කොහෙද මල්ලේ ඩොලර්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොහෙද මල්ලේ ඩොලර්

    10846398_482784625192780_613126405881229948_n.jpg

    මාවිල්ආරු සටන ඇවිලුණු මොහොතේ සිදුවූ තවත් දෙයක්‌ද මගේ මතකයට නැගෙමින් තිබේ. කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්‌ථාවේ දේශප්‍රේමයෙන් රත්වූ අපේ අතුරලියේ රතන හාමුදුරුවෝ එය යළි විවෘත කරන්නට මේ මන්සන්ධිය ඔස්‌සේ මාවිල්ආරු යන්නට ආහ. අද ආණ්‌ඩුවෙන් පිටතට පා තබා සිටින ජාතික හෙළ උරුමයේ ඇතැමුන්ද ඒ ගමනේදී රතන හිමියන් පසුපස විය.
    නමුත් රතන හිමියන් ඒ ගමන යන්නට පැමිණි මොහොතේ ත්‍රස්‌තයන් වනසා දැමීමේ සටන ඇරඹීමට සූදානමින් සිටි රණවිරුවන් "අනේ හිමියනේ ඔබ වහන්සේ ඔය ගමන නොගොස්‌ සටන අපට භාරදී යළි වඩින්න"යෑයි ආයාචනා කළේය. එහෙත් එය නෑසූ රතන හිමි ඇතුළු පිරිස මාවිල්ආරු යන්නට සැරසුණහ.
    එහිදී හමුදාව කළේ සැළසුම්සහගත යුද්ධය ඇරඹීමට පෙර රතන හිමි ඇතුළු පිරිසේ ආරක්‍ෂාව වෙනුවෙන් අකමැත්තෙන් වුව දෙසීයක පමණ කොමාණ්‌ඩෝ බලඇණියක්‌ මාවිල්ආරු දෙසට යෑවීමය. නමුත් අවසානයට සිදු වූයේ කුමක්‌ද? රතන හිමි ඇතුළු කණ්‌ඩායමට මාවිල්ආරු සොරොව්ව වෙත යැම තබා ඒ දෙස සිට හමා ආ සුළඟවත් ඇඟ වදින්නට අවස්‌ථාවක්‌ නොලැබිණි.
    එක්‌වරම එල්ටීටීඊ ත්‍රස්‌තයන් එල්ල කළ කාලතුවක්‌කු වර්ෂාවක්‌ මාවිල්ආරු සීමාවට පතිත විය. රතන හිමි නිසා පෙරට ගිය කොමාණ්‌ඩෝ සෙබළුන් සියයක පමණ පිරිසක්‌ මාවිල්ආරු බිමේදී සතුරාට ගොදුරු වී මරු වැළඳ ගත්හ.
    මම මාවිල්ආරු සොරොව්ව දෙසට විහිදී ඇති ඒ පටු මාවත දෙස මොහොතක්‌ බලා සිටියෙමි. එදා කොටි ත්‍රස්‌තයන්ගේ කාලතුවක්‌කු උණ්‌ඩ ඇද වැටුණු ඒ මඟ මේ මොහොතේ නැගෙනහිර බිම පුරා අලුයට පැතිරී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්නෙන් නැඟෙන දුමාරයෙන් වැසී ගොස්‌ ඇති සේය.
    එහෙත් දේශප්‍රේමයෙන් ඔදවැඩී කොටි ත්‍රස්‌තවාදය හමුවේ වීරයකු වන්නට දඩබ්බර ලෙස මාවිල්ආරු ගිය රතන හිමි අද සිටින්නේ නැගෙනහිර යථාර්ථය දැක, දැනත් කොටි ත්‍රස්‌තවාදය නැසූ මහින්ද ද හැර දමා හෙළ උරුමයේ කණ්‌ඩායමක්‌ සමඟ වෙනතක ගොසිනි.
    එල්ටීටීඊය ඉදිරියේ වීරයන් වන්නට ගිය රතන හිමි, චම්පික ඇතුළු සිංහල බෞද්ධ හෙළ උරුමයේ ඇතැමුන් මේ යන ගමන කුමක්‌දැයි සිතාගත නොහැකිව තිබෙන්නකි. "යන්නේ කොහෙද මල්ලේ පොල්" යනුවෙන් වූ කතාවක්‌ අපේ ජනවහරේ එයි. අපට සිතෙන්නේ ඒ කතාව දැන් "යන්නේ කොහෙද මල්ලේ ඩොලර්" ලෙසින් වෙනස්‌ කළහොත් හොඳ යෑයි යන්න පමණි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...