ඔය චිත්‍ර දෙකම මගේ නෙමේ. දැනට මං අදින චිත්‍ර ඔය පළවෙනි එක වගේ. මට ඕනේ මගේ චිත්‍ර හැකියාව 2 චිත්‍රයේ මට්ටමට අරන් එන්න. කොළේක අදිනවා වගේම, pc, tab ඕනම එකක අදින්න පුළුවන්. Online tutorials, course follow කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් මට ඕනේ චිත්‍ර අදින්න ටැලන්ට් එක තියෙන කෙනෙක් ළග ඉදගෙනම පුරුදු වෙන්න. සතියකට දවසක් වගේ චිත්‍ර උගන්වන්න (මගේ අවශ්‍යතාවය cartoon චිත්‍ර) පුළුවන් ගුරුවරයෙක් අවශ්‍යයි. වයස, දැන් කරන රැකියාව සමාජ මට්ටම අරවා මේවා මුකුත් ප්‍රශ්නයක් නෑ. කොළඹ අවට ඕනම තැනකට ඇවිත් ඉගෙන ගන්න ලෑස්තියි. සතියේ ඕනම දවසක උදේ ඉඳන් හැන්දෑවේ 5 වෙනකම් පුළුවන්. ජොබ් එක නිසා රෑට බෑ.
මේක බලන එහෙම උගන්වන්න පුළුවන් කෙනෙක් හෝ එහෙම හැකියාවක් තියෙන කෙනෙක් දන්න කෙනෙක් නම් plz pm කරන්න. ලොකු උදව්වක්. ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්න බැරි උන ආසම subject එකක් දැන් හරි ඉගෙන ගන්න බලන්නේ.
Online course එපා. මට ඕනේ fundamental ටික ප්‍රශ්න කර කර try කරන ගමන් ඉගෙන ගන්න.