් නියම් ගම් අත්හැර පිටිසරට පළා යයි(රට අත හැර යයි ).
දහවැනි සිහිනය
එකම හට්ටියක පිසෙන බත තුන් ආකාරයකින් පිසෙනු දකින ලදි. එක කොටසක් හොඳින් තැම්බෙයි, තව කොටසක් ඉතා අමුයි, තවත් කොටසක් ඉතා තෙත්ය.
විපාකය
අනාගත කාලයේ රජවරු අධාර්මික වෙයි. ඔවුන් අධාර්මික වන විට රාජකාරියෙහි යෙදුණු අයද, බමුණු නැහැවියන්ද, දෙවියන්ද අධාර්මික වෙයි. නොදැහැමි රාජ්‍යයේ සුළඟද රළුව හමයි. වාතය දූෂනය වෙයි. සුදුසු කල්හි නිසි ලෙස වැස්ස නොලැබෙයි. වැව් ඉහත්තාවේ වැසි වසින විට යට කොටසට වැසි නොවසියි. යට කොටසට වසින විට මතු කොටසට නොවසියි.
බිනර මස පුන් පොහෝ දිනය වෙනුවෙන් එලකිරි සාමාජිකයන් වෙත පිදෙන ධර්ම දානයයි...
...කොසොල් රජු දුටු සිහින...