කොළඹ දරුවන්ගේ පිග්මැච් සන්නිය

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මේ එළඹී ඇත්තේ පාසල් මහා ක්‍රිකට් තරග සමයයි. එසේත් නොමැතිනම් බිග් මැච් සමයයි. මේ කාල සීමාව තුළ කොළඹ නගරයේ මෙන්ම දිවයිනේ අනෙකුත් තදාසන්න ප්‍රධාන නගරවලද බිග් මැච් උණුසුමෙන් කුල්මත් වන ඒ ඒ පාසල්වල සිසුන් ආධාරකරැවන් මෙන්ම ප්‍රේක්ෂකයන් ද ඕනෑ තරම් දක්නට ඇත. වයස් බේදයක් නොමැති ඔවුන් බොහෝ විට ඒ තරග පැවැත්වෙන්නා වූ පාසල්වල ආදී සිසුන්ය. එසේත් නොමැතිනම් තමන්ගේ පාසල් කණ්ඩායමට සහයෝගය දක්වන පාසල් යන සිසුන්ය. තම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් මහ තරග ඇරඹීමට දින කිහිපයකට පෙර සිටම ඔවුහු තම තමන්ගේ කණ්ඩායම් වෙනුවෙන් සහාය පළකිරීම ආරම්භ කරති.

    කොළඹ නගරය යනු මෙම බිග් මැච් සීසන් එකේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැකිය. වැඩිම මහතරග සංඛ්‍යාවක් පැවැත් වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන වීම ඊට හේතුවයි. ඉන් පසුව මහනුවර, ගාල්ල, මාතර, කුරැණෑගල මෙන් බොහෝ ප්‍රධාන නගරවලද එක් පාසල් මහතරගයක් හෝ පැවැත්වේ. ඒ අනුව බැලූවිට මාර්තු මාසය යනු ක්‍රිකට් ක්‍රීඩාංගණවල මෙන්ම මහපාරේදී බිග්මැච් පිළිබඳ කතාකරන කාලයකි. මහමාර්ගයේ ගමන් ගන්නා මගීන්ට බොහෝ අවස්ථාවල මෙම බිග්මැච් පැවැත්වෙන පාසල්වල ළමුන්ගේ හිරිහැරවලට ලක්වීමට සිදුවෙයි. මේ ආකාරයෙන් පැවැත්වෙන බිග්මැච් පෙළපාළි, වාහන පෙරහර වැනි කටයුතු තහනම් කළ යුතු බවට ද යෝජනා දැන් දැන් කරළියට පැමිණෙමින් ඇත්තේ වසර කිහිපයක සිටය.

    විවේචන කෙසේ පැවතිය ද පාසල් මහා ක්‍රිකට් තරගවලට ඇති ජනප්‍රියතාවය නම් තවමත් එලෙසමය. විශේෂයෙන්ම එම බිග්මැච් පැවැත්වෙන පාසල්වල ආදී ශිෂ්‍යයන් මෙම මහතරග පැවැත්වීමේ කර්තව්‍යයේ ඉදිරියෙන්ම සිටිති. 140 වසරකට වැඩි කාලයක් පුරා පැවැත්වෙන මෙරට පාසල් මහ ක්‍රිකට් තරග සතුව සාඩම්බර ඉතිහාසයක් ඇති බවද අපට මෙහිදී අමතක කර නොහැකිය. එවැනි මහා ක්‍රිකට් තරගවලට සම්බන්ධ වූ ක්‍රීඩකයන් ලෝක පූජිත වූ අවස්ථා ද බොහෝමයක් ඇත.

    කෙසේ වෙතත් වර්තමානයේ මේ දෘෂ්ටි පථය වෙනස් වී තිබේ. එනම් බිග්මැච් සංස්කෘතියේ ප්‍රධාන අංගය මත්පැන් බවට පත්වීමත් සමඟය. විශේෂයෙන්ම මේ වනවිට ඇතැම් පාසල්වල ආදි සිසුන් මෙම ක්‍රියාවලට පෙළඹී අනෙකුත් සහෝදර පාසල් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ සිදුවීම්ද පසුගිය කාලයේ මාධ්‍ය මගින් අපට දැකගත හැකිවිය.

    තම පිලේ හෝ ප්‍රතිවාදීන් සමඟ ගැටෙන්නෝ තවත් නීති විරෝධී වැඩකට අතගසති. ඒ බාලිකා විද්‍යාලවලට කඩා පැන කලබල කිරීමය. සිප් සතර ලබාදෙන මෑණිවරුන්, පියවරුන් බදු ගුරුවරුන්ට කරදර පමුණුවමින් පාසල් දේපලවලට හානි කරමින් සිය සොයුරියන් බඳු ශිෂ්‍යාවන් අපහසුතාවයට පත්කරමින් හැසිරෙන ඇතැම් සිසුහු ශිෂ්‍ය නාමයට ද නිගරු කරති.

    පසුගිය වසරේ ගල්කිස්ස සහ බම්බලපිටිය ප්‍රදේශයේ පාසල් පිරිමි ළමුන් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට කඩාවැදී රතිඤ්ඤා දල්වමින් පාසලේ දේපලවලට හානි කළහ. ඉන්පසු එම පාසලෙහි ආරක්ෂක අංශය සහ ආචාර්ය මණ්ඩලය එක්වී මෙම කළහකාරී සිසුන් පලවා හැරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. පසුව එම බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පොලිස් සහය පැතීමෙන් පසුව බාලිකා විද්‍යාලය තුළ කලහකාරීව හැසිරුණු සිසුන් 34 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පසු ඔවුන් මුදාහැරැණේ තම සිසුන්ගේ මව්පියන් විසින් ආදළ බාලිකා විද්‍යාලයේ හානි කළ දේපළවල වන්දිය ගෙවීමට පොරොන්දු වූ පසුවය. පසුගිය වසරේ මුද්‍රිත මාධ්‍යය තුළ මෙන්ම විද්‍යුත් මාධ්‍යය තුළද එය ප්‍රසිද්ධියට පත්විය. ඒ එක් සිදුවීමක් පමණි. තවත් සිදුවීම් රාශියක් වාර්තා වූ අවස්ථා ඇත.



    මෙම මස ආරම්භයේදීම කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බිග්මැච් එකට අදාළ රිය පෙරහරක් අතරතුර පැවති රථ පෙළපාළියකදී ලෑන්ඩ් රෝවර් වර්ගයේ රථයක් ඔවුන් නොසිතූ ආකාරයට අනතුරකට භාජනය වීමේ සිදුවීමක් විය. එහිදී වාහන කිහිපයකට බරපතළ හානි සිදුවූවද වාසනාවකට මෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නැත. එමෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේදී කොළඹ නගරයේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාල දෙකකට ඇතුළුවීමට උත්සහ කළ පාසල් සිසුන් 20 දෙනකු පමණ පොලිස් භාරයට ගෙන තිබිණි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පාසල් සිසුන් සියලු දෙනාම කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් වෙති. තවමත් බිග්මැච් උණුසුම පටන්ගත්තා පමණි. තවත් මෙවැනි සිදුවීම් ඕනෑතරම් වාර්තාවීමට ඉඩ ඇත.
    බිග්මැච් හෙවත් අන්තර් පාසල් මහ ක්‍රිකට් තරග හා රථවාහන පෙළපාළිවලදි පාසල්වල කීර්ති නාමයට කැලලක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීම. තම පාසලේ අන්‍යතාවට, කීර්තිනාමයට නිගරැ වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, අපරික්ෂාකාරී අයුරින් රථ වාහනවල නැග ගමන් කිරීම, මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි වැනි හානිකර ඇබ්බැහිවීම්වලට යොමුවීම. මහමග ගමන් කරන පුද්ගලයන්ට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කිරීම වැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍යවාරයා එම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
     
    • Haha
    Reactions: planner123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,121
    34,697
    113
    කාලකන්නි.
    උන්ට බිග්මැච් ඕන නම් අදාළ ග්‍රවුන්ඩ් එකට පමණක් සීමාවිය යුතුයි.
    මහ පාරේ වාහන පෙලපාලි යමින් පිස්සන් සේ හැසිරෙන උන් අත්අඩංගුවට ගෙන නඩු පවරා දැඩි දඬුවම් ලබාදිය යුතුයි
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    නැශනල් ටීම් එකේ ඉන්න එකොලොස් දෙනාටවත් හරියට ක්‍රිකට් ගහ ගන්න බැරි රටේ බිග්මැච් කියල ක්‍රිකට්ම ගහන එක හෙන නෝන්ඩි සීන් එකක්. එල්ලෙ, කනාමුට්ටි වගේ ලෝකෙ වෙන එවුන් නොගහන එකක් නම් කමක් නෑ.

    ක්‍රිකට් හරියට ගහන්න පුල්වන් රටවල එවුන්ගෙන් ඔහොම ඒව දන්නවද ඇහුව. උන් මට හිනාවුනා බං.
    කමක් නෑ ඔහොමම කරන් යන්න ඉතින් අවුරුදු 140 කරපු එක නේහ් 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    hfc එකේ කෙල්ලො කැමතියි රෝයල් තෝමියන් කොල්ලො උන්ගෙ ඉස්කෝලවල් වලට පනිනවට. උන්ගේ අම්මල තාත්තලත් ඒ ඉස්කොලවල් වලටම ගිය උන්. ඒක නිසා උන්ගෙ behalf උඹල අවුල් ගන්නෙ නැතුව හිටපන්
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ,පුකවල් ඉක්ක ගහනවද කොහෙද පොඩි එවුන් ආතල් එකක් ගන්නකොට. පලයල්ලකෝ තොපිට ගැලපෙන මහත්තුරු ඉන්න රටකට.වේසා බල්ලෝ
     
    • Like
    Reactions: Tz4400

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Mama aasama kathawak meka.
    Habai meka kiyana ekekta fully paid foreign shopping tour ekak or a salli walin gewal hadala dena project ekak karanawada ahuwoth godak un thoraganne foreign trip eka.
    :D :D issara fb eke sahanadara hinganno danne ma oya wage comment ne.. kawru hari ekek honda party ekak damma kiyapan ko.. ayooo aparade ey kama tika duppath ayata denna thibba bla bla.. nikan kannama thama huththige puthala balan inne..

    un big match gahanne gewal hadanna thiyana budget eken newei ban
    ehema kiyala bah.. oya bonna wiyadam karana salli walin three wheel padina ayya kenek ta thel gahala dunnoth mokada..pawulak rakenawa. ne :D :D
    ------ Post added on Mar 4, 2025 at 12:49 PM
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    නැශනල් ටීම් එකේ ඉන්න එකොලොස් දෙනාටවත් හරියට ක්‍රිකට් ගහ ගන්න බැරි රටේ බිග්මැච් කියල ක්‍රිකට්ම ගහන එක හෙන නෝන්ඩි සීන් එකක්. එල්ලෙ, කනාමුට්ටි වගේ ලෝකෙ වෙන එවුන් නොගහන එකක් නම් කමක් නෑ.

    ක්‍රිකට් හරියට ගහන්න පුල්වන් රටවල එවුන්ගෙන් ඔහොම ඒව දන්නවද ඇහුව. උන් මට හිනාවුනා බං.
    කමක් නෑ ඔහොමම කරන් යන්න ඉතින් අවුරුදු 140 කරපු එක නේහ් 😂

    මේකට ගැලපෙන ක්‍රීඩාවක් කවුරුත් කිව්වෙ නෑ තාම
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ehema kiyala bah.. oya bonna wiyadam karana salli walin three wheel padina ayya kenek ta thel gahala dunnoth mokada..pawulak rakenawa. ne :D :D
    ------ Post added on Mar 4, 2025 at 12:49 PM
    උඹ ඉල්ලුවොත් කිරියේ එකෙක් නිසා ඒකට සලකල උබේ වැඩක් කරලා දෙන්නං,හැබැයි කම්මැලි හිඟන්නන්ට නං දෙන්න හිල් ජොකෙක් වත් නෑ. හේතුව ජොක්කු හිල්වෙනකන් අදින්නේ නෑ
     
    • Love
    Reactions: Lokka Ayya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    කෙසේ වෙතත් වර්තමානයේ මේ දෘෂ්ටි පථය වෙනස් වී තිබේ. එනම් බිග්මැච් සංස්කෘතියේ ප්‍රධාන අංගය මත්පැන් බවට පත්වීමත් සමඟය. විශේෂයෙන්ම මේ වනවිට ඇතැම් පාසල්වල ආදි සිසුන් මෙම ක්‍රියාවලට පෙළඹී අනෙකුත් සහෝදර පාසල් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ සිදුවීම්ද පසුගිය කාලයේ මාධ්‍ය මගින් අපට දැකගත හැකිවිය.
    අමද්‍යප සංගමේ එකෙක්ද මන්දා ආටිකල් එක ලියල තියෙන්නෙ.