කොහොමද දීපු දීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොහොමද දීපු දීම



    2015 දී යහ පාලන ආණ්ඩුව මේ රටට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස තවමත් රටට දරාගත නොහැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.

    මේ ආණ්ඩුව ජනතාවගේ මනසේ නොමැති බව අවධාරණය කල පරණවිතාන මහතා ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ, කැබිනට් මණ්ඩලය ඇතුළේ හා අමාත්‍යාංශ ඇතුළේ තිබුණාම ඇතියි කියා බොහෝ අය සිතන බවද අමාත්‍යවරයා මෙහිදී මෙහිදී පෙන්වා දුන්නේය.

    වර්තමානයේ රට තුල ඇති වි තිබෙන දේශපාලන වෙනස සම්බන්ධයෙන් කොළඹ, නාරාහේන්පිට, වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී තව දුරටත් කතා කල කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය.

    ලොකු සද්ද බද්ද නැතිව අපි වැඩ කරලා තියනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස තාම මේ රටට දරාගන්න අමාරුයි. වෙන වැඩවලට තමයි හුරුවෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවගේ මනසේ නැහැ. සාමාන්‍යයෙන් අපිත් කල්පනා කරලා තියෙන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ කැබිනට් මණ්ඩලය ඇතුළේ ආයතනවල අමාත්‍යාංශ ඇතුළේ තිබුණාම ඇතියි කියලා. නමුත් ආණ්ඩුව ජන මනසේ තියාගන්න ගොඩක් අය වැඩ කළේ නැහැ.

    මොකද අපි බාහිර ප්‍රචාරයට ගියේ නැහැ, වැඩ කළා මිසක්. කෑ ගගහා දැගලුවේ නැහැ. දැන් අපිට පේනවා ඒ හඩත් අපිට ටිකක් අවශ්‍යයි කියලා. දැන් ඉදිරි කාලය ඉතාම තීරණාත්මක වේලාවක්. අද බැරෑරුම් ප්‍රශ්න රාශියක් රටට ඇවිත් තිබෙනවා. රටේ මේ වෙලාවෙ ඉන්න වෘත්තිකයො තම වගකීම් හිතට අරගෙන වැඩ කරන්නට ඕන. දේශපාලනය ගත්තොත් දේශපාලනයට තියෙන්නෙ ඕන යම් වෘත්තික භාවයක්. මම දැක්කා මේ දවස්වල සමාජ මාධ්‍යයේ තියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ හොරු. මේ හොරුන්ට අයිති නෑ අනික් අයගෙන් ප්‍රශ්න අහන්න වගේ දේවල්. එහෙම කතා කරලා හරියන්නෙ නැහැ. හොරු පාර්ලිමේන්තුවට යවලා පස්සෙ බැන බැන ඉදලා හරියන්නෙ නැහැ.

    ජනතාව මැතිවරණවල දී බලන්න ඕන කවුද තමන්ගෙ නියෝජිතයා. කවුද තමන්ගෙ ජනාධිපතිවරයා. කවුද තමන්ගෙ අගමැතිවරයා. මන්ත්‍රී මැති ඇමතිවරු හැටියට තෝරලා යවන්නෙ කවුද කියලා. එතනදි දේශපාලනයට යම් කිසි වෘත්තීක බවක් තියෙන්නට ඕන. දැනුම, හැකියාව තියෙන්නට ඕන. නිර්භීත බව තියෙන්නට ඕන. කෙලින් වැඩකරන්නට හැකියාව තියෙන්නට ඕන. දීපු වරප්‍රසාදවලට ජනතාවට වග වෙන්නට පුළුවන්කම තියෙන්නට ඕන.

    දැන් බලන්න මේ දවස්වල තියන ලොකුම ප්‍රශ්නය තමයි, කුරුණෑගල වෛද්‍යවරයාගේ ප්‍රශ්නය. ඉතින් ඒකෙදි විවිධ චෝදනා ගොඩක් තියනවා. අපි දන්නෙ නෑ ඒ ජනමාධ්‍ය වාර්තාව ද වැරදිද කියලා. ජනමාධ්‍ය වාර්තාව වැරදි නම් ඒක මහා භයානකයි. ඒ මාධ්‍ය ආයතනය තමන්ගෙ වෘත්තීය වගකීම කෙලසලා තියනවා. ඒ වගේම අපි දන්නෙ නෑ මේ චෝදනාව එල්ල කරපු පොලිස් නිලධාරියාද වැරදි කියලා. ඔහු වැරදි නම් ඒකත් බරපතලයි. රජයේ නිලධාරියෙක් විදියට වැඩේ වැරදියි. ලොකුම චෝදනාව තියෙන්නෙ වෛද්‍යවරයාට. වෛද්‍යවරයා වැරදි නම් ඒක බරපතලයි. දරුණුයි. වෘත්තික ආචාර ධර්ම මුළුමනින්ම උල්ලංඝනය කරලා තියනවා. තවම අපි දන්නෙ නෑ මේකෙ ඇත්ත මොකද්ද කියලා යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.




    උම්බලත් දාරා ගන්න බරුවද ඉන්නේ
    :rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අනේ තටමන්නේ නැතුව ඉදපල්ලා බන් , උබල තැටමුවට ජන්දේ දවසට පස්සෙ බලන්න ඕනේ . අපේ සුකන්නලාගේ බොරු හිල තමා වෙනසක් වෙන්නේ නෑ , හුල්ල හුල්ල ඉදී තව අවුරුදු 100 හරි වෙනසක් නෑනේ නෑනේ කිය කිය
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    2015 දී යහ පාලන ආණ්ඩුව මේ රටට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස තවමත් රටට දරාගත නොහැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.

    27.gif


    අම්මප ඕයි උණ්ඩුකපුච්චෙටත් දැනෙනව... ඔය කියන වෙනස...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්තටම දරා ගන්න අමාරුයි. පාරේ වලවල් වලට තාර දානවා දකිනකොට, කුණු පාරවල් පුරාම දාලා තියෙනවා දකිනකොට, පෝස්ටර් වලින් තාප්ප වහල තියෙනවා පේනකොට, පාතාලේ දිනපතා මිනී මරණකොට. බෝම්බ පුපුරලා මිනිස්සු මෑරිලා තියෙනකොට දරා ගන්න අමාරුයි. ඔක්කොමත් හරි ලගදීම කන්නවත් නෑතිවෙයි කියලා හිතනකොට..