කොළඹ_තහනම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යාචක තහනම: "දවසකට රුපියල් 2000ක් විතර හොයනවා"






"මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි" කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක තහනම ගැන දරන්නේ එවැනි අදහසකි.

_99426945_still0601_00007.jpg


ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග හා පොදු ස්ථානවල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
යාචක රැකියාවෙන් ඉවත්වන ලෙස මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක යාචක ජනතාවගෙන් පසුගිය දෙසැම්බර් 20 වෙනි දින ඉල්ලා සිටියේය.



"රැකියාව ලෙස යාචක වෘත්තියේ නියැළෙන අයගෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා ජනවාරි 1 වැනිදා සිට ඒකෙන් ඉවත්වෙන්න. රැකියාවට කරන අය ගෙවල් වල ඉඳලා එන්නේ. ඒ අයට මාධ්‍ය මගින් මේ පණිවිඩය යවන්න පුළුවන්," අමාත්‍යවරයා පැවසීය.





කිසිදු පිළිසරණක් නැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද අමාත්‍ය රණවක සඳහන් කළේය.
විශේෂයෙන්ම මහජනතාවට ඔවුන්ගෙන් සිදුවන හිරිහැර සහ නගර අලංකරණයට ඇතිව තිබෙන ගැටලු සිඟමන් තහනම් කිරීමට හේතුවී තිබෙන බව ආණ්ඩුව පවසයි. මින් පෙර අවස්ථා ගණනාවකදී ද මෙවැනි තහනම් ක්‍රියාත්මක වුවත් දැනටත් කොළඹ නගරයේ සිටින යාචක ප්‍රමාණයෙන් පෙන්නුම් කෙරෙන්නේ මීට පෙර දියත් කළ තහනම් සාර්ථක වී නොමැති බවය.
මෙම නවතම යාචක තහනම ගැන කොළඹ නගරයේ සහ ඒ අවට සිඟමනේ යෙදෙන යාචකයෝ දැඩි කැළඹීමකට පත්ව සිටිති. තමන්ගේ එකම ආදායම අහිමිවීම ගැන ඇතැමුන් කණගාටුවෙන් පසුවන අතර යළිත් තමන්ට රිදීගම යාචක පුහුණු මධ්‍යස්ථානයට යාමට සිදුවනු ඇතැයි තවත් සමහරු බියෙන් පසුවෙති.



මීට වසර 25කට පෙර දුම්රියට යට වී සිය පාදය අහිමි වූ බව පාදයක් අහිමි සරත් පවසයි. දිනපතා යාචක රැකියාවෙන් ලැබෙන ආදායමෙන් සිය පවුල නඩත්තු කරන බව ඔහු පවසයි.



_99426947_still0601_00004.jpg


"තහනම් කළොත් මම මෙතනම කපුරු විකුණනවා. මෙතන ට්‍රැෆික් ලයිට් එකේ වාහන නවත්වන මහත්තුරු මට ආදරෙයි," යාචක තහනමට සිය විසඳුම ඔහු එලෙස බීබීසී සිංහල සේවයට විස්තර කළේය.

ආණ්ඩුවෙන් ලබාදෙන බව පවසන සහනාධාර ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් සරත් පවසයි.

සරත් සමග ඊට යාබද මංතීරුවේ සිඟමනේ යෙදෙන පාදයක් අහිමි ජයන්ත රිදීගම මධ්‍යස්ථානය පිළිබඳව සිය අත්දැකීම හෙළි කළේය.
"මාවත් පුනරුත්ථාපනය කරනවා කියලා බලෙන් රිදීගම ගෙනිච්චා. එතන කිසි දෙයක් කෙරෙන්නේ නැහැ, බලු කුඩුවක් වගේ."
වසරක කාලයක් එහි සිටි ඔහු නැවතත් යාචක රැකියාවට පැමිණ තිබේ.



තහනමට විකල්පයක් ලෙස ලොතරැයි ටිකට් පත් කිහිපයක් අත තබාගෙන සිටින යාචක රැකියාවේ යෙදෙන්නේ ඒවා විකිණීමේ මුවාවෙනි.



_99426949_still0601_00011.jpg


"ගිය පාරත් මාව අල්ලන් ගියේ මේ ටිකට් ටික අතේ තියෙද්දීමයි. ඔය කවුරුත් අපි ගැන බලන්නේ නැහැ," ඔහු පවසන්නේ ආවේගයෙනි.
ඔවුන් ආසන්නයේම සිඟමනේ යෙදෙන වයෝවෘද්ධ කාන්තාව දිනපතා බස් රථයකින් කොළඹට පැමිණ නැවත සවස් වරුවේ නිවසට යන බව බීබීසී සිංහල සේවයට කියා සිටියාය.



"දුවගේ දුවට උගන්වන්න තමයි මම මෙහෙම පාරවල්වල අයිනේ ඉන්නේ. එයා ලබන අවුරුද්දනේ A/L කරනවා. දුව කියනවා එයා විභාගේ කරාට පස්සේ ආච්චිට මෙහෙම දුක්විඳින්නැ දෙන්නේ නැහැ කියලා."
ශ්‍රියානි, තවත් එලෙස යන එන වාහනවලට අත පොවා දිවි රැක ගන්නා කානතාවකි. වසර 9 කට පෙර සිදුවූ බව පවසන රිය අනතුරකින් ඇය ආබාධිතව සිටින්නීය.



"මමත් කැමති නැහැ මෙහෙම පාරවල් අයිනේ දුක් විඳින්න. ඇවිදින්න බැරි ළමයෙක් ඉන්නවා ගෙදර. ඒ අයට කන්න දෙන්න ඕනේ, මෙතන හිටියම දවසකට රුපියක් 1,000ක් 1,200ක් හොයා ගන්න පුළුවන්," ඇය තවත් වාහනයක් ලුහුබඳිමින් පවසයි.



"අපිට යම් වැඩපිළිවෙලක් හදල දෙන්න ඕනේ ජිවත් වෙන්න. රැකියාවක් දෙන්න මම මේක නවත්වන්නම්."


_99428006_still0601_00006.jpg


සංවිධානාත්මක කටයුතු කරන යාචක කල්ලි ගැන දැනුවත් වුවත් තමන්ට ඔවුන් හා සම්බන්ධයක් නැති බව ඒ සියලු දෙනාම පැවසූහ.
"මම දැකලා තියෙනවා වාහනවලින් උදේට බස්සලා, හවසට එක්කන් යන අය. නමුත් ඒ ගැන වැඩි තොරතුරැ දන්නේ නැහැ," එක් වයෝවෘද්ධ යාචකයෙක් පැවසීය.



පවුලේ සියළු දෙනා සුනාමියට බිළිවීමෙන් පසු තමන් සිඟමනට වැටුණු බව ඔහු කියා සිටියේය.



"පොලිසියෙන් කිව්වා මට පළවෙනිදා ගෙනියනවා කියලා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙනිච්චත් එකයි, නැතත් එකයි, මේ ආණ්ඩුවලින්ම තමයි අපිව ඇති කරේ දැන් නැති කරන්නෙත්."


ඇතැම් යාචකයන්ට යාමට නිවසක් තිබුනත් මේ වයෝවෘද්ධ පුද්ගලයා පවසන ආකරයට ඔහු රාත්‍රිය ගත කරන්නේත් මහ පාරේය.



නැතිබැරි කම නිසා සිඟමනේ යෙදෙන මෙවැනි පුද්ගලයන් සඳහා සුබසාධක වැඩපිළිවෙලක් සමාජ සුබ සාධන අමාත්‍යංශය හා කොළඹ නාගරික පුණ්‍ය කොමසාරිස්වරයා හරහා සකස් කර තිබෙන බව රජය පවසයි. යාචක වෘත්තියේ නියැලෙන්නන් එම රැකියාවෙන් ඉවත්ව පුණ්‍ය කොමසාරිවරයා හමුවෙන ලෙස ද ආණ්ඩුව ඉල්ලා සිටියි.


"වැඩක් නැහැ මහත්තය එතනට ගිහිල්ල රුපියල් තුන් හාරදාහක පින් පඩියක් දෙනවා කියයි. ඒකෙන් ජීවත්වෙන්න අපිට බැහැ, අපි ආයෙත් පාරට බහින්න වෙන්නේ," ඒ ඉල්ලීම ගැන යාචකයන් දක්වන්නේ එවැනි ප්‍රතිචාරයකි.
"අනික මිනිස්සුන්ට පිනක් දහමක් කරගන්න කීයක් හරි දෙන්න, දානයක් දෙන්න අපි වගේ අය ඉන්න ඕනෙනේ."



 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉස්සර කලා වගේ රෑට රෑට ඔලුවට ගල් අතෑරල මැරුව නං ඉවරයි බං කොහෙද අපේ කරුමෙට අපි ඒව නැති කරගත්තනෙ :(
 

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    ඉස්සර කලා වගේ රෑට රෑට ඔලුවට ගල් අතෑරල මැරුව නං ඉවරයි බං කොහෙද අපේ කරුමෙට අපි ඒව නැති කරගත්තනෙ :(

    siravata :yes::yes: colombo inna hora hinganno hinda ahinsaka minihekutavath udau karanna hithen na :sorry:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඉස්සර කලා වගේ රෑට රෑට ඔලුවට ගල් අතෑරල මැරුව නං ඉවරයි බං කොහෙද අපේ කරුමෙට අපි ඒව නැති කරගත්තනෙ :(

    :no::no::no::no: