කොළඹ කොරෝනා වැඩිවෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඊයේ (08) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 798 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 526ක් ලෙසය.
    ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
    විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.
    මේ අතර මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 25,818ක් දක්වා ඉහළ ගොස් ඇත.
    එයින් පුද්ගලයින් 17, 850ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
    මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 29,377ක් වන අතර ඉන් පුද්ගලයින් 21,257ක් පූර්ණ සුවය ලබා ඇත.
    මේ වන විට කොවිඩ් ආසාදිතයින් 7,978ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
    නිරෝධායන මධ්‍යස්ථාන 62ක් තුළ පුද්ගලයින් 6,594ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,182ක් සිදුකර තිබේ.

     
    • Wow
    Reactions: NRTG