කොළඹ-මදුරාසිය යා කළ මුහුදු තැපෑල් සේවය.

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    කොළඹ-මදුරාසිය යා කළ මුහුදු තැපෑල් සේවය..😮😮😮

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නම් පටු මුහුදු තීරයෙන්. දෙරට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබුණත්, ලාංකිකයන් වැඩි දෙනෙකුට ඉන්දියාව වෙත යාමට සිදුව තිබෙන්නේ ගුවන් යානයෙන්. නමුත් මීට දශක 4කට පමණ එපිට දී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහසුවෙන් ගමන් කිරීමට හැකිවුණා. ඒ, ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු මුහුදු තැපැල් සේවාව ඔස්සේ යි.

    බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඉන්දියාව සහ ලංකාව අතර පහසුවෙන් ප්‍රවාහන කටයුතු සිදුකිරීම සඳහා ආරම්භ වුණු එම සේවාව 80 දශකයේ මැද භාගයේ දී නැවැත්වීමට සිදුවුණේ උතුරුකරයේ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය වුණු නිසා යි. අපට එසේ අහිමිවුණු ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය පිළිබඳව වර්තමාන පරපුර ද දැනගත යුතු යි. මේ ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවයේ ඉතිහාසය යි.
    ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ කිරීමට මුල්වුණු හේතුව..
    19 වන සියවසේ අගභාගය වන විට ලංකාව තුළ විශාල ලෙස තේ වගාව ව්‍යාප්ත වී, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සැලකිය යුතු තරමේ ආදායමක් ලැබුණා. එනිසා බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් තව තවත් කැලෑ බිම් එළිපෙහෙලි කරමින් තේ වගා බිම් ආරම්භ කළා. නමුත් ඒවායේ සේවය කිරීමට කම්කරුවන් සොයාගැනීම ලෙහෙසි පහසු නොවුණේ ලාංකිකයින් වැඩිදෙනා සුද්දන්ගේ තේ වතුවල වැඩ කිරීමට දැක්වූ දැඩි අකමැත්ත නිසා යි. එනිසා බ්‍රිතාන්‍යයන්ට දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමට සිදුවුණා.

    ඉන්දියාව සහ ලංකාව අතර ආසන්නතම මාර්ගය වැටී තිබෙන්නේ ධනුස්කොඩි හරහා යි. තලෙයිමන්නාරම සිට ධනුස්කොඩිවලට ඇත්තේ කි. මී. 32ක පමණ දුරක්. නමුත් ධනුස්කොඩි නගරයට ආසන්න පම්බන් දූපත එකල ඉන්දියාවට මාර්ග ඔස්සේ සම්බන්ධව තිබුණේ නැහැ. එනිසා එම යුගයේ දී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට දුරින් වැඩි මාර්ගයක් භාවිතා කිරීමට සිදුවුණා. එනිසා එකල ද්‍රවිඩ කම්කරුවන් මදුරාසියේ සිට දුම්රියෙන් තූත්තුකුඩිය වෙත රැගෙනවිත්, එතැන් සිට දුම් බෝට්ටු මඟින් කොළඹට රැගෙන ආවා. තූත්තුකුඩියේ සිට කොළඹට කි.මී 270ක දුර ප්‍රමාණයක් තිබුණු නිසා ගමන සඳහා විශාල කාලයක් වැයවුණා. එසේම වැඩි මුදලක් වියදම් වුණා.

    බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාවේ සිට ලංකාවට කම්කරුවන් ඉක්මනින් ප්‍රවාහනය කළ හැකි ක්‍රමයක් කල්පනා කළා. ඔවුන් සොයාගත් හොඳම විසඳුම වුණේ තමිල්නාඩුවේ සිට පම්බන් දූපත හරහා තලෙයිමන්නාරම වෙත ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම යි. එදා බ්‍රිතාන්‍යයන්ගේ සැලසුම වුණේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට අයත් මණ්ඩපම් නගරයේ සිට පම්බන් දූපත දක්වා මුහුද හරහා කි. මී. 2කට වැඩි දිගකින් යුත් දුම්රිය පාලමක් ඉදිකිරීම යි. පම්බන් දුම්රිය පාලම ඉදිවෙයි..

    1911 අගෝස්තු මාසයේ දී දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණත් මුහුද මැද කිලෝමීටර් 2කට මඳක් වැඩි දුම්රිය පාලමක් නිර්මාණය කිරීමට ලෙහෙසි පහසු වුණේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට එකතු වුණු ෂර්සර් නම් ජර්මානු ඉංජිනේරුවා දුම්රිය පාලමේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව කරගෙන ගියා.

    ඉංජිනේරුවරුන්ගේ සහ එහි වැඩකර කම්කරුවන්ගේ නොපසුබට උත්සාහය නිසා 1914 පෙබරවාරි 24 වැනිදා කි. මී. 2.065ක දිගකින් යුත් පම්බන් මුහුදු දුම්රිය පාලම විවෘත කිරීමට හැකිවුණා. එම දුම්රිය පාලම මඟින් තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් නගරයත් පම්බන් දූපතත් යා කෙරුණා. මේ දුම්රිය පාලම ඉන්දියාවේ පළමු මුහුදු පාලම යි. 1988 වසරේ දී මණ්ඩපම් සිට පම්බන් දූපත දක්වා පාලමක් ඉදිකරන තුරුම පම්බන් දූපත තමිල්නාඩුව සමග සම්බන්ධ වුණේ පම්බන් දුම්රිය පාලම මඟින්.

    ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වෙයි..
    පම්බන් දුම්රිය පාලමේ වැඩ කටයුතු සිදුවෙමින් පැවති අතරතුර, තලෙයි මන්නාරම සිට ධනුස්කොඩි දක්වා දුම් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා පම්බන් දූපතේ කෙළවර තිබුණු ධනුස්කොඩි නගරයේ සහ තලෙයිමන්නාරමේ නාවුක ජැටි 2ක් නිර්මාණය කෙරුනා. පම්බන් මුහුදු පාලම විවෘත කළ දිනය වුණේ 1914 පෙබරවාරි 24 වැනිදා යි. එදා ඉන්දු-ලංකා මුහුදු තැපෑල ආරම්භ වුණා. එය "ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස්" යන නමින් හඳුන්වනු ලැබුවා. මේ සේවාව මඟින් ඉන්දියාව සහ ලංකාව අතර භාණ්ඩ සහ මඟීන් ප්‍රවාහනය සිදුවුණා.

    එකල මදුරාසියේ එග්මෝර් දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8ට පිටත් වුණු දුම්රිය පසුදින සවස 3ට පමණ වන විට ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ ජැටිය වෙත පැමිණියා. දුම්රියෙන් පැමිණෙන මඟීන් සහ භාණ්ඩ ජැටියේ නවතා තිබෙන දුම් බෝට්ටු දෙකකට පැටවීම සිදුවුණා. සවස 4ට ධනුස්කොඩි ජැටියෙන් පිටත්වුණු දුම් බෝට්ටු පැය 3ක පමණ ගමනකින් පසුව සවස 7ට පමණ තලෙයිමන්නාරම වෙත ළඟා වුණා. එයින් පැමිණි මඟීන් සහ භාණ්ඩ රාත්‍රී තැපැල් දුම්රිය හරහා කොළඹ දක්වා රැගෙන යාම සිදුවුණා. ඉන්දියාව සහ ලංකාව අතර මෙම ප්‍රවාහන සේවය ඒ යුගයේ දී දිනපතාම ක්‍රියාත්මක වුණා.
    සුළි සුළඟක් නිසා මුහුදු තැපෑල අතරමඟ නවතියි..

    1964 දෙසැම්බර් 18 වැනිදා දකුණු අන්දමන් දූපත් දෙසින් ආරම්භ වුණු සුළි සුළඟක් දෙසැම්බර් 19 වැනිදා වන විට පැයට කි. මී. 260ක පමණ වේගයකින් පම්බන් දූපත වෙත ළඟා වුණා. "රාමේෂ්වරම් සුළිසුළඟ" නමින් ප්‍රසිද්ධියට පත්වුණු එම චණ්ඩ මාරුතය හේතුවෙන් මීටර 7ක පමණ උසකට ජල ප්‍රහාරයක් ධනුස්කොඩි නගරයට එල්ලවුණා. ධනුස්කොඩි නගරයත්, දුම්රිය මඟත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

    ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ සිටි මඟීන් 150ක් පමණ සුළිසුළඟ නිසා මුහුදට ගසාගෙන ගිය බව එකල පුවත්පත්වල වාර්තා වී තිබුණා. ධනුස්කොඩි දුම්රිය ස්ථානයේ නවතා තිබුණු දුම්රියක් ද 200ක පමණ මඟීන් පිරිසක් සමගින් විනාශයට පත්වුණා. එසේම පම්බන් මුහුදු දුම්රිය මාර්ගයට ද විශාල වශයෙන් හානි සිදුවුණා. එනිසා ඉන්දු-ලංකා මුහුදු තැපෑල වසර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

    මුහුදු තැපෑල යළි ඇරඹෙයි..
    එදා ඉංජිනේරුවන් වසර 5ක කාලයක් වැයකර විනාශයට පත්ව තිබුණු දුම්රිය මාර්ගය පිලිසකර කළා. නමුත් ධනුස්කොඩි නගරය යළි ඉදිකිරීම පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්ත රජයේ බලධාරීන් උනන්දු වුණේ නැහැ. එසේම සුළි සුළඟ නිසා විනාශයට පත්වුණු තලෙයිමන්නාරම නාවුක ජැටියත් යළි ඉදිවුණේ නැහැ. වසර කිහිපයක් පුරා නැවතී තිබුණු මුහුදු තැපෑල 70 දශකයේ මුල් භාගයේ දී යළි ආරම්භ වුණා. නමුත් එහි ගමන් මාර්ගය තරමක් වෙනස් වී තිබුණා.

    අලුතින් ආරම්භ මුහුදු තැපැල් සේවාවේ දී, මදුරාසියේ සිට පැමිණි දුම්රිය පම්බන් දූපතේ ප්‍රධාන නගරය වුණු රාමේෂ්වරම් වෙත පැමිණියා. නමුත් රාමේෂ්වරම් නගරයේ සිට තලෙයි මන්නාරම දක්වා දුම් බෝට්ටුවලින් පැමිණීමට වැඩි කාලයක් ගතවුණා. එසේම ඒ වන විට තලෙයමන්නාරම පිහිටා තිබුණු නාවුක ජැටිය විනාශ වී තිබුණු නිසා අඟුල් භාවිතා කර මඟීන් සහ භාණ්ඩ බෝට්ටුවල සිට දුම්රිය වෙත රැගෙන ගියා. මෙනිසා අලුතින් ආරම්භ වුණු මුහුදු තැපැල් සේවාවේ දී කොළඹ සිට මදුරාසිය බලා යාමට පෙරට වඩා කාලයක් ගතවුණා.
    ඉන්දු-ලංකා මුහුදු තැපෑලේ අවසානය..

    1983 වසරේ දී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මුල්කර ගෙන ඊළාම් යුද්ධය ආරම්භ වුණා. 1984/85 කාල සමයේ දී කොළඹ සිට කන්කසන්තුරය බලා ගමන් කළ යාල් දේවි දුම්රිය ත්‍රස්තවාදීන් විසින් කිහිප වරක් පුපුරුවා හැරියා. එනිසා ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවය ද ඉදිරියට පවත්වාගෙන යාම අවදානම් ක්‍රියාවක් බව බලධාරීන්ට ඒත්තු ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1985 වසර වන විට ඉන්දු-ලංකා මුහුදු තැපැල් සේවාවේ අවසානය සනිටුහන් වුණා.

    (උපුටාගැනීම අන්තර්ජාලයෙන්)
    FB_IMG_1659329453129.jpg
    FB_IMG_1659329456197.jpg
    FB_IMG_1659329459477.jpg
    FB_IMG_1659329462216.jpg
    FB_IMG_1659329465098.jpg
    FB_IMG_1659329476213.jpg
    FB_IMG_1659329470392.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මන් නම් හිතන්නෙ මෙක ආයෙ පටන්ගත්තොත් ලන්කාවට ගොඩක් වාසියි.ඉන්දීය ඩස්පයො මෙහෙට හොරෙන් පනියි කියන්න එපා,එවා ඉතින් දෙශ සීමා වල චෙක් කරලා පිලිවෙලකට කරන්න ඕන.ඉන්දියාවට අඩු වියදමකින් යන්න පුලුවන් කියන්නෙ එකෙ වාසිය ලන්කාවෙ මිනිස්සුට ගන්න පුලුවන්.