කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් වතුර නෑ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් වතුර නෑ

    හෙට(15) පෙරවරු 8 සිට ඔක්තොම්බර් 16 වන දින පෙරවරු 8 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව තොටළඟ, කාක දූපත, මට්ටක්කුලිය, මහවත්ත පාර, කොටහේන, අළුත් මාවත, මහවිද්‍යාල මාවත, මහකුමාරගේ මාවත, විවේකානන්ද කන්ද, ග්‍රෑන්ඩ්පාස්, චැතම් වීදිය හා කොළඹ වරාය ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

    කොළඹ එළිහවුස් ජලාශයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියාවක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

    ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් එම මණ්ඩලය ඉල්ලීමක් කරයි.

    src : http://sinhala.adaderana.lk/news.php?nid=19354
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    sm1ilies_09.gif
    Dios mío.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol: ආණ්ඩුවට චන්දෙ දුන්නෙ නැති හින්ද වතුර කපල:lol::lol: :lol::lol: ;)