කොහෙවත් ගියෙ නැද්ද - රිටිගල

AnuradhaRa

Well-known member
  • මරු බන් උබ ගියාද ? :love2: මාත් ගිහින් තියෙනවා මීට අවුරුදු 4කට විතරකලින්
    මේ දැං කරුවල වැටීගෙන එනකොට අරුන් ටික බස්වලින් එයි

    බස් දහයකට වැඩියි මං හිතන්නෙ

    පාන්දර තුනාමාරට නැගිටල බස් බැලුව මම

    බස් පහක් විතර එහාට මෙහාට ගියා. ගේ ගාවත් එකක් නතර කරල තිබුණ

    කට්ටියට ලේසි වෙන්නෙ තැන් තැන්වල බස් නවත්තල තිබුණ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මේ දැං කරුවල වැටීගෙන එනකොට අරුන් ටික බස්වලින් එයි

    බස් දහයකට වැඩියි මං හිතන්නෙ

    පාන්දර තුනාමාරට නැගිටල බස් බැලුව මම

    බස් පහක් විතර එහාට මෙහාට ගියා. ගේ ගාවත් එකක් නතර කරල තිබුණ

    කට්ටියට ලේසි වෙන්නෙ තැන් තැන්වල බස් නවත්තල තිබුණ
    උබ ගියෙ නැත්තෙ ඇයි ? උබ මහ ගොනෙක්නෙ බන්. උබලෑ අම්ම ගියාද ? නංගියි මස්සිනයි ?
     

    AnuradhaRa

    Well-known member
  • උබ ගියෙ නැත්තෙ ඇයි ? උබ මහ ගොනෙක්නෙ බන්. උබලෑ අම්ම ගියාද ? නංගියි මස්සිනයි ?
    මං ආස නෑ බං
    අම්මල ගියෙත් නෑ එයාලට අමාරුයි

    ඉස්සෙල්ල උඹ මට පිස්සෙක් කිව්ව
    දැං ගොනෙක් කියනව
    තව මොනාහරි කියපංකො බලන්න හොද වැඩක් කරන්න මම 😅
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මං ආස නෑ බං
    අම්මල ගියෙත් නෑ එයාලට අමාරුයි

    ඉස්සෙල්ල උඹ මට පිස්සෙක් කිව්ව
    දැං ගොනෙක් කියනව
    තව මොනාහරි කියපංකො බලන්න හොද වැඩක් කරන්න මම 😅
    කොහෙ හරි පලයන්. කෝචියක බස් එකක දුර ගිහින් එන්න. මීගමුවෙම කොච්චර බලන්න තැන් තියෙනවද. අන්තිමට ට්‍රිප් එකක් ගියෙ කවද්ද ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    උෂ්ණත්වය වැඩි නැත්ද ඔහෙට යන පාරෙ මේ දවස් වල.
    රිටිගල ලගට යනකන්ම පට්ට රස්නෙ

    කන්ද නගින්න ගත්ත ගමන් රස්නෙ කොහෙන් ගියාද කියල නෑ..

    සුපිරි ගමන් නේද සෝලො.. හොටෙල් වන්දනාවක් එහෙම දැම්මෙ නෑ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    රිටිගල කියන්නෙ කැලයක් :nerd:





    කැලයක් කිව්වට කැලයක්ම නෙවෙ, කන්දක්, කැලයෙන් වැසුන කන්දක්
    පොඩි කාලෙ උගන්නන්නෙ උතුරු මැද, ඌව පලාත් වල ශේෂ කදු කියල, එ වගෙ කදු පන්තියක, පීක් එක තමයි රිටිගල කියන්නෙ
    එ වගේම මද්‍ය කදුකරෙ ඉදන් ඉන්දියාව වෙනකන් උතුරු පැත්තර ආවොත්, හම්බෙන උසම තැනත් රිටිගල තමයි, උසින් අඩි 2500ක් විතර වෙනව

    අතීත රිටිගල
    අතීතෙ මෙතනට කීවෙ "අරිථ්ත පබ්බත" කියල
    අරිථ්ත කියන්නෙ දේවානම්පියතිස්සගෙ මහ ඇමතියෙක්, ඒ වගේම දේවානම්ප්පියතිස්ස බුදු දහම වැලද ගත්තට පස්සෙ මේ අරිථ්ත ඇමතියා මුලින්ම මහන වෙච්ච කෙනෙක් වන බවත්,
    මහන උනාට පස්සෙ එයාගෙ මහන ජීවිතය මේ රිටිගල කන්දෙ ගෙව්ව කියලත් කියවෙනව.
    මේ රිටිගල හැමතැනම තියන නටබුන් වලින්, එකල රාජ අනුග්‍රය ලබපු විහාර සන්කීර්න වල ශ්‍රී භූතියට දකින්න පුලුවන්.

    Legends
    එකක් තමයි, රාම රාවන යුද්දෙදි, තුවාල කාර්යොන්ට බේත් කොරන්න එක්තර පැලෑටියක්, එකෙ නම මතක නැ
    මේක ගෙන්න කිව්වලු හනුමට, මෙක තියෙනෙ ඉන්දියාවෙ. මූ පැලැටිය හොයාගන්න බැරි තැන, ඒ පැත්තම ගලොල ගෙනල්ල, ආපහු ාරන් යනකොට වැටුනලු කෑලි 2ක්.
    එකක් කන්නෙලිය, අනික මෙ රිටිගල.

    තව එකක්, මේ ප්‍රදෙශය පන්ඩුකාබය පොරගෙ මාමාවරු 8ත් එක්ක වලියට යනකොට, මේ හරියෙ හිටපු "යක්ශ" වරු පොරට උදව් කරාලු සෑහෙන්න.
    යක්ශ කියල කියන්න සුපර් හියුමන් බල තිබිච්ච ගෝත්‍රයක් කියල තමයි කියන්නෙ

    තව එකක්, ඒ කාලෙ මේකෙ පොරවල් 2ක් ඉදල තියනව, එකෙක් රිටිගල ජයසේන ( මුගෙ මුත්තා වෙන්ඩැති )
    අනිකා සෝම කියල ඒත් ගෝත්‍රික නායකයෙක්ලු. උන් දෙන්න කෙලගෙන, ජයසේන කියන එකා තමයි මෙතන පොර වෙලා තියෙන්නෙ

    කොහොමද යන්නෙ
    යන්නෙ මෙහෙම,
    https://maps.app.goo.gl/Xw3iq2FsQ2Ea6Ney5


    රිටිගල නටබුන්
    සුවිසල් පොකුනු, ආවාස ගෙවල්, ගල් ඇල්ලු මාර්ග, ගල් වලින් තැනු පාලම් මෙහි දකින්න පුලුවන්


    01. සුවිසල් පොකුනු

    අප්පට සිරි වෙන සයිස් මේක,
    අනුරාද පුර කුට්ටම් පොකුන මොන කෙහෙල්මලක්ද කියල හිතෙනව මේක දැක්කම
    ෆුට් බෝල් පිට්ටනියක් වගෙ ඇති, ගැලරිය බලන්න



    02. ගල් පාලම්

    මේ වගෙ පාලම් 2-3ක් තිබුන බව මතකයි, තනි ගල් ලෑල්ලෙන් හදල තියෙන්නෙ උඩ පලුව
    ඒ කාලෙ සෑහෙන්න තියෙන්නෙ ඇති,




    03. මාර්ග පද්දතිය
    මේ කන්ද උඩට යන මාර්ගය මෙහෙම තමයි තියෙන්නෙ
    මේකෙ ඇවිදගෙන යන කොට අමුතු වයිබ් එකක් එනව




    04. පදානගර / ආරාම / ආවාස / සමන්ත්‍රන ශාලා
    විවිද ප්‍රමාන වලින් දකින්න පුලුවන්




    වර්තමානය
    අද මෙතන වනසන්‍රක්ශන දෙපාර්තමේන්තුව වීසින් අදීක්ශනය යටතේ, ආරන්ය සේනාසනයක් තියනව, පුරා විද්‍යා එකේ කාර්‍යාලයක් තියනව
    කැමැති අයට ගිහින් බාවනා කරන්න පුලුව්න් ( යන්න කලින් මහ උන්නාන්සෙට කතා කරල, අවසර අරන් යන්න ඕන )
    එහෙම නැත්නන්, මේ කන්දෙ අක්කර 60ක් විතර ප්‍රමානයක්, සන්චාරකයන් සදාහා විවුර්තයි, අවසර පතරක් අරගෙන ගිහින් එව බලල එන්න පුලුවන්


    යන කෙනෙකුට උපදෙස්

    01. වාහන දාල යන්න පුලුවන් පල්ලෙහා, කිසි අවුලක් නැ, වන සන්‍රක්ශන ඔෆිස් එකක් පහල තියනව, ටිකට් ගන්න ඕන
    02. කිමි 2ක් වහෙ යන්න ඕන, පැයක වගෙ ගමනක්, පඩි නගින්න තියනව
    03. බොන වතුර අරන් යන්න
    04. ගයිඩ්ල ඕන නැ, උන් කියයි පාර හොයගන්න බැ, ගයිඩ්ල එක්ක යන්න්න කියල ( මෙක පුර විද්‍යා එවුනුත් එකතු වෙලා කරන වැඩක් )
    එහෙම ඕන නෑ, වරදින්න තැනක් නැ, දිගටම යන්න තියෙන්නෙ
    05. අවසර ලත් සීමාවෙන් එහාට යන්න එපා, වලස්සු, කොලි, අලි ඉන්නව
    06. පල්ලෙහ වොශ් රුම් තියනව



    ------------------------------------------------------------------------------------------------------------------------

    රිටිගල වැදගත්කම

    රිටිගල වැදගත්කම, රිටිගල වැදගත් කම දකින්න ඕනෙ පහත ආකාරයට
    01. රිටිගල දැඩි රක්ශිතයක්, හෙක්ටයාර 1500ක් පුරාවට පැතිරුන, 1941 දි ගැසට් කරල තියෙන්නෙ.
    02. වියලි/ තෙත් මිශ්‍ර සදාහරිත වන වැසමක් මෙහි දකින්න පුලුවන්. මෙක තියෙන්නෙ උතුරුමැද පලාතෙ වියලි කාලගුනෙ උනත්, මෙ කන්ද සහ පාමුල
    තියෙන්නෙ ඊට වඩා බොහොම තෙත් සහ සිසිලස සහිත කාලගුනයක්.
    03. උතුරු / උතුරු මැද පලාත් වල වැඩිම වර්ශාපතනය තියෙනෙන් රිටිගලට
    04. මෙහෙ වෙනව Orographic precipitation නිසා මේහෙටම සීමා වෙච්ච wet microclimate එකක්
    හුදකලා උසබිමක් වල වෙන දෙයක්, Orographic precipitation කියවල බලන්න
    05. ශක විශේස 337කින් සමන්විතයි, එතනින් 57ක් ලන්කාවට ආවෙනිකයි, එතනින් 3ක් රිටිගල ප්‍රදෙසයට ආවෙනිකයි.
    06. දිවියා ඇතුලු ක්ශීරපායි විශෙස 30ක්.
    07. කුරුලු විශෙශ 100ක්.
    08. සමනල් විශෙස 50ක්
    09. මත්සය විශෙස 20ක් මෙහි දකින්න පුලුවන්

    umba Sanjivani hoyanna giyada?
    https://en.wikipedia.org/wiki/Sanjivani_(Hinduism)