කොළොන්නාවට කියන්න වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි නෙවෙයි "කුඩ්ඩන්" සරණං ගච්ඡාමි කියල
කොළොන්නාවට දැන් කියන්න වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි නොව, කුඩ්ඩන් සරණං ගච්ඡාමි කියායි කොළොන්නාව ආනන්දාරාම විහාරාධිපති සිටිනාමළුවේ වජිරසිරි හිමියෝ පැවැසූහ.
ආනන්දාරාමයේ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ හිමියෝ මේ බව පැවැසූහ.
වජිරසාර හිමියෝ මෙසේද කීහ.
‘අද වන විට නිදහස සමරනවා මිස නිදහස බුකිති විඳින්න අපට බැහැ. අද නිදහස තිබුණා කියන්න විතරයි පුළුවන්. මාධ්‍යයෙන් ඕනෑම දෙයක් කතා කරන්න බයයි. මොකද නිකං මුහුදේ ගියා වගේ වෙච්ච දෙයක් හොයාගන්න බැරිව නැති වෙනවානේ.
වෙනදා මේ වගේ උත්සවවලට මම දේශපාලනඥයන් ගෙන්වනවා. ඒක මගේ අතින් සිදුවුණු ලොකු වරදක්. ඒ සුදු රෙද්ද යට ඉන්නේ පාතාලකාරයෝ, මිනීමරුවෝ, කුඩුකාරයෝ. මේ පන්සලේ එක ගඩොල් කැටයක් මං කුඩ්ඩකුගෙන් අරගෙන නෑ. එක දානේ වේලක් කාලා නෑ. එක කුඩ්ඩෙක්ගේ අතේ පිරිත් නූලක් බැඳලත් නෑ.
මේ රට කැසිනෝවලට යට වෙන්න දෙන්න බෑ. රට රැකගන්න ඕනෑ. මේ සිවුර දාගෙන ඉන්න මට කොන්දක් තියෙනවා උන්ට විරුද්ධ වෙන්න. ඉස්සර වගේ වාරියපොළ හාමුදුරුවන්ගේ පෙළපතේ කවුරුත් නෑ. දැන් ඇතැම් හාමුදුරුවරු බලයට, ධනයට, කෑදරවෙලා වැල යන අතට මැස්ස ගහන කට්ටියක්. ඒ අය වාරියපොළ හාමුදුරුවන්ගේ බැජ් එකේ අය නෙවෙයි.
ජාතිවාදය, ආගම්වාදය අවුස්සන අවාසනාවන්ත හාමුදුරුවරු පිරිසක් අද ඉන්නේ. එදා කහ සිවුර පොරවගෙන කැති පොලු අරගෙන අපි යුද්දෙට ගියේ. අද ඒ කොන්ද නැහැ. අපි අඳුරු යුගයක ඉන්නේ.
අපි ශ්‍රී ලාංකිකයන්, වෙනත් ජාතින්ට මේ රටේ ඉඩම් ගන්න, ව්‍යාපාර කරන්න, පල්ලි හදන්න, ඇඳුම් අඳින්න බෑ. ආගමික කටයුතු කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ. අගමැති දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව හෝ වැරැද්දක් කළා. හාමුදුරුවරු කී නමක් ඒ මහතා පෝරකයට යවන්න දැඟලුවාද? මේ කොළොන්නාවේ තමයි චොප්පේ අයියලා, චූටිමල්ලිලා, කළු අජිත්ලා, මෝර සුනිල්ලා වැනි පාතාලයෝ, කුඩුකාරයෝ ඉන්නේ. මුලින්ම ලොකු කුඩ්ඩන් අල්ලන්න ඕනේ. කුඩු විකුණන පොඩි එවුන් නෙවෙයි. ඔය කෑගහන හාමුදුරුවරු ඔතනින් පහළට බැහැලා බලන්න මොකද අද වෙලා තියෙන්නේ කියලා.
නිවන් යන්න බැරි නම් අඩුම තරමින් රටට සේවයක් කරන්න ඕනේ. කොළොන්නාවේ ප්‍රබල මන්ත්‍රි කෙනෙක්ව පස්දෙනෙක් එක්ක මහ දවාලේ මරලා දැම්මා. ඒ විත්තිකරුවන් අඩුම ගාණේ හිරගෙදර හුනුද තීන්තද ගාලා තියෙන්නේ බලන්න හිරේ ගියාද? ඒ වගේ අවාසනාවන්ත යුගයක අපි ඉන්නේ. ඒ හොරුන්ටද පිරිත් නූල් බඳින්න කියන්නේ. මං මේවා හෙළි කළා කියලා අද මිනිසුන්, හාමුදුරුවරු මේ පන්සලට එන්නෙත් නැහැ. මාව පිළිකුල් කරනවා. ඇයි මෙච්චර බය. ඇයි කුඩ්ඩන්ට යට වෙලා ඉන්නේ. ඇත්ත කතා කරලා වෙඩි කාලා මැරුණත් සැපයි.
මේ කුඩු ජාවාරම අද නැවැත්තුවේ නැත්නම් පුංචි දරුවොත් කුඩු ගහන එක නවත්වන්න බැරි වෙනවා. මේ පළාත් සභා ඡන්දයේදී කුඩුකාරයන්ට සම්බන්ධ එකෙක්ට ඡන්දේ දීලා ඒ අතින් බත් කන්න එපා. ඒ ඡන්දයෙන් නැති කරන්නේ තමන්ගේ දූ දරුවන්. ඒ එකෙක් හරි පළාත් සභාවට, පාර්ලිමේන්තුවට හරි යනවා කියන්නේ විනාශයක්.
මම වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ පරපුරේ. මට නගරාධිපති නොතීසි එවලා ලක්ෂ 500ක් වන්දි ඉල්ලලා. ඔහුට මම දෙනවා වන්දි. මේ දුරාචාරයට එරෙහිව මම සටන් කරනවා.
උපදින උපදින ආත්මයක් ගාණේ කොළොන්නාවේ ඉපදිලා, කුඩු විකුණන සර්ගේ, කොළොන්නාවේ ලොකු කුඩ්ඩෝ අල්ලගන්න මම ක්‍රියාත්මක වෙනවා’ යැයි ඒ හිමියෝ කීහ.
Monday February 3rd 2014 -රෂිනි මෙන්ඩිස්