කොළඹ කොමලියෝ...

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    හොඳ දේවල් ඇතුලට එන අයට...


















    කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇලි කොමලියෝ​



    හාත්පස පැතිර ගිය තුරු ගොල්ල මැදින් ඇදෙන පිටිසර බද පාරක ගිහින් නිරතුරුවම කුරුල්ලන්ගේ හඬ පැතිර ගිය පරිසරයක් මැද ඇද හැලෙන සුන්දර දිය ඇලි කීපයක අසිරිය විඳින්න කොළඹ ඉන්න කෙනෙක් කොයි තරම් දුරකට යන්න ඕනෙද? අඩුම තරමින් පාදුක්ක, ඉංගිරිය, බදුරලිය, පැත්තටවත් කියලා ඔබට හිතේවි. ඇත්තෙන්ම ඔබ දන්නවද කොළඹ දිස්ත්‍රික්කය තුළම දිය ඇලි කීපයක් තිබෙන බව. අපි ඔබට මේ කියන්න යන්නේ එවැනි දිය ඇලි 3ක් ගැන. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළම පිහිටි දිය ඇලි 3ක් ගැන තොරතුරුයි.​

    r12-1.jpg






    කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ යද්දී හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානයට නුදුරින් දකුණට හැරී දිවෙන තුම්මෝදර පාරේ යද්දී තමයි මේ අපූරු දිය ඇලි හමුවන්නේ.

    පුවක්පිටියෙන් හැරෙන හන්දියේ ඉඳන් කිලෝමීටර් 1 1/2-2ක් විතර මග ගෙවූ විට පාරේ වම් අත පැත්තේ ඇති ගුරු පාරක මීටර් 100ක් විතර දුර ගෙවූ විට මුලින්ම හමු වන්නේ කුමාරි ඇල්ලයි. මේක කුමාරිවල කියලත් හඳුන්වනවා. මීටර් 3-4කට වඩා උස් නොවුණත් කුමාරි ඇල්‍ලේ සුන්දරත්වයේ නම් අඩුවක් නැහැ. මෙම ඇල්‍ලේ ස්නානය සඳහා ගිය සීතාවක රාජසිංහ රජුගේ දූ කුමරිය ගිලී මියයාමෙන් අනතුරුව මෙතැන කුමාරි ඇල්ල ලෙස හඳුන්වන්නට පටන් ගත් බවයි, ජනප්‍රවාදයේ කියැවෙන්නේ.

    එතැන ඉඳන් තවත් කිලෝමීටර් 5ක් පමණ ගිය විට හමුවන ඉලුක්ඕවිට හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 1/2 පමණ ගිය විට දෙවැනි ඇල්ල හමුවෙනවා.

    ඒ ඇල්ල උඩ ඇල්ලයි.

    මේ ඇල්ල මීටර් 10ක් පමණ උසින් යුක්තවන අතර කොටස් දෙකක් ලෙසයි පහතට කඩා හැලෙන්නේ එක ඇල්ලක් උඩට අනෙක් ඇල්ල කඩා වැටෙන හින්දයි මෙය ඇල්ල උඩ ඇල්ල ලෙස හඳුන්වන්නේ. වැසි දවසට මෙහි සුන්දරත්වය පායන කාලෙට වඩා වැඩි වෙනවා. ඇල්ලට ඉහළින් පිහිටි කොඩිකන්ද කඳු වැටියෙන් ගලන උල්පත්වලින් සහ කොස්වත්ත ඇළෙන් තමයි ඇල්ල උඩ ඇල්ල ‍පෝෂණය වන්නේ.


    නැවත ඉලුක්ඕවිට හන්දියට ඇවිත් තවත් කිලෝමීටර් 3ක් පමණ තුම්මෝදර පැත්තට යද්දී කඩුගොඩ කන්ද හන්දිය හමුවෙනවා. එතනින් වමට ඇති පාරේ මීටර් 500ක් පමණ මග ගෙවූ විට දකුණු අත පැත්තේ හමුවන රබර් වගාවට පහතින් හමුවන්නේ තට්ටු 3කට කඩා හැලෙන රන් මුදු ඇල්ලයි. පඤ්ඤගල කන්දේ දෙහිගස් ඇල්ල නම් ස්ථානයේ සිහින් දිය කඳුරකින් ඇරඹී අතරමගදී තවත් කුඩා දිය පහරවල්වලින් ‍පෝෂණය වන රන් මුදු ඇල්ල මීටර් 45ක් පමණ උසින් යුක්තයි.


    r12.jpg



    r12.jpg



    රන් මුදු ඇල්ලට නම වැටුණ ආකාරය පිළිබඳව ජනප්‍රවාදයේ එන්නේ අපූරු කතාවක්.

    සීතාවක රාජධානි සමයේ රාජසිංහ රජු දිනක් තම බිසෝවරු සමග මෙම ස්ථානයට ස්නානය සඳහා පැමිණ තිබෙනවා. මඳ වේලාවකින් දිය කෙලියේ යෙදී සිටි එක් බිසවකගේ මුදුව ඇඟිල්ලෙන් ගිලිහී දිය පහරට වැටී තිබෙනවා. ඇගේ කෑ ගැසීම ඇසී රාජ පුරුෂයන් එහි පැමිණියත් මුද්ද වැටුණු ස්ථානයට ගලක් පෙරළී විත් වැසී ගොස් තිබෙනවා. එදා පටන් මෙය රන් මුදු ඇල්ල ලෙස නම් ලද බවයි සඳහන් වෙන්නේ. රන් මුදු ඇල්ල පසුව වක් ඔයට එක්වී කැලණි ගඟට ගලා බසිනවා.


     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රන් මුදු ඇල්ලට නම වැටුණ ආකාරය පිළිබඳව ජනප්‍රවාදයේ එන්නේ අපූරු කතාවක්.

    සීතාවක රාජධානි සමයේ රාජසිංහ රජු දිනක් තම බිසෝවරු සමග මෙම ස්ථානයට ස්නානය සඳහා පැමිණ තිබෙනවා. මඳ වේලාවකින් දිය කෙලියේ යෙදී සිටි එක් බිසවකගේ මුදුව ඇඟිල්ලෙන් ගිලිහී දිය පහරට වැටී තිබෙනවා. ඇගේ කෑ ගැසීම ඇසී රාජ පුරුෂයන් එහි පැමිණියත් මුද්ද වැටුණු ස්ථානයට ගලක් පෙරළී විත් වැසී ගොස් තිබෙනවා. එදා පටන් මෙය රන් මුදු ඇල්ල ලෙස නම් ලද බවයි සඳහන් වෙන්නේ. රන් මුදු ඇල්ල පසුව වක් ඔයට එක්වී කැලණි ගඟට ගලා බසිනවා.




    මේ ඇල්ලේද මචං අර රත්තරං මුද්දක් දාපු මාලුවෙක් ඉන්නවයි කියන්නේ :):)

    +6