පාරට බැස්සම මාර වාහන ගොඩක් තියනවනෙ. Range Rover, Patrol, Montero etc.
මේව පට්ට ගනන් නෙහ් බං.
ඒව පැත්තක දාමු. Axio,aqua වගේ එකක් උනත් Normal job 1ක් කරල salary 150k හම්බුනත් ගන්න අමරුයි. (කන්න බොන්නත් ඔනි නෙහ්. වාහනෙ ෆිනෑන්ස් විතරක් දාල බෑනෙ)
ඒත් කොහොමද මිනිස්සු වාහන ගන්නෙ?
වාහන කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රදාන හීනයක් මේක සැබෑ කරගන්න මිනිස්සු සෑහෙන්න දගලනවා
මෙහෙම වෙන්න එක හේතුවක් ලංකාවේ මගී ප්‍රවාහනය අවම පහසුකම් යටතේ තිබීම. AC තියෙන හොද ප්‍රවාහන සේවයක් දිවා රාත්‍රී තිබ්බා නම් ඔය තමන්ගේ වාහන ගැනිල්ල අඩු වෙනවා.
අනික් පැත්තට වාහන කියන්නේ මෙහෙ මිල ක්ෂය වෙන දෙයක් ලෙස සලකන්නේ නැහැ ඉතින් මිනිස්සු ආයෝජනයක් හැටියටත් වාහන ගන්නවා. වාහන මිල වැඩි නිසා අඩු වියදම් taxi සේවාවක් වත් සාමාන්‍ය ජනයාට ලැබෙන්නේ නැහැ ඒ නිසාමත් හයර් යනවට වඩා තමන්ගේ එකක් අරන් දුවන එක ලාබයි.
1990 මැද වෙනකොට ලංකාවේ ගොඩක් පවුල් වල උරුමයෙන් හම්බුන නිවාස හෝ ඉඩම් තියෙන අය හිටපු නිසා බොහෝ දෙනෙක්ට වාහනයක් ගන්න පුළුවන් උනා තමන්ගේ රැකියාව හරි ව්‍යාපාරයෙන් හරි ලැබෙන මුදල් කොටසක් වාහනයක් සදහා දාන්න පුළුවන් උනා
2000 2010 වගේ වෙනකොට පවුලක දෙමාපියන් වගේම දරුවනුත් ආදායම් උපයන ගානට ආපු නිසා ලිසිං වගේ සහන වැඩි නිසාත් ලිසිං කොම්පැනි වලින් කරන ප්‍රවර්දනය වැඩි නිසාත් වාහන ගැනීම් ඉහල ගියා.
වාහන මගින් කරන ආදායම් ඉපයීම් අවස්ථා නිසාත් මිනිස්සු වාහන ගන්නවා
දැන් නිකන් වාහනයක් නැති එක අඩුවක් මදිකමක් වගේ වන නිසා කුබුරක් හෝ ඉඩමක් විකුණලා හරි වාහනයක් ගන්න මිනිසුන් පෙලබිලා ඉන්නේ.