කොහොමද බන් පෝක් උයන්නෙ කලුවට?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    TDl3dGUNy8gvzUZcyY-n7VULGAgiQLdNB6y7B4JSE5v_uEp15peWiI5mtVZIl8AjdvnpSUTUpTOQYu4xESORNp2PQNyblBR8SSyIfg4Ee2HcG3CRLRa5bQ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    අල්ලපු ගෙදර අක්කට හරි, නංගිට හරි, ඒ දෙන්නම නැත්නම් ඇන්ටිට හරි කියලා හදා ගත්තොත් නරකද? ඕක කිව්වා කියලා හිත අමනාප වුණා නම් ගැත්තාට සමාව අවසර :( :sorry::sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    මුලින් මස් ටිකට ලුණු ටිකක් දාල හොදටම අතගාගන්න ඒක පැත්තක තියල මැටි වලදක් අරගෙන තෙල් පොඩ්ඩක් දාල මුලින් රත් වෙන්න දියන් හොදට (තෙල් පැහුනට පස්සෙ අබ ටිකක් දාන්න). ඒකට මිරිස් කුඩු දන්න ඒකටම තුනපහත් දාන්න ප්‍රමාණ වැඩි වෙන තරමට හොදට කලුවට හොද්ද එනව දාල කළු වෙනකන් හොදට හැදිගාගා බදින්න. කර අගුරු වෙන්නෙ නැති වෙන්න හොදට හැදි ගාන්න. (මේක කරන්න කලින් ඕනි නන් පොඩියට කපපු සුදු ලූණු දාන්නත් පුළුවන්) ඕක කලු උනාම සුදුලූණු ලූණු, කරපින්ච, රම්පෙ, සූදුරු, මහදුරු, කරාබුනැටි, කුරුදු එකට බ්ලෙන්ඩර් කරපු මිශ්‍රණය දාන්න මිරිස්ගලක් තියේ නන් අබර ගන්න . දාල ඒකට වතුර පොඩ්ඩක් දාල හොදට පැහෙනකොට මස් ටික දාන්න දාල හොදට හැදිගාල වතුර කෑලි පේන නොපෙනන ගාණට දාල විනාඩි 45ක් විතර තැම්බෙන්න තියන්න මද ගින්නෙ. හොදට තැම්බුනාම බාපන්. එච්චරයි

    -- ඉගුරු දාන්න එපා.
    වරහන් කරපුව කැමති නන් කරන්න.

    දවස් 2කක් විතර ඉව්වම වැඩේ අහු වෙනව ඊට පස්සෙ යවපන් එහා ගෙදෙට්ට. උයල පොටෝ එකක් ගහල දාපන් දැන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385

    Ai iguru danna beri
     
    • Like
    Reactions: TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    Ai iguru danna beri
    විද්‍යත්මක හේතුව නන් නොදනී. පෝක් උයද්දි දාන්න එපා කියල තමා කියන්නෙ බඩේ අමාරු හැදෙනව කියල. මොනව හරි කෙමිකල් රිඇයක්ශන් ඇතිනෙ.