කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් වතුර නෑ
හෙට(15) පෙරවරු 8 සිට ඔක්තොම්බර් 16 වන දින පෙරවරු 8 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව තොටළඟ, කාක දූපත, මට්ටක්කුලිය, මහවත්ත පාර, කොටහේන, අළුත් මාවත, මහවිද්‍යාල මාවත, මහකුමාරගේ මාවත, විවේකානන්ද කන්ද, ග්‍රෑන්ඩ්පාස්, චැතම් වීදිය හා කොළඹ වරාය ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.
කොළඹ එළිහවුස් ජලාශයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියාවක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් එම මණ්ඩලය ඉල්ලීමක් කරයි.
src : http://sinhala.adaderana.lk/news.php?nid=19354