කොළඹ ටවුන් එක ඉස්සර... ෆොටෝ ටිකක්!

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    කොළඹ ටවුන් එක ඉස්සර... ෆොටෝ ටිකක්!

    දැන් කාලේ කොළඹ ටවුන් එකේ ඉන්න සෙනඟයි වාහන කන්දරාවයි අතරේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වුනාට ඉස්සර කාලේ කොහොම තියෙන්න ඇතිද? ඉස්සර කාලේ කිව්වේ දැනට අවුරුදු 150 කට 200 කට කලින්. හිතාගන්න පුළුවන්ද? හිතාගන්න අමාරු නම් මේ ෆොටෝ ටික බලන්නකෝ, මට ඊමේල් එකකින් හම්බවුනේ, තරමක් දුර්ලභයි කියලා හිතුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. බලන්නකෝ කොහොමද කියලා...



    මෙතනදි තමයි ප්‍රින්ස් වීදිය සහ යෝක් වීදිය හමුවෙන්නේ, ගෆූර් බිල්ඩින් එක සහ ග්‍රින්ඩ්ලේස් බැංකුව තමයි වම් පැත්තේ තියෙන්නේ. බ්‍රිස්ටල් සහ YMBA බිල්ඩින් තමයි දකුණු පැත්තේ තියෙන්නේ. ගහ ළඟ තියෙන්නේ ප්‍රසිද්ධ කාර්ගිල්ස් සාප්පුව. ඔය වින්ටේජ් කාර් එහෙමත් නවත්තලා තියෙන්නේ...


    මේ තමයි බේරේ වැව. 1900 ගණන් වල බේරේ වැව හෙක්ටයාර් 165ක් පුරා පැතිරිලා තිබුණත් දැන්නම් හෙක්ටයාර් 65ක් විතර තමයි තියෙන්නේ.





    මේ කොළඹ නගරය, ෆොටෝ එක අරන් තියෙන්නේ ජනාධිපති මාවතේ, ඉස්සර නම් Queens Street එකේ ඉඳන්. බැක්ග්‍රවුන්ඩ් එකෙන් පේන්නේ බේරේ වැව සහ ගෝල්ෆේස් හෝටලය. 1505දී පෘතුගීසීනුත් 1656 දි ලන්දේසීනුත් 1815 දී ඉංග්‍රීසීනුත් අග නගරය කරගත්තේ ලේසියෙන් ම කුළුබඩු, මුතු, මැණික්, අලි කොළඹ වරාය හරහා ලේසියෙන් ම අපනයනය කරන්න පුළුවන් නිසයි.



    මේ තමයි 1800 ගණන්වල ගාලු මුවදොර පිටිය...




    1800 ගණන්වල තිබුණ හවුස් බෝට් එකක් තමයි මේ ඇල මාර්ග වල තිබුණ...




    මේ තමයි කොල්ලුපිටියේ තිබුණ සුප්‍රසිද්ධ නුග ගස...




    මේ ටවුන්හෝල් එක, අඳුරාගන්න පුළුවන්ද බලන්න...




    1800 ගණන් වලදි ගාලු මුවදොර හෝටලය තිබිලා තියෙන්නේ මෙහෙමයි...



    මේ වරාය තියෙන චැතැම් වීදිය...



    මේ ඉහළ චැතැම් වීදීය, වරායට භාණ්ඩ ප්‍රවාහනයට පාවිච්චි කලේ කරත්ත නිසයි මේ කරත්ත ගොඩාක් තියෙන්නේ!



    මේ රේස් කෝස් පිටිය ළඟ තිබුණ ආණ්ඩුකාරයාගේ නිල නිවසයි...



    මේ ගෝල්ෆේස් හෝටලය ඉදිරිපසින් පෙනුමයි... දකුණු පැත්තෙන් තියෙන්නේ ගාලු පාර.



    මේ යුනියන් ප්ලේස්...

    Source:-Click Here
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    funnyanimal213.gif
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තෑන්ක්ස් කිව්වා රෙප් දෙන්න බෑ කියනවනේ