කොහෙවත් ගියෙ නැද්ද - වල්පොලමුල්ල

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වල්පොලමුල්ල කියන්නෙ කොහෙද

    මේක දැනට ලන්කාවෙ ජනගහ්නය අතින් කුඩාම ගම කියල සැලකෙනව. හේතුව මේ ගමෙ ඉන්නෙ එක පවුලක් විතරයි ස්තිරි පදින්චිය විදියට.
    මේක තියෙන්නෙ මාතලෙ රත්තොට පල්ලෙගම පාරෙ ( රිවස්ටන් පාරෙ ) පිටවල පතන පහුවෙල, දකුනට හැරිල ගියාම පිටවල ගමත් එතනින් තව කිමි 2ක් වගෙ ගියාම
    ඇටන්වල ගමත්, ඇටන්වලින් කදු පාරක ( පාරක් නෑ, කැලෑ අඩි පාරක් )තවත් කිමි 3ක් ගියාම.
    තවත් විදියකින් කියනව නන් මානිගල / දූවිලි ඇල්ලට යන්න තියන පාරත් මේකම තමයි. මානිගල ටිකක් ප්‍රසිද්ද හයික් එකක්.
    https://goo.gl/maps/Yecu7NAFesna4j8n7


    සැලකිය යුතුයි
    පහත සියලු දෑ පිටවල, ඇටන්පිටිය, වලපොලමුල්ල ගම් වාසීන්ගෙ කතා, ජනප්‍රවාද ඇසුරිනි.

    ඇත්ත බොරු මම දන්නෙ නෑ, අපිට ඉතින් වැඩකුත් නෑ

    යන්නෙ කොහොමද


    උබල අපි රිවස්ටන් ගිහින් තියනවනෙ, ඒ පාර ටිකක් අවුල් ඒත් යන්න පුලුවන්. පිටවල පතන ඉදන් ඇටන් වලට (~ 2 කිමි ) සමහර තැන් කොන්ක්‍රීට්,
    සමහර ඒව තාර, සමහර ඒව ඉන්ටලොක් ගල් ඔන්න ඔහොම
    ඇටන්වල ඉදන් ( 3කිමි ) පාරක් නෑ, විටක අඩි පාර, විටක, ගල් පඩි ඔන්න ඔහොම තියෙන්නෙ.
    මේ තියෙන්නෙ එක හරියක්



    මේක නැගගෙන ටිකක් ගියාම තැනිතලා අඩි පාරක් සෙට් වෙනව, නිකන් හරක් ඇවිදින පාරවල් වගෙ.
    ආයෙ කන්ද, ආයෙ තැන්න , ඔහොම තමයි

    මානිගල ලෙන්
    මන් කලින් කිව්ව වගෙ මානිගලට යන පාර තියෙන්නෙත් මේ රූට් එකෙම තමයි.
    මානිගල ගල් ලෙන් වගයක් තියනව, මේ ලෙන් බලන්න යන මාර්ගය දුශ්කරයි, එ වගෙම අදික සුලන්, ලිස්සල ගියොත්
    බඩු බනිස්.
    ගස්, මුල් අල්ලගෙන යන්න ඕන. ඒ ගියාම මරු වීව් එකක් හම්බෙනව ලෙන් වල මේ වගෙ.
    මෙකෙ දිවියො ඉන්නව කියල ඇටන්වල ගම්මු කියනව




    වල්පොලමුල්ල වැව
    ගමට ලන් උනා මේ වැව හම්බෙනව. මේක දැන් නන් හිදිල ගිහිල්ල
    ඒ වගෙම මේක වල්පොලමුල්ල කුබුරු වලට වතුර දුන්නද කියල හරි අවබොදයක් එ මිනිස්සුන්ට නෑ.
    වහින කාලෙට කරවටක් වතුර තියනව කියල ඒ ගොල්ලො කියනව



    වල්පොලමුල්ල ගෙවල්
    දැනට ඉතුරු වෙල තියෙන්නෙ ගෙවල් 2යි.
    එකක් මේ, මේකෙ අයිතිකරය දැන් මේක කෑම්පින් සයිට් එකක් විදියට යූස් කරන්නෙ,
    ස්තිරි පදින්චි නෑ.



    අනික් ගෙදර ඉන්නෙ දැනට ගමෙ ඉන්නෙ එකම ස්තිර පදින්චි කාරය

    අනික් ගෙදර ඉන්නෙ දැනට ගමෙ ඉන්නෙ එකම ස්තිර පදින්චි කාරය.
    වල්පොලමුල්ලෙ උඩහගෙදර මාප මුදියන්සෙලාගෙ දසනායක ( සර්ට් නැතුව ඉන්න එක්කෙනා )
    මේ සර්ට් කාරය ඇටන්වල ගමෙ පදින්චිකාරයෙක්, නම සෙනෙවිරත්න. සෙනෙවිරත්නගෙ නන්ගි කෙනෙක් තමා දසනායක ලොක්ක බැදල ඉන්නෙ




    අතීත වල්පොලමුල්ල, මාපාහාමි යොදයා ( දසනායකගෙ මුත්තගෙ මුත්තා )

    දසනායක උන්නැහෙ කියන්නෙ මේ ගම අවුරුදු 500ක්ට වඩා පරනයි කියල.
    ඒ වගෙම සින්හලෙ අන්තිම රජා වෙච්ච ශ්‍රී වික්‍රම රාජසින්හ කාලෙ මේ පලාතෙ කෝරලෙ උන්නැහෙ විදියට
    ඉදල තියෙන්නෙ මාපාහාමි කියල යෝදයෙක්. මාපාහාමි යෝද උන්නැහෙගෙ පදින්චියත් වල්පොලමුල්ලම තමයි.
    ඉතින් ශ්‍රී වික්‍රම රාජසින්හ දලදා මාලිගාව හදන්න රටේම ඉන්න ෆිට්නස් පොරවල් වලට මාලිගවට එන්න කියල නියම කරාලු.
    දැන් මෙ මාපාහාමි ලොක්කට රජ අනට කිකරු වෙල යන්නත් ඕන. ඒ වගෙම පොර පහුවෙනිද අලුතින් කැලෙ කපල හේනක්
    හදන්නත් ප්ලැන් කරන් හිටියලු.
    වැඩ දෙකම වෙන්න ඕන නිස, මාපාහාමි එක වරුවෙන් කැලෙ සුද්ද කරල, පහුවෙනිද ගියාලු මාලිගාවට.
    කැලෙ සුද්ඩ කරා කියන්නෙ මෙහෙමයි.
    කුරහන් ටික ඉහලා, ඉට පස්සෙ ගස් ටික අතින් ඇදල ගැලෙව්වලු.
    ගලවන ගස් හයියෙන් ගැසුවලු, එතකොට ඒ මුල් වල පස් වලින් කුරහන් ඇට වැහෙනවනෙ
    වැඩෙ කම්ප්ලීට්

    මෑතකාලීන වල්පොලමුල්ල

    මෙකෙ ඉදල තියනව පවුල් 7ක්.
    දසනායක ලොක්ක කියන විදියට 2010 වගෙ වෙනකම්ම ඉදල තියනව.
    මේ ගම හිස් වෙන්න එක හේතුවක් විදියට පොර කියන්නෙ අලි කරදර.
    දැන් ගමෙ හැදෙන කුරහන් ටිකක්, වී ටිකක් විකුනන්න කිමි 3ක් කැලෙ කදු පාරවල යන්න ඕන.
    එහෙම යන ගමන්, දවසක අලිය කෙලල මේ දසනායක ලොක්කගෙ සීය කෙනෙක් කකුල කඩාගෙන ඔත්පල වෙනව.
    මේ නිසා පවුල් ඔක්කොම වල්පොලමුල්ල ඇතෑරල ඇටන්වල, පිටවල ගම් වල පදින්චි උනා කියල කියනව

    වර්තමාන වල්පොලමුල්ල


    දැනට ඉන්නෙ අපෙ දසනායක ලොක්ක විතරයි.
    මිනිග කුබුරු ටිකක් කරගෙන ඉන්නව, එයයි, එයාගෙ පවුලයි තමා සේරම කරන්නෙ
    ගොයම් කපන්නෙ, වී කොටන්නෙ වන්ගෙඩි වල.
    ඒත් මිනිහ වී විකුනන්නෙ නැ, හෙතුව මිනිහට ලාබයක් නැ වී ටික කන්දෙන් පහලට ගෙන්න ගියාම
    එහෙම ගේන්නත් බැ, වී ගොනි කරෙ තියන කදු බහින්න බෑනෙ
    පොර දැන් කරන්නෙ මිනිහගෙ ගෙදර කෑම්පින් වලට දෙනව
    කෑම උයල දෙනව නවතින අයට.

    ඉතාම සරලව කෙටියෙන් කියල තිය්න්නෙ

    වල්පොලමුල්ල විස්තර නන් එමටයි, ඔක්කොම මේකෙ දාල නෑ.
    උබල යනව නන් ගිහින් දසනායක ලොක්කගෙ ගෙදර නැවතිල ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුලුවන්.
    දසනායක කියන විදියට වල්පොලමුල්ලෙන් පටන් ගත්තම බකමූන, මොරගහකන්ද පැතිවලට යන්න පුලුව්න කදු පාරවල් තියනවලු
    මට පෙන්නුව එහෙම පාරවල්, අතනින් එහෙමයි, මෙතනින් එහෙමයි.

    යන කෙනෙකුට උපදෙස්
    මේ හරියෙ බලන්න දේවල් එමටයි
    මානිගල, වල්පොලමුල්ල. දූවිලි ඇල්ල, තුන්හිස් ගල
    එ වගෙම අවදනම්, වල්පොලමුල්ලට නන් පාර හිතාගන්න ලේසියි. වරදින්න විදියක් නෑ
    මම ගියෙත් ඇටන්වල ගමෙ මිනිස්සු 2-3ක කත කරල, පාර හරියට කන්ෆර් කරගෙන.
    හැබැයි දූවිලි ඇල්ල දුශ්කරයි, තුන්හිස් ගල අතිශය දුශ්කරයි
    තුන්හිස් ගල යන්න කොලිෆයිඩ් 1-2ක් වගෙ තමා ඇටන්වල ගමටම ඉන්නෙ. අර උඩ කියපු සෙනෙවිරත්න එයින් එක්කෙනෙක්



    Gallery https://photos.app.goo.gl/6Sgz9Ki6kwGsRJT97



    "මෙ රටෙ මිනිස්සු මැරෙන්නෙ , මේ රට වත් හරියට දකින්නෙ නැතුව"
    comrade samantha widyarathna

    ------ Post added on Aug 1, 2023 at 10:24 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ කවුද මේ බදාගෙන ඉන්නේ?

    AIL4fc-9gT1qjrjLOOc-8wjinP1yVO5UynMYgAm9cQT3IhITapeAcFvdayMKqlLMJvh6bKalTwrfHAqtEvDU_HSokuVa3ZOWlVrUuzQyy5g2zfBytlCXONO5ARNYJ6E2eMUv7-3xhZpVLqsDwm7C5k5OXrvl=w1044-h587-s-no
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ කවුද මේ බදාගෙන ඉන්නේ?

    AIL4fc-9gT1qjrjLOOc-8wjinP1yVO5UynMYgAm9cQT3IhITapeAcFvdayMKqlLMJvh6bKalTwrfHAqtEvDU_HSokuVa3ZOWlVrUuzQyy5g2zfBytlCXONO5ARNYJ6E2eMUv7-3xhZpVLqsDwm7C5k5OXrvl=w1044-h587-s-no

    මේ පිටවල පතන බන්, එහෙත් ලෝකාන්තයක් තියනව
    අද පෝය නිසා සූ ගාල සෙනග

    මුන් මෙතනින් යන පාටක් නෑ, ඒ නිසා උනුත් එක්කම ලෝකාන්තෙ පොටො එකක් ගැහුව


    සුපුරුදු පරිදි වටින ත්‍රෙඩ් එකක්.

    දසනායකට ලොක්කා ලොක්කා කීවට මටනම් පේන්නේ සොලෝ දඩෝරියා දසනායකටත් වඩා නාකියෙක්ද කොහෙද

    දසනායක ලොක්කට 52ක්
    හොයන්න බැ නෙහ්

    කිතුල් රා, දඩමස්, කුරහන් රොටි පවර් එක