කොහොමද පෑගිල්ල

79Dami

Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    කොහොමද පෑගිල්ල

    ලංකාදීපය - 17 ජුනි 2018 06:41 am

    අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියදුරන් අල්ලාගැනීම සඳහා අබුඩාබි පොලීසිය ජනවාරි මාසයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

    පැයට කිලෝමීටර් දෙසීයයට(200) වැඩි වේගයකින් මෝටර් රථ ධාවනය කළ රියදුරන් දෙදහස් නවසිය හැට පහක් (2,965) ජනවාරි මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගත් බව අඩුඩාබි පොලීසිය ප්‍රකාශ කළේය.

    එමිරේට්ස් නීතියට අනුව, පැයට කිලෝමීටර් අසූවට(80) වැඩි වේගයකින් මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට එරෙහිව එමිරේට් ඩිරාම් 3,000ක දඩ මුදලක්ද දින හැට(60)කාලයක් මෝටර් රථය රඳවා තබාගන්නා අතර රියදුරුගේ ලකුණු 23ක් අඩුකරන බව පොලීසිය ප්‍රකාශ කළේය.

    පැයට කිලෝමීටර් හැටට(60) වැඩිනම් ඩිරාම් 2,000ක්ද දින තිහක(30) කාලයක් මෝටර් රථය රඳවා තබාගන්නා අතර ලකුණු 12ක් අඩු කරයි.

    සමස්ථ අනතුරු සංඛ්‍යාවෙන් 8% ක් අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කිරීමෙන් සිදු වු අනතුරු වන අතර තරුණ රියදුරන් 46%ක අනතුරුවලට දායක වී ඇති බව වාර්තා වේ.

    2017 දී 1million Aed (42000000 Rs) ගෙව්වා එකෙක් , වාර්තා වුන ලොකුම fine එක .අපෙත් මේ වගේ පිස්සු පොරවල් ඉන්නවා ඇති , දාමු මේ වගේ දන්නා සිද්දි ටිකක් යමක් ඉගනගන්න
     

    Attachments

    • sasa.jpg
      sasa.jpg
      43.9 KB · Views: 82