කොහෙද මල්ලේ ඩොලර්

මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්රස්තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය.
නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්රස්තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි රණවිරුවන් "අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස් සටන අපට භාරදී යළි වඩින්න"යෑයි ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ.
එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්ඩෝ බලඇණියක් මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු වූයේ කුමක්ද? රතන හිමි ඇතුළු කණ්ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ සුළඟවත් ඇඟ වදින්නට අවස්ථාවක් නොලැබිණි.
එක්වරම එල්ටීටීඊ ත්රස්තයන් එල්ල කළ කාලතුවක්කු වර්ෂාවක් මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි නිසා පෙරට ගිය කොමාණ්ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක් මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ ගත්හ.
මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක් බලා සිටියෙමි. එදා කොටි ත්රස්තයන්ගේ කාලතුවක්කු උණ්ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස් ඇති සේය.
එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්ඩායමක් සමඟ වෙනතක ගොසිනි.
එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ කතාවක් අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින් වෙනස් කළහොත් හොඳ යෑයි යන්න පමණි.

mahinda wage horekta kade yanneth horuma thama..