කොළඹ විශ්ව විද්‍යාලයට නේවාසිකාගාරයක් හම&

monson

Well-known member
  • May 7, 2007
    25,652
    28,684
    113
    කොළඹ විශ්ව විද්‍යාලයට නේවාසිකාගාරයක් හම&

    කොළඹ විශ්ව විද්‍යාලයට නේවාසිකාගාරයක් මිලියන 219ක් වැයකර හම්බන්තොට හදලා

    June 21, 2018

    මහින්ද රාජපක්ෂ පාලන සමය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිගත්ත ප්‍රදේශයේ කිසිදු විශ්ව විද්‍යාලයකට අයත් පීඨයක් නොමැති තත්වයක් තුල කොළඹ විශ්ව විද්‍යාලයට අයත් කාමර 100 නේවාසිකාගාරයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගොඩනගා ඇති බව වාර්තාවේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවෙන් මෙම තොරතුරු හෙලිදරව්වේ.

    මෙම වැලිගත්ත ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ පීඨය ගොඩනැගීමට යෝජිතව තිබුණද එම පීඨය ගොඩනැගීමය පෙර රුපියල් මිලියන 219ක් වැය කරමින් මෙම නේවාසිකාගාරය ඉදිකිරීම හාසය දනවන කරුණකි. මෙම කාමර 100කින් යුත් නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පසුව මෙහි ස්ථාපිත කිරීමට යෝජිත කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජෛව තාක්ෂණ පීඨය ස්ථාපිත නොකිරිමට තීරණය කිරීමත් සමග මෙම නේවාසිකාගාරය ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි සුදු අලියෙක් බවට පත්වී ඇත.

    මෙම වැලිගත්ත ප්‍රදේශයේ ජෛව තාක්ෂණ පිඨයක් ස්ථාපිත කිරීමට පෙර නේවාසිකාගාරයක් ඉදිකිරීම බරපතල ගැටළුවක් බවත් ඒ පිලිබදව රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ දැඩි අවදානය යොමුවී ඇත.

    වාර්තාවන ආකාරය මෙම නේවාසිකාරය ඉදිකිරීම පිටුපස මහින්ද රාපක්ෂලාගේ දේශපාලන න්‍යාය පත්‍රය පවතින බව පෙනී යයි. එනම් එවකට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය වු ෂණිකා හිරුකුඹුරේගම මහත්මිය හා ඇගේ සැමියා වු කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති කුමාර් හිරුකුඹුරේගම මේ පිටුපස සිටින බව තහවුරුවේ. කුමාර් හිරුකුඹුරේගම එම කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂ වරුන් සමග දේශපාලනයට සම්බන්ද වු අතර එහි ප්‍රථිපලයක් ලෙස කොළඹට ඉතා දුරස්වු හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශයක මෙම පීඨය ගොඩනැගීමට තීරණය කර ඇත. නමුත් පසුව එම ස්ථානයේ මෙම පීඨය ගොඩනැගීම අතහැර දමාඇත.


    - https://www.colomboxnews.com/2018/06/21/මහින්ද-විශ්ව-විද්‍යාලයක්/
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1.aththa nam. Chatar wade ape salli nastiyak. Api tama oya naya gewannat ona.
    2.aththa nam. Gasakapu ayata daduwam denna ona
    3.atta nam oka salli kawa unat eken adayamak labanna dan inna anduwata puluwan wenna ona
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ මේක ඇත්තනම් මුන්ට හෙන ගහනවා නේ බන් :angry:

    හිබුරේගම ඇස බි හෙම එකතුවෙලා අද්යපනේ කැවා

    එස් බියා හෙම අද්යපනේ තෙලෙන් බැදගෙන කෑවේ ඒ කාලේ

    උගේ පකේ ජ්‍යාමිතික සුත්‍රය වැරදිලා අපි අවරුදු එක හමාරක් විතර ගෙදර හිටියා :angry:

    රවින්ද රන්දෙනිය, ජැක්සන් ඇන්තනි ලොක්ක හෙම එකතු වෙලා කලාව කැව ා,

    රන්මිණිතැන්න කියල එකක් හැදුවා මේ ලගදි ගිහින් බලනකොට ගන්න දෙයක් නැ එකෙත්

    ප.ලි දැන් උන් හොදයි කියනවා නෙවෙයි මේ

    ජොයින්ට් එකක් හෙම ගැහුවම අපි ඉන්නේ මොන්ටිසෝරියක කියල හිතෙනවා මට වෙලවක, හැම එකාම අපි රවට්ටනවා අපිත් පුකේ දේශපාලන සාකච්චා බලල tv එක off කරලා නිදාගෙන උදේට බස් එකේ නැගල වැඩට යනවා ගුඩ් මොර්නින්ග් කියා කියා :D ..

     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සිම්පල්නේ හම්බන්තොට යන එක කොළබ ඉදන් ... උඩින් යන්න කැමති ළමයි මිහින් ලංකා එකෙන් මත්තලට යන්න . බිමින් යන්න ඕන ළමයින් හයි වේ එකෙන් යන්න එහෙම අකමැති නම් සුදු වැන් එකක වුනත් ලේසියෙන්ම යන්න පුලුවන්නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,652
    28,684
    113
    :lol:

    rep2.jpg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වැලිගත්තේද? ජනතාව නොමග යවන්න එපා බන්

    කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග‍්‍රාමීය පර්යේෂණ ආයතනය


    http://www.cmb.ac.lk/index.php/kesel_pala/
    http://www.ugc.ac.lk/si/universities-and-institutes/degree-courses/single/35.html?pv=institutes
    http://www.nethnews.lk/article/46480
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේක හරි දුෂ්කර ප්‍රදේශයක් පහසුකම් අඩුයි මම දැකලා තියෙනවා මේතන දැකපු දවසේ පුදුම උනා හම්බන්තොට මෙවැනි ප්‍රද්‍ෙශයක මෙහෙම තැනක් තියෙනවද කියලා..මේ කිට්ටුව මගේ යාලුවෙක් වනජීවි එකේ කුටි වගයක් හැදුවා..වැලිගත්තේ බුදු පිළිමය ඉස්සරහ මාර්ගයනේ මෙතනට යන පාර
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොන්සනෝ ඔහොම එකක් තියෙනව කියල හොයාගන්නත් උඹගෙ ආණ්ඩුවට අවුරුදු 4ක් ගියාද? :rofl::rofl:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    හර්ෂනී අර්සකුලරත්න

    ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් පවතින බව හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනි ආචාර්ය සුජාතා වීරසිංහ පවසන්නීය.
    මේ පිළිබඳ අප කළ විමසුමකදී ඇය පැවැසුවේ කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත හැකි බවයි.
    පදම් කිරීමෙන් අනතුරුව මාස 3ක් පමණ මේ කෙසෙල් කොළ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් පැවැසුවාය.

    මෙය කෙසෙල් වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් බවත් මේ කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය අවශ්‍ය පිරිස් සඳහා ලබාදීමට සිය තාක්ෂණ විද්‍යායතනය සූදානම් වන බවත් ඇය පැවැසුවාය.

    කෙසෙල් කොළ යනු මෙරට දුර්ලභ ශාක පත්‍රයක් නොවන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතරේ ප්‍රචලිත කළ හැකි පහසු තාක්ෂණයක් බවද ඇය කීවාය. මේ තාක්ෂණය ලබාගැනීමට කැමැති පිරිස්වලට කණ්ඩායම් වශයෙන් අධ්‍යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනය වෙත ලිපි යොමු කොට දිනයක් වෙන් කරවා ගත හැකි බවද සඳහන් කළාය.
     
    Last edited: