කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ පළමු රිය අන#
කටුනායක මංගල අනතුරින් ජීවිත බේරේ!
කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ පළමු රිය අනතුර අද වාර්තා වී තිබේ.
මිගමුව සිට කොළඹ බලා ධාවනය වු මෝටර් රථයක් අද දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ රියදුරු සහ කාන්තාවක් සිට ඇති අතර ඔවුන්ට තුවාල සිදු වි නොමැති බව පොලිසිය කියයි.
කිලෝමීටර 19. 6යේ කණුව අසළ වම් පස වු පැති බැම්මේ ගැටුණු මෝටර් රථය අනතුරුව දකුණු පස වු පැති බැම්මේ ද ගැටී තිබේ.
අනතුරෙන් මෝටර් රථයට සහ පැති බැම්මට හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
සීදුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
source : http://sinhala.adaderana.lk/news.php?nid=38587