♣♣ අපි කොළ කැඳ බොමු ♣♣
අවශ්‍ය ද්‍රව්‍ය:-
♣ කොළ කැඳ සඳහා අවශ්‍ය කොල ද්‍රව්‍ය සොදාගන්න
(උදා:- වැල්පෙනෙළ, උඳුපියලිය, කරපිංචා, ගොටුකොල, මුගුණුවැන්න, හාතාවාරියා)
♣ නිවුඩු හාල් මිටක්
♣ සුදු ළූණු බික් දෙක තුනක්
♣ ඉඟුරු කැබැල්ලක්
♣ අවශ්‍ය පමණට ලුණු
♣ ගාගත් පොල් බෑවක්
---------------------------------
සාදන ආකාරය:-
කොල සියල්ලම හොඳින් සෝදා පිරිසිදු කර ගා ගත් පොල් සමග කොටාගන්න. (ඔබ භාවිතා කරන්නේ බ්ලෙන්ඩර් එකක් නම් එයට කොළ වර්ගද, ගාගත් පොල් හා වතුර එකතු කර බ්ලෙන්ඩ් කර පෙරා ඉස්ම ගන්න.)
නිවුඩු හාල් ටික තැම්බෙන්න ලිප තබා එයට හොඳින් තලාගත් ඉඟුරු සහ සුදු ළූණු ඉස්ම එකතු කරන්න. සාදා ගත් කොළ සහ පොල් මිශ්‍රණය(පෙරා ගත් ඉස්ම), එයටම එකතු කර හැඳි ගාමින් මද ගින්නේ පිසගන්න. රස අනුව එයට ලුණු ද එකතු කරන්න. පසුව එය ලිපෙන් බා උණු උණුවේම හකුරුත් සමග බීමට ඉතා රසවත්ය.
-----------------------------------------
------------------------------------

Last edited:
+3
elzz