කොළ කැඳ සහ ඒවායේ ගුණ - 1
කොළ කැඳ සහ ඒවායේ ගුණ
හැමදාමත් තාක්ෂණික අංශයට අදාළ ලිපි පල කල නිසා අද මා අදහස් කලා ටිකක් විතර වෙනස් මාතෘකාවකට යන්න.අද ඔයාලට කියන්න යන්නේ දේශීය ශාක වලින් සාදාගන්න කොළ කැඳ වර්ග සහ එහි ගුණ පිළිබඳවයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව සීග්‍රයෙන් නාගරීකකරණය වීම නිසා තරමක් දුරට ගහ කොලින් ඈත්වන තත්වයකට පත්ව තිබුනත් දැන් දැන් ලංකාවේ පැරණි ඖෂධ සහ ආහාර වර්ග පිලිබඳව අවධානය යොමු වී ඇති බව දක්නට තිබේ.
මම මේ ලිපිය ලිවීමට අදහස් කිරීමෙන් පසුව මම ඒ පිළිබඳව මුලින්ම කිවේ මගේ පියාණන්ට.ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන අතර දේශීය වෙද පරම්පරාවකින් පැවත එන පුද්ගලයෙක් විදියට දේශීය වෙදකම පිළිබඳව මනා දැනුමක් ඔහු සතු වෙයි.
එම නිසා මෙහි අඩංගු කරුණු ඔහුගේ අනුදැනුම යටතේ ඉදිරිපත් කල බව සටහන් කරනු කැමැත්තෙමි.
මෙහි අන්තර්ගත කරුණු පිලිබන්දව යමක් සඳහන් කළහොත් මා හි බොහෝ කරුණු " සහභාගීත්ව සංවර්ධන පර්ෂදය මඟින් එළිදක්වන ලද අත් බෙහෙත් නමැති කෘතියෙන්ද , පියසිරි අමිලසිත් යාපා මහතා ලියන ලද "කැඳට උපන් තුරු ලතා" යන කෘතියෙන්ද උපුටාගත් අතර ඊට අමතරව මගේ පියාගේ දැනුමද ඇතුලත්ව සකසන ලදී.
කැඳ වර්ග
කැඳ නමින් අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ සහල් භාවිත කර සාදාගන්නෑ ලද දියරමය ආහාරයකි.මෙහිදී බොහෝ විට අප භාවිත කරන්නේ හීනටි හාල් හෝ කැකුළු හාල් ය. සමහර අවස්ථා වලදී සහල් යොදාගන්න ආකාරය අනුව බැදී හාල් කැඳ, පොරි කැඳ වශයෙනුත් වෙනස් වෙයි.පාරම්පරික වෛද්‍යවරු නිර්දේශ කරන දැනට අප පාරම්පරිකව ගෘහස්ත භාවිතයේ යොදාගන්න ප්‍රධාන කැඳ වර්ග කිහිපයක් ඇත.
මෙමෙ කැඳ වර්ග කිහිපය පාරම්පරික වෛද්‍යවරුන් වසින් පැරණි කාලයේ පටන්ම භාවිත කර ඇති අතර ඒවා කොතරම් ජනතාව අතර භාවිත වුයේද යන්න ඒවා ගෘහාශ්‍රිත කැඳ වර්ග ලෙස හඳුන්වයි.
මේ සියල්ලටම අමතරව, ආයුර්වේද පොතපතට අනුව ප්‍රධාන කැඳ වර්ග දෙකක් වෙයි. ඒවා නම් යවාගු සහ පේයා යන දෙකයි.
තවද ආයුර්වේදයේ කැඳ පිළියෙළ කරන ක්‍රම වේදය අනුවත් කැඳ වර්ග 4ක් නම් කර ඇත.එහිදී කැඳ පිළියෙළ කිරීමට යොදාගන්න ජලය ප්‍රමාණය, අවසානයේ බත් ඇට ඉතිරි වනවාද නැද්ද යන්න අනුව මෙම වර්ගකිරීම සිදුවේ.
එසේනම් මෙම ලිපියෙන් කැඳ වර්ග මොනවාද සහ එය පිළියෙළ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට අදහසක් ලබාදුන්නා යැයි මා සිතනවා.ඉතින් මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් මම " කොළ කැඳ සහ ඒවායේ ගුණ " පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වල උදෑසන මෙම කොළ කැඳ කඩ හෝ කරත්ත දක්නට ලැබෙයි.එහි පිරිසිදුභාවය ගැන වගකීමට නොහැකි උනත් එහි ඇති පෝෂණය ඖෂදීය ගුණය ගැන නම් අවිවාදයෙන් කතාකලයුතුවේ. නමුත් වර්තමානයේ වර්ණක පවා යොදාගන්නවා යැයි මතයක් තිබෙන නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
ඔබ මේ ලිපිය පිළිබඳව ඉදිරිපත් කරනු ලබන අදහස් සහ යෝජනා මත මගේ ඊළඟ ලිපිය ඉදිරිපත් කරනවාද නැද්ද යන්න තීරණය කරමි.මන්ද ප්‍රතිපලයක් නොමැති දෙයකට කාලය කැපකිරීම නොවටින බැවිනි.
හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........
ස්තුතියි.....!
ඔබ සැමට දළදා සමිඳු සරණයි....!
~ Kandyan EK

01. ලුණු කැඳ.
කැඳ වර්ග අතර සරලතම කැඳ වර්ගය වේ.සහල, ජලය, ලුණු යොදාගෙන ලුණු කැඳ පිළියෙළ කරනු ලබයි.සාමාන්‍යයෙන් සුළු රෝග තත්වයකදී ඝන ආහාර වෙනුවට ලබාදිය හැකි සරල දියරමය ආහාරයක් වන අතර සෙම්ප්රතියාව සහ උණ පවතින අවස්තාවලදී බොහෝ දෙනා මෙම කැඳ අනුමත කරයි. නමුත් රෝගියාගේ තත්වය අනුව ලුණු යොදාගන්නේද නැද්ද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ලබයි.ඈත අතීතයේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඉතා ඉහලින් සලකුණු මෙම ලුණු කැඳ අද අභාවයට යනතත්වයක් පෙන්නුම් කරයි.

02. පොල්කිරි කැඳ.
ලුණු කැඳ වලට පොල්කිරි යොදා සකසන කැඳ පොල්කිරි කැඳ ලෙස හඳුන්වනු ලබයි.මෙම කැඳ වර්ගය රෝගී අවස්ථා වලදී භාවිත නොවුනත් අතීතයේ ගැමියන් තම උදෑසන ආහාර වේල වශයෙන් භාවිත කල අතර අල බතල වලට අමතරව පොල් කිරි කැඳ බී දවසේ වැඩ අරඹන ලදී.

03 .කිරි කැඳ.
අතීතයේ ගැමියන් තමන්ට අවශ්‍ය තෙල් ලබාගත්තේ පොල්කිරි තෙල් පාදෙන තෙක් රත් කිරීමෙන්ය. මෙම මතුපිට එකතුවන තෙල් ඉවත් කරගැනීමෙන් පසුව ඉතිරි වන මන්ඩි ලා දුඹුරු පැහැ වේ.එයට හාල් ස්වල්පයක් එක කොට එයින් කැඳ සාදා අහාල ලෙස ගනී. මෙම මන්ඩි කොටසේ පොල් කිරිවල ඇති සියලුම පෝෂ්‍ය කොටස් ප්‍රෝටීන, ඛනිජ වැනි අන්තර්ගත නිසා එය රසයෙන් මෙන්ම ගුණයෙන්ද අනුනය.අතීතයේ තෙල් සිඳීමේදී උදව් වන පොඩි ඈයින් හට ලැබෙන සතොසමක් ලෙස මෙම කිරි කැඳ සැලකිය හැකිවෙයි.

04. බැදී හාල් කැඳ.
හාල් කබලෙන් බැද , ලුණු හෑ ජලය මිශ්‍ර කොට පිළියෙළ කරගනු ලබන කැඳ වර්ගයකි.රෝගී අවස්ථා වලදී ආහාර ජීර්ණයට පහසු වන ලෙස යොදාගන්නා පහසු කැඳ වාර්ගයකි.

05. විළඳ කැඳ.
විළඳ හෙවත් පොරි යනු කැකුළු හාල් වී ඇටය සහිතව කබලේ බැද ගැනීමෙන් අනතුරුව ලැබෙන වී පොරි වේ.එය බැදීමට විවිධ ක්‍රම ඇත. සමහරුට කෙතරම උත්සාහ කලත් විළඳ හෙවත් පොරි සැදීමට නොහැකි යැයි ගැමියන්ගේ කියමනක් ඇත.හොඳින් වෙලුනු කැකුළු හාල් වී අහුරක් ඉතාම ස්වල්ප වෙලාවක් ජලයේ දමා කබලේ බඩ ගැනීමෙන් පහසුවෙන් පොරි සෑදිය හැකියි.
මෙම පොරි සඳහා ජලය සහ ලුණු එක් කොට සාදන ලද පොරි හෙවත් විළඳ කැඳ උණ, පිපාසය, වමනය, අතීසාරය වැනි රෝගී අවස්ථා වලදී භාවිත කෙරේ.

06. කොළ කැඳ
ඖෂධීය ගුණ වලින් යුතු විවිධ ශාක වල කොළ කොට ගැනීමෙන් ලැබෙන යුෂ , සහල්, පොල් කිරි,ජලය සහ ලුණු මිශ්‍ර කොට සාදාගන්න කැඳ කොළ කැඳ වෙයි.කොළ කැඳ සඳහා යොදාගන්න ශාක වර්ග රාශියකි.ප්‍රධාන වශයෙන් ගොටුකොල,වැල් පෙනෙල,හාතාවාරිය, මුකුණුවැන්න, ඉරමුසු, පොල්පලා, කතුරුමුරුන්ගා, කොහිල දළු, එරබඳු දළු, එළබටු කොළ වැනි කොළ වර්ග සුලභව දක්නට ලැබෙයි.
මෙම කොළ කැඳ සෞඛ්‍ය සම්පන්නබව ආරක්ෂා කරගැනීමට මෙන්ම පිරිපුන් උදැසන ආහාර වේලක් ලෙසද රෝගී තත්වයන්ට හොඳ ඖෂධයක් ලෙසද සැලකිය හැකිය.එමනිසා කොල කැඳ පෝෂණමය සහ ඖෂධමය යන ලක්ෂණ දෙකෙන්ම යුක්ත වෙයි.
ඖෂධීය ගුණ වලින් යුතු විවිධ ශාක වල කොළ කොට ගැනීමෙන් ලැබෙන යුෂ , සහල්, පොල් කිරි,ජලය සහ ලුණු මිශ්‍ර කොට සාදාගන්න කැඳ කොළ කැඳ වෙයි.කොළ කැඳ සඳහා යොදාගන්න ශාක වර්ග රාශියකි.ප්‍රධාන වශයෙන් ගොටුකොල,වැල් පෙනෙල,හාතාවාරිය, මුකුණුවැන්න, ඉරමුසු, පොල්පලා, කතුරුමුරුන්ගා, කොහිල දළු, එරබඳු දළු, එළබටු කොළ වැනි කොළ වර්ග සුලභව දක්නට ලැබෙයි.
මෙම කොළ කැඳ සෞඛ්‍ය සම්පන්නබව ආරක්ෂා කරගැනීමට මෙන්ම පිරිපුන් උදැසන ආහාර වේලක් ලෙසද රෝගී තත්වයන්ට හොඳ ඖෂධයක් ලෙසද සැලකිය හැකිය.එමනිසා කොල කැඳ පෝෂණමය සහ ඖෂධමය යන ලක්ෂණ දෙකෙන්ම යුක්ත වෙයි.
මේ සියල්ලටම අමතරව, ආයුර්වේද පොතපතට අනුව ප්‍රධාන කැඳ වර්ග දෙකක් වෙයි. ඒවා නම් යවාගු සහ පේයා යන දෙකයි.
01. යවාගු - ඖෂධ යොදාගෙන සහල භාවිතයෙන් සාදනු ලබන කැඳ
02. පේයා - ඖෂධ යොදාගෙන සාදන පොරි කැඳ පේයා වන අතර එයට පොරි කෂාය ලෙසද කියයි.
තවද ආයුර්වේදයේ කැඳ පිළියෙළ කරන ක්‍රම වේදය අනුවත් කැඳ වර්ග 4ක් නම් කර ඇත.එහිදී කැඳ පිළියෙළ කිරීමට යොදාගන්න ජලය ප්‍රමාණය, අවසානයේ බත් ඇට ඉතිරි වනවාද නැද්ද යන්න අනුව මෙම වර්ගකිරීම සිදුවේ.
01. මණ්ඩ කැඳ
02. පේයා කැඳ
03. යවාගු කැඳ
04. විලේසි කැඳ
එසේනම් මෙම ලිපියෙන් කැඳ වර්ග මොනවාද සහ එය පිළියෙළ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට අදහසක් ලබාදුන්නා යැයි මා සිතනවා.ඉතින් මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් මම " කොළ කැඳ සහ ඒවායේ ගුණ " පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වල උදෑසන මෙම කොළ කැඳ කඩ හෝ කරත්ත දක්නට ලැබෙයි.එහි පිරිසිදුභාවය ගැන වගකීමට නොහැකි උනත් එහි ඇති පෝෂණය ඖෂදීය ගුණය ගැන නම් අවිවාදයෙන් කතාකලයුතුවේ. නමුත් වර්තමානයේ වර්ණක පවා යොදාගන්නවා යැයි මතයක් තිබෙන නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
ඔබ මේ ලිපිය පිළිබඳව ඉදිරිපත් කරනු ලබන අදහස් සහ යෝජනා මත මගේ ඊළඟ ලිපිය ඉදිරිපත් කරනවාද නැද්ද යන්න තීරණය කරමි.මන්ද ප්‍රතිපලයක් නොමැති දෙයකට කාලය කැපකිරීම නොවටින බැවිනි.
හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........

ස්තුතියි.....!
ඔබ සැමට දළදා සමිඳු සරණයි....!
~ Kandyan EK
Last edited:
ආව විතරයි දැක්කේ මේක.
නිවී සැනසිල්ලේ කියවන්නම්.