කොළොන්නාවට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොළොන්නාවට කියන්න වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි නෙවෙයි "කුඩ්ඩන්" සරණං ගච්ඡාමි කියල

    කොළොන්නාවට දැන් කියන්න වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි නොව, කුඩ්ඩන් සරණං ගච්ඡාමි කියායි කොළොන්නාව ආනන්දාරාම විහාරාධිපති සිටිනාමළුවේ වජිරසිරි හිමියෝ පැවැසූහ.

    15120_750400898326353_1438861140_n.jpg


    ආනන්දාරාමයේ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ හිමියෝ මේ බව පැවැසූහ.
    වජිරසාර හිමියෝ මෙසේද කීහ.

    ‘අද වන විට නිදහස සමරනවා මිස නිදහස බුකිති විඳින්න අපට බැහැ. අද නිදහස තිබුණා කියන්න විතරයි පුළුවන්. මාධ්‍යයෙන් ඕනෑම දෙයක් කතා කරන්න බයයි. මොකද නිකං මුහුදේ ගියා වගේ වෙච්ච දෙයක් හොයාගන්න බැරිව නැති වෙනවානේ.

    වෙනදා මේ වගේ උත්සවවලට මම දේශපාලනඥයන් ගෙන්වනවා. ඒක මගේ අතින් සිදුවුණු ලොකු වරදක්. ඒ සුදු රෙද්ද යට ඉන්නේ පාතාලකාරයෝ, මිනීමරුවෝ, කුඩුකාරයෝ. මේ පන්සලේ එක ගඩොල් කැටයක් මං කුඩ්ඩකුගෙන් අරගෙන නෑ. එක දානේ වේලක් කාලා නෑ. එක කුඩ්ඩෙක්ගේ අතේ පිරිත් නූලක් බැඳලත් නෑ.
    මේ රට කැසිනෝවලට යට වෙන්න දෙන්න බෑ. රට රැකගන්න ඕනෑ. මේ සිවුර දාගෙන ඉන්න මට කොන්දක් තියෙනවා උන්ට විරුද්ධ වෙන්න. ඉස්සර වගේ වාරියපොළ හාමුදුරුවන්ගේ පෙළපතේ කවුරුත් නෑ. දැන් ඇතැම් හාමුදුරුවරු බලයට, ධනයට, කෑදරවෙලා වැල යන අතට මැස්ස ගහන කට්ටියක්. ඒ අය වාරියපොළ හාමුදුරුවන්ගේ බැජ් එකේ අය නෙවෙයි.

    ජාතිවාදය, ආගම්වාදය අවුස්සන අවාසනාවන්ත හාමුදුරුවරු පිරිසක් අද ඉන්නේ. එදා කහ සිවුර පොරවගෙන කැති පොලු අරගෙන අපි යුද්දෙට ගියේ. අද ඒ කොන්ද නැහැ. අපි අඳුරු යුගයක ඉන්නේ.
    අපි ශ්‍රී ලාංකිකයන්, වෙනත් ජාතින්ට මේ රටේ ඉඩම් ගන්න, ව්‍යාපාර කරන්න, පල්ලි හදන්න, ඇඳුම් අඳින්න බෑ. ආගමික කටයුතු කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ. අගමැති දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව හෝ වැරැද්දක් කළා. හාමුදුරුවරු කී නමක් ඒ මහතා පෝරකයට යවන්න දැඟලුවාද? මේ කොළොන්නාවේ තමයි චොප්පේ අයියලා, චූටිමල්ලිලා, කළු අජිත්ලා, මෝර සුනිල්ලා වැනි පාතාලයෝ, කුඩුකාරයෝ ඉන්නේ. මුලින්ම ලොකු කුඩ්ඩන් අල්ලන්න ඕනේ. කුඩු විකුණන පොඩි එවුන් නෙවෙයි. ඔය කෑගහන හාමුදුරුවරු ඔතනින් පහළට බැහැලා බලන්න මොකද අද වෙලා තියෙන්නේ කියලා.

    නිවන් යන්න බැරි නම් අඩුම තරමින් රටට සේවයක් කරන්න ඕනේ. කොළොන්නාවේ ප්‍රබල මන්ත්‍රි කෙනෙක්ව පස්දෙනෙක් එක්ක මහ දවාලේ මරලා දැම්මා. ඒ විත්තිකරුවන් අඩුම ගාණේ හිරගෙදර හුනුද තීන්තද ගාලා තියෙන්නේ බලන්න හිරේ ගියාද? ඒ වගේ අවාසනාවන්ත යුගයක අපි ඉන්නේ. ඒ හොරුන්ටද පිරිත් නූල් බඳින්න කියන්නේ. මං මේවා හෙළි කළා කියලා අද මිනිසුන්, හාමුදුරුවරු මේ පන්සලට එන්නෙත් නැහැ. මාව පිළිකුල් කරනවා. ඇයි මෙච්චර බය. ඇයි කුඩ්ඩන්ට යට වෙලා ඉන්නේ. ඇත්ත කතා කරලා වෙඩි කාලා මැරුණත් සැපයි.

    මේ කුඩු ජාවාරම අද නැවැත්තුවේ නැත්නම් පුංචි දරුවොත් කුඩු ගහන එක නවත්වන්න බැරි වෙනවා. මේ පළාත් සභා ඡන්දයේදී කුඩුකාරයන්ට සම්බන්ධ එකෙක්ට ඡන්දේ දීලා ඒ අතින් බත් කන්න එපා. ඒ ඡන්දයෙන් නැති කරන්නේ තමන්ගේ දූ දරුවන්. ඒ එකෙක් හරි පළාත් සභාවට, පාර්ලිමේන්තුවට හරි යනවා කියන්නේ විනාශයක්.
    මම වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ පරපුරේ. මට නගරාධිපති නොතීසි එවලා ලක්‍ෂ 500ක් වන්දි ඉල්ලලා. ඔහුට මම දෙනවා වන්දි. මේ දුරාචාරයට එරෙහිව මම සටන් කරනවා.

    උපදින උපදින ආත්මයක් ගාණේ කොළොන්නාවේ ඉපදිලා, කුඩු විකුණන සර්ගේ, කොළොන්නාවේ ලොකු කුඩ්ඩෝ අල්ලගන්න මම ක්‍රියාත්මක වෙනවා’ යැයි ඒ හිමියෝ කීහ.

    Monday February 3rd 2014 -රෂිනි මෙන්ඩිස්
     
    • Like
    Reactions: Lalakajee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahinda duminda kudda kiyla danne na wage innawa .u business karala munta salli denawa
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    oya wage hamuduruwaru thamai ape ratata one,oya amathila,manthreela wage parayanwa me raten pannanna,me wage thread 1kata bump 1k wath dana un adu wenna puluwan mokada,me thread 1 kuruharupa,18+ kellange photos nathi nisa,niyama sinhalu kawda kiyala dan balaganna puluwan??
    boruwata sinhalun kiyala uda pana pana inne nathuwa anith ewnta pennapan niyama sinhalaya kiyanne kawda kiyala.akai niyama sinhalaya kiyanne,ape ratata nidahasata labune ubala wage uda pana pana inne nathuwa thamange jeewithe gana balanne nathuwa para suddata baya nathuwa uddayata giya nesa.akai me ratata niyama nidahasa labune,

    me kale wage para suddo ape rata akramanaya kalanam unagen toku ana ana thamai apita inna wenne.pera pinakatai apita mehema hari inna puluwan wune,
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dumiya kudu vikkanam uta kudu case ekak daala anduwata ganna thibba
    uge chanel eka thahanam karanna oni naha,
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machan dan kolonnava kiyanne kudu thithpolak ban,
    balapan ara minimaru kuuda oya hodata inne, ko uva hire dammada, anna balapan rate yukthiya, thava kalaguna salakapalla, thopilage lamayi ekektavath anaagathayak naha bolaw me wage kuddanta chande dipu, haal bag ekatayi bothaletayi chande vikunana kaalakanni jaathiyak yako ada sinhalayaa kiyanne...............
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Machan dan kolonnava kiyanne kudu thithpolak ban,
    balapan ara minimaru kuuda oya hodata inne, ko uva hire dammada, anna balapan rate yukthiya, thava kalaguna salakapalla, thopilage lamayi ekektavath anaagathayak naha bolaw me wage kuddanta chande dipu, haal bag ekatayi bothaletayi chande vikunana kaalakanni jaathiyak yako ada sinhalayaa kiyanne...............

    Oya wathuwalai oya kollonawri ina minissu mara modai.unge lamainta kudu powala rkatu karagatta sali walin duminda kama packet haal pol dunnama chande denawa.unta terenne na ungema salli walin kotasak tama me denne kiyla.oya wage minissu weka inna saththu nisa tana rata ganna deyak natte.mahinda boruwAta bana kiyawa kiyawa kudu salli use karanawa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශද්‍රෝහීන් ට එකතු උන හාමුදුරුනමක්..........

    මෙන්න මෙහෙමලු අයි ටි එන් එකේ කියන්නේ මේ හාමුදුරුවෝ ගැන