ඊයේ (28) දිනයේ හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 335 දෙනාගෙන් 237 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවය.
ඉන් ආසාදිතයින් 161 දෙනෙකු කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන ඇති අතර 17 දෙනෙකු කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා 21 දෙනෙක් මට්ටක්කුලියෙන් වාර්තා වේ.
කිරුළපන, නාරාහේන්පිට, මෝදර, කොටහේන, මාළිඟාවත්ත, වැල්ලම්පිටිය, වැල්ලවත්ත, බොරැල්ල, පාමංකඩ, තුන්මුල්ල සහ කඩුවෙල යන ප්‍රදේශවලින් ද ඊයේ දිනයේ නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සඳහන්ය.
මීට අමතරව ඊයේ දිනයේ නිකුත් වූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවලට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මහර, වත්තල සහ දිවුලපිටිය යන ප්‍රදේශවලින් නව ආසාදිතයින් 75 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එයින් 52 දෙනෙක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වන අතර, 22 මහර ප්‍රදේශයෙන් ද එක් අයෙක් දිවුලපිටියෙන් ද වාර්තා වේ.
කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් දස දෙනෙකු, ගාල්ල නගර සීමාවෙන් එක් ආසාදිතයෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සහ තිස්සමහාරාමය ප්‍රදේශවලින් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ, මස්කෙළිය සහ කොටගල ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
දෙරණ