ඉන්දියාව බයික් හැදිල්ලටත් වඩා එතන උනේ අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ටික ඉන්දියන් බයික් වලින් සැපිරුන එක. අපි වගේ තුන්වෙනි ලෝකෙ දුප්පත් රටවල මිනිස්සු බයික් පාවිච්චි කරන්නෙ ඉතාම ලාභදායීව ප්‍රවාහන අවශ්‍යතාවය ඉටු කරගන්න පමනයි. enthusiasm එක නිසා බයික් පදින්නේ ඉතාම අතලොස්සක්. දැන් මේ CBX එක ටාගට් කරපු ඇමරිකාව යුරෝපය වගේ තැන් වල මිනිස්සු බයික් පදින්නෙ ආතල් එකට. බයික් මිලට වඩා කාර් මිල අඩුයි. උන් බයික් එක එළියට ගන්නෙ පායන හොඳ කාලගුනයක් තියෙන දවස් වලට. අපි වගේ ඉටිකොල පොරවගෙන බයික් එකේ යන්නෙ නෑ. මොකද ගෙදර කාර් තියෙනවා. මම කිව්ව අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යක් කියන බොක්ස් එක චෙක් කරන ජපන් බයික් ගොඩක් අඩුයි. CD125 වගේ ඒව වියදම් වැඩියි. සුපර් කබ් CD90 වල තැනකට යන්න බෑ. අනිත් එක ඒව ජපානෙ හදන්නෙත් නෑ. ආපුවා ඔක්කොම රීකන්ඩිෂන්ඩ්. ජපානෙන් පිට ප්‍රඩක්ෂන් කරන හොණ්ඩා යමහා සුසුකි අදටත් එනවා. බහුතර 250ccන් උඩ බයික් වලට එදා තිබ්බ තැනම අදත් තියෙනව. VT250F වගේ සුලු මොඩ්ල් ප්‍රමාණයක් අයින්ම වෙලා ගියා පාට්ස් නැතිකම එහෙම එක්ක. 125 ඒව ඔක්කොටම උනේ ඉන්දියන් ඒවයින් රිප්ලේස් උන එකයි.ඉන්දියාව බයික් හදන්න කලින් ඔක්කොම තිබ්බේ ජපන් බයික් තමා ලංකාවේ.අපේ මාම කෙනෙක්ටත් තිබ්බා තඩි කවසාකි බයික් ඵකක්..

