කොළ කැඳ....!

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    රෝග සුවයට මෙන්ම නිරෝගි බව ආරක්‍ෂා කර ගැනිමට සුදුසු කැඳ වර්ග කීපයක් මෙසේය

    1.කොළ කැඳ -සහල් ඔෘෂධීය පත්‍ර වල යුෂ ,පොල් කිරි,හා ජලය මුසු කොට තනා ගන්නා කැඳ

    2.බැදි හාල් කැඳ -කබලෙන් බැදි සහල් ජලය සහ ලුනු මුසු කොට තනා ගන්නා කැඳ.

    3.ලුණු කැඳ -සල් ජලය මුසු කොට තනාගන්නා කැඳ.

    4.විළඳ කැඳ -වී බැද සෑදූ විළඳ ජලය සහ ලුණු මුසු කොට තනා ගත් කැඳ.

    කොළ කැඳ සදහා අව‍ශ‍ය්‍ය‍ ද්‍රව්‍ය.
    1.බාගෙට තැම්බූ නිවුඩු කැකුඵ ග්‍රෑම් 100
    2.ඔසු යුෂ ග්‍රෑම් 250
    3.පොල් කිරි හෝ එළකිරි
    4.පිරිසිදු ජලය.
    5.මේස ලුණු.
    6.ඉගුරු,සුදුලුණු,හෝ උළූහාල්

    සාදන ආකාරය.
    1.තරමක් ලොකු පිරිසිදු වළදකට ජලය වත් කරන්න.
    2.ගල් වැලි සෝදා පිරිසිදු කරගත් සහල් සහ ඉගුරු,සුදුළූණු,උලු හාල්,ලුණු එයට දමන්න.
    3.උදුනේ තබා බත බෙරි වනතුරු තම්බා ගන්න.
    4.තෝරා ගත් කොළ වර්ගය නැවත නැවතත් කොටා, හැකි පමණ යුෂ රෑස් කරන්න.බත් බෙරි වූ පසු කොළ යුෂ කැඳට එක් කරන්න.
    5.වරක් නටන තුරු හැදි ගාමින් ම කැඳ උයා ලිපෙන් බා ගන්න.

    රෝග අනුව සුදුසු කැඳ

    1මාන්දම
    කොක් මොට,පනම් පෙති,කරල් හැඹ,මොනරකුඩුඹිය,වි ළදවැන්න,ඉරමුසු,හාත ාවාරිය.නමුත් මෙහිදි පොල් කිරි සහ ලුනු නුසුදුසුයි.ගිතෙල් තේ හැදි 1 සහ සහිඳ ලුණු එක්කර සාදා ගත යුතුය.

    2අර්ශස්
    කොහිල අල,වැල්කොහිල,ලේ යාම පවතී නම් කරල්සැඹෝ සුදුසුය

    3.සෙංගමාලය
    යකිනාරන්,හීන්බෝවිය,මොනරකුඩුඹිය,හාතාවාරිය.

    4.ජීර්ණකාස
    එළබටු දළූ,වැල් තිබ්බටූ කොළ කැඳ

    5.ශුක්‍ර මේහ
    වැල්පෙනල,හාතාවාරිය කැඳ

    6.මුත්‍රා රෝග
    පොල්පළා,ඉරමුසු,නීර මුල්ලිය,රණවරා

    7.සර්ප විෂ
    කරපිංචා,කොටදිඹුලා කැඳ


    8.සර්පවිෂ (ලේ යන අවස්ථාවට)
    බෝ පොතු කැඳ

    9.අක්‍ෂි රෝග
    මුකුණූවැන්න,
    කීකිරිදිය

    10.මුඛ රෝග
    ගොටු කොළ,කතුරුමුරුංගා

    11.මූෂික විෂ
    දිවුල් කොළ කැඳ,රුක් අගුණ කොළ කැඳ


    වෛද්‍යාචාරිණී-අමා සේනානි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ezgif_2346695766.gif