කොළඹ හොදම රටකෑම ජොයින්ට් 7ක්.....
.
.
.
.
.
.
.
.
කොළඹ හොදම රටකෑම ජොයින්ට් 7ක්.....
හැමදාම කන දේවල් ටිකට අමතරව ටිකක් වැඩිපුර වියදම් කරලා හරි ඒ ඒ රටවලට ආවේණික කෑම ගැන දැන ගන්න එක හොඳයිනේ මේ ඒකට පොඩි උදව්වක් . මේ කඩවල තියෙන්නේ ඔරිජිනල් රස නිසා හන්දියේ කඩෙන් කන චයිනීස් කෑම වල රස බලාපොරොත්තු වෙන්නත් එපා..
ඉතාලි කෑමකට නම්-Pranzo
බත්තරමුල්ලේ වෝටර්ස් එජ් එකේ තියන මේ ඉතාලි අවන්හලේ දෙදෙනෙකුට රුපියල් 2000 ක මුදලට ඉතාලි පන්නයේ ආහාර වේලක් ගැනීමේ හැකියාව තිබෙනවා. උදෑසන 11 සිට රාත්‍රී 11.30 වන තෙක් විවෘතව තියන මේ අවන්හලේ රිසොතො,පැස්ටා ස්පැගටි සුප් වර්ග රස බැලීමේ හැකියාව තිබෙනවා.
කොරියානු රසට- Han Gook Gwan
රුපියල් 2500 කට පස් දෙනෙකුට කෑම කන්න පුළුවන් මේ අවන්හල තියෙන්නේ හැව්ලොක් ටවුන් වල සාම්ප්‍රදායික කොරියානු කෑම අතරේ මස් මාළු සුප් බත් වර්ග ඇතුලත් අවන්හලේ ප්‍රසිද්ධම ආහාරයක් විදියට සෝජු හඳුන්වන්න පුළුවන් කොරියානු ජාතික දෙපලක් පවත්වාගෙන යන මෙම අවන්හලෙහි කෑම මේසයකටම කුඩා ගෑස් උඳුනක් සවිකර ඒ මොහොතේ සිදු කරන රත්කිරීමක අත්දැකීම විඳින්නට ඉඩ සලසා දෙනවා.
ජපන් රස මුවට-Sakura
සකුරා කියන්නෙත් හැව්ලොක් ටවුන් හි ඇති ජපන් පෙනුමෙන් යුතු අවන්හලක් පිටත මෙන්ම ඇතුළතත් ජපන් සංස්කෘතියට අනුව සකසා ඇති එහි සැබෑ සේවයක් ලබා දෙන බවට ඇති පාරිභෝගික සහතිකයත් තියෙනවා.පිකල් වර්ග meatballs මාළු විශේෂ සුෂි සහ බර්ගර් වර්ග ජපාන රසයෙන් එහිදී මිලදී ගතහැකිය .දෙදෙනකුට ආහාර වෙනුවෙන් රුපියල් තුන් දහසක් පමණ වියදම් කිරීමේ ඉඩකඩක් පවතිනවා.
තායි රසය වෙනුවෙන්-tom Yum
thai ආහාර පිරුණු මේ අවන්හල තියෙන්නේ බත්තරමුල්ලේ පන්නිපිටිය පාරේ.රුපියල් 2000ක වගේ මිලකට දෙදෙනෙකුට ආහාර ගැනීමේ හැකියාව ඇති මේ අවන්හලේ සාම්ප්‍රදායික thai ආහාර සීතල සහ උණුසුම් පානයන් බත් වර්ග සැලඩ් වර්ග සුප් විශේෂයෙන් මුහුදු මාංශයෙන් පිරී තිබෙනවා එසේම එහි කට ගැස්මක් ලෙසින් ලබාගත බොහෝ ආහාර ද ඔබට තෝරාගත හැකියි
ඉන්දීය රස විඳින්න-amrith indian restuarant
උතුරු ඉන්දියානු ආහාර සේම කේරලයේ ආහාර වලට විශේෂ අම්රිත් පිහිටා ඇත්තේ හැව්ලොක් ටවුන් වලයි නිස්කලංක පරිසරය ඇතුළත දී රුපියල් තුන් දහසකට ආසන්න මුදලකට දෙදෙනෙකුට ආහාර ගැනීමේ හැකියාව තිබෙනවා.ඔවුන්ගේ මසාල පරිප්පු කරිය විශේෂයෙන්ම රස බැලිය යුතු බව සඳහන් කළ යුතුයි.
සැමදා දකින මාකරා නොව-Tsing tao
හැම හන්දියක ම තියෙන චීන ආහාර කඩවලට වෙනස් සාම්ප්‍රදායික චීන රසයක් ආහාරයෙන් විදින්නට අවශ්‍ය නම් ඔබ තෝරා ගත හැකි හොඳම විකල්පයක් ලෙස tsingtao දැක්විය හැකියි.කුරුඳු වත්තේ ඇති මෙම අවන්හලෙහි උඩු මහලෙහි ආහාර ගැනීම මනරම් දසුනක් ගෙනෙන්නක් බව පැවසිය යුතුයි..චීන සහ මුහුදු ආහාරයෙන් සුසැදි අවන්හල දෙදෙනෙකුට ආහාර ගන්නේ නම් සාමාන්‍යයෙන් රුපියල් 4000 ක පමණ මුදලක් වැයවන බව කිව යුතුයි.
අරාබි කෑමට- hazari`s
hazaris තියෙන්නේ කොල්ලුපිටියෙ.මනරම් අරාබි ආහාර වේලක් වෙනුවෙන් එය ඉතා ගැළපෙන අවන්හලක් .කට දැවිල්ලට කෑම කන්න ආස කරන සැවොම යායුතු අවන්හලක් ලෙස එය දැක්විය යුතුයි.රුපියල් දෙදහස් පන්සියයකට දෙදෙනෙකුට සරිලන ආහාර ලබා ගත හැකි එහි ශවර්මා වලට ඉතා හොඳ පාරිභෝගික ප්‍රතිචාර තිබෙනවා...
-සාරවිට-

up