කොළඹ - හැටන් පාර විනාශයි

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කිතුල්ගල උඩින් පට්ට නායක් ඇවිත් පාර full block මචන්.
    හැටන් ඉදන් කිතුල්ගල අතර නායවල් 20 විතර ඇවිත් ගොඩක් ඒවා අයින් කරත් ලක්ෂපාන හරියෙ පට්ටම නායක් ඇවිත් මුලු පාරම block උදේ 9 ඉදන් විතර
    අඩේ මුන් නාය අයින් කරන්න පාරට කන්දක් කඩන් එනවා

    දැක්කම පිස්සු වගේ මොකක්ද බන් ඊයේ උනේ
    අද ගෙදර ආවේ රැ 3000 විතර වියදම් නිකම්ම
    කරන්ට් නෑ ඒ අස්සේ යන්න එවුන් හිතන් ඉන්නවා නම් නුවර පාර පාවිච්චි කරන්න
    රෑ හින්දා photo දාන්න විදියකුත් නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඒ තරං නාය ගිහින් ද

    ඔව් මචන් මන්ම මේන් රෝඩ් එකේ නාය උඩින් පැනලා ගෙදර ආවේ .
    ඇගත් වෙව්ලනවා තාම
    මිනිස්සු අයින් කරලා ඒ අස්සේ

    මඩ කාලා ආවේ ෂික් විතරක්
    වෙලාවට ගෙදර ලග පොලිසියේ එකෙක් එතන හිටියා ඩයල් එක help එකක් දුන්නා
    තාම ගල් පස් පෙරලෙනවා පාරට
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    නිව්ස් වලටවත් කිව්වේ නෑනෙ බන්, මේ දැන් වෙච්ච සීන් එකක්ද?

    අද මචන් මටත් හිතා ගන්න බෑ
    පාර බල්ලෙක් වත් නෑ
    අපේ ගෙදර කට්ටිය දන්නෙත් මන් කිව්වට පස්සේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    අද මචන් මටත් හිතා ගන්න බෑ
    පාර බල්ලෙක් වත් නෑ
    අපේ ගෙදර කට්ටිය දන්නෙත් මන් කිව්වට පස්සේ
    මාධ්‍ය වලින් වැදගත් දේවල් දෙන්නෙ නෑ කියන්න හොඳම උදාහරනයක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_d371e70904.jpg
    image_c1c0de11fd.jpg
    image_84273dbc69.jpg
    image_9d95f99c99.jpg

    image_5901b5d2b7.jpg

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් , ගිනිගග්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් තාවකාලිකව වසාදැමු බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.

    ගිනිගත්හේන පොල්පිටිය පොලිස් වසමට අයත් කළුගල යටිබේරිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩාගෙන වැටි ඇති බවත්, එම පස් කන්ද ඉවත් කිරිමේදි කන්දට ඉහලින් වු තවත් පස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල පොලිස් මාර්ග බාධකය අසලින් වසා දමන බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

    මේ අතර ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් ගිනිගත්හේන දියගල වත්ත ප්‍රදේශයෙන් කඩා වැටිම නිසා එම මාර්ගයද තාවකාලිකව වසා දැමු බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාධ්‍ය වලින් වැදගත් දේවල් දෙන්නෙ නෑ කියන්න හොඳම උදාහරනයක්

    ambooo bn 😫 😫
    image_d371e70904.jpg
    image_c1c0de11fd.jpg
    image_84273dbc69.jpg
    image_9d95f99c99.jpg

    image_5901b5d2b7.jpg

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් , ගිනිගග්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් තාවකාලිකව වසාදැමු බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.

    ගිනිගත්හේන පොල්පිටිය පොලිස් වසමට අයත් කළුගල යටිබේරිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩාගෙන වැටි ඇති බවත්, එම පස් කන්ද ඉවත් කිරිමේදි කන්දට ඉහලින් වු තවත් පස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් පවතින නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල පොලිස් මාර්ග බාධකය අසලින් වසා දමන බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

    මේ අතර ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් ගිනිගත්හේන දියගල වත්ත ප්‍රදේශයෙන් කඩා වැටිම නිසා එම මාර්ගයද තාවකාලිකව වසා දැමු බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

    ඔය මුල් photo තුනේ තියෙන කන්ද සම්පුර්ණයෙන්ම කඩන් පාරට ඇවිත් හවස
    ඕක තමා කොලඹ හැටන් main road එක ඕක පැනලා තමා කලුවරේ මම ගෙදර ආවේ 😳

    ------ Post added on Jul 11, 2021 at 1:44 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ගොන් චීන්නු සන්වර්දනය කරපු පාර නේද... වැඩි බෑවුමක් කන්දට තියලා.
    අපේ වැවු ටිකටත් ඔක්ක්ම තමා ඔකුන් කරන්නේ.