කොළඹ මුහුදු නගරය තැනීම ළඟදීම ඇරඹේ
කොළඹ මුහුදු නගරය තැනීම ළඟදීම ඇරඹේ
ගාලු මුවදොර අසල මුහුදේ හෙක්ටයාර් 500 ක් ගොඩකර නව නගරයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියේ නවතම තතු පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා හෙළි කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පැවසුවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අවසන් තීන්දුවක් ලබාගැනීම සඳහා මේ වනවිට අදාළ ව්‍යාපෘති යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කමිටුවක් වෙත යොමුකර තිබෙන බවත් එහි අවසන් තීන්දුව නොවැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
“මේ වනවිට, මෙම ව්‍යාපෘතියට ආයෝජකයෙකු කැමැත්ත දක්වා තිබෙනවා. එම ආයෝජකයා ගැන අදහස් දැක්වීමට මේ අවස්ථාවේදී මම කැමති නෑ. අපි බලාපොරොත්තු වෙන්නෙ මෙම ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කරන්න.“
යනුවෙන්ද ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර මාස 39 කින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර ඩොලර් මිලියන 700 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
“මුහුද ගොඩකරන්නෙ වැලි වලින්. මෙම වැලි මුහුදෙන්ම ලබාගත හැකියි.“
යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
- Vimasuma.com