කොෆී ෂොප් එකක් දාමුද ?
සාමානන්‍යයෙන් තේ වගේ නෙවෙයි කෝපි. කෝපි වල විවිධ වර්ග විවිධ මිල ගණන් වලට තියනවා. රු දාහක් දෙදාහක් වගේ මිල ගණන් වලටත් කෝපි තියනවා. ලෝකේ වැඩිම වට්නාකමක් ඇති වෙළෙද නාම අතර නෙස්කැෆේ තියනවා. ඒත් තේ වර්ග එහෙම නැහැ.
තව දෙයක්. ලෝකේ දියුණු රටවල කොෆී ෂොප් ගොඩක් ජනප්‍රිය යි. ඒත් අපේ රටේ තාම එහෙම නැහැ. කැන්ඩි සිටි සෙන්ටර්, ජාඇල කේ සෝන් වගේ තැන් වල වත් දකින්න නැහැ මම දන්න තරමින්. සැජෙස්ටික් සිටි එකට නම් ළගදී ගියේ නැහැ. දැන් තියනවද දන්නෑ. මම ගිය කාලේ මම කියන මට්ටමේ කොෆී ෂොප් තිබුනේ නැහැ. ලංකාවේ ගොඩක් වෙලාවට තරු පංත්යේ හෝටල් වල විතරක් තියනවා.
ගොඩක්ම සංවර්ධනය වෙලා නැති නැගෙනහිර ආසියාවේ තායිලන්තය, මැලේෂියාව වැනි රටවල පවා සත්තු වත්තක් ඇතුළේ පවා මේ වගේ දේවල් තියනවා. කුඩා ඉඩක උනත් මේ වගේ තැනක් පවත්වාගෙන යන්න පුලුවන්. ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම මේක කරන්නත් පුළුවන්.
මේ වගේ එකකදී විවිධ කෝපි වර්ග හදන හැටි ටිකක් ඉගෙන ගන්න ඕන. නිකන්ම ගූගල් ගිහින් හෝ යූ ටියුබ් ගිහින් සර්ච් කලා නම් ඕන තරම් වර්ග ගැන විඩියෝස් එනවා. ඒවා ටිකක් බලන්න. මම Crishantha Dissanayake නමින් ඇති පේජ් එකේ මුල් කමෙන්ට් වල විඩියෝ ලින්ක් ටිකකුයි ෆොටෝස් ටිකකුයි දාන්නම්. ඒවලින් අදහසක් ගන්න පුළුවන්. ඒ ලින්ක් වලින් ගිහින් වීඩියෝ බලන ගමන් ඊට පහළින් තියන ඊට සම්බන්ධ විඩියෝ ටිකත් බලලා දැනුම වැඩි කර ගන්න.
E bay එකෙන් මේ වගේ කෝපි ගෙන්වන්න පුලුවන්. ලංකාවෙත් තියනවද කියලා හොයලා බලලා මම කියන්නම් විවිධ කෝපි වර්ග. ගොඩක් වෙලාවට මේ ෂොප් වල තියෙන්නේ කෝපි කුඩු කරන යන්ත්‍රයක්. ඒකේ කෝපි ඇට තමයි තියෙන්නේ. ආන්න ඒ කෝපි ඇට තමයි ගෙන්න ගන්න ඕන. ඒවා ලංකාවේ තියනවා නම් අවුලක් නැහැ. නැත්නම් අපි ඊ බේ එකෙන් ගෙන්නමු.
නුවරඑළිය, නුවර, බදුල්ල, බණ්ඩාරවෙල, දියතලාව, වගේ පැති වලට ගොඩක්ම ගැලපෙනවා මේ වගේ දෙයක්. තේ කෝපි වගේ දේවල් හැමෝම බොන නිසා මේක හම්බන්තොටටත් නොගැලපෙනවා නෙවෙයි. නෙස්කැෆේ ලංකාව පුරාම එකම විදිහට විකිනෙන්නේ. ඒ නිසා කොයි පැත්තටත් ගැලපෙනවා. මට මේක මතක් උනේ නුවරඑළියේ කීප දෙනෙක් කතා කරලා සහ මැසේජ් එවලා තිබුනා අයිස්ක්‍රීම් ගැන අහලා. ඒ වෙලාවේ තමයි මතක් උනේ අයිස්ක්‍රීම් වලට වඩා නුවරඑළියට මේක හොදයි කියලා. නුවරඑළියේ මේ වගේ එකක් දාන්න දැනටමත් ඒ කතා කරපු කෙනෙක් වැඩ පටන් අරන් තියෙන්නේ. ඒකත් සතුටට කාරණයක්.
මේ වගේ බිස්නස් එකකදී නිෂ්පාදනයේ කොලිටි එක 100% ක් රකින්න ඕන. යම් කෝපි වර්ගයක් කෙනෙක් ඉල්ලුවාම, ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් ඒකට ආදේශකයක් දීලා ඒකේ නියම වටිනාකමම පාරිභෝගිකයාගෙන් අය කරනවා නම් ඒ ව්‍යාපාරයට වැඩි ආයුෂ නැහැ. මොකද පාරිභොගිකයා රවට්ටන එක තමයි එතන වෙන්නේ. එතකොට එයා ආපහු එන්නැහැ. ඒ විතරක් නෙවෙයි එන්න ඉන්න අය දහ පහලොස් දෙනෙක්ට මේක කියනවා. ඒ නිසා අදාළ අමුද්‍රව්‍ය නැත්නම් ඒ කෝපි එක ඉල්ලන කෙනාට ඒක නැහැ කියන්න. ඒ වෙනුවට එදාට තියන වෙන වර්ගයක් ගැන කියන්න.
ගූගල් කරලා බලන්න Cofee shop design idias කියලා. ඒ ඉමේජස් බලලා ඩිසයින් කරන්න. විශේෂිත බල්බ්, කෝප්ප, මේස පුටු දාන්න. ඕන තරම් මොඩ්ල් හොයා ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්.
ඒකට ගැලපෙන ස්නැක් වර්ගත් ෂොප් එකට එකතු කරන්න පුළුවන්. මධ්‍යම පාන්තිකයන් ඉන්න නාගරික හෝ අර්ධ නාගරික පැති වල මේක පටන් ගන්න පුලුවන්. කෝපි හදන යන්ත්‍ර පිටරටින් ගෙන්වන්නත් පුලුවන්. සමහර විට ලංකාවෙත් ඇති. ඒ ගැනත් හොයලා බලන්න.
සමහර අය මැසේජ් කරලා තිබුනා ව්‍යාපාරයක් කරන්න ඕන; ඒත් පටන් ගන්න බයයි කියලා. ව්‍යවසායකයා කියන්නේ අවධානම් දරන්නෙක්. බිත්තර කඩන්න බැරි මිනිහට ඔම්ලට් දාන්න බැහැ. ඒ නිසා අවධානමක් ගන්නම වෙනවා. ව්‍යවසායකත්ව කාර්යයක් තමයි අවධානම් දැරීම. නව්‍යතා බිහි කිරීම, මූලික පුතිපත්තිමය තීරණ ගැනීම, ව්‍යාපාර කටයුතු සංව්ධානය කිරීම වගේ දේවල් හැමෝටම කරන්න බැහැ. ඒක කරන්න පුළුවන් කෙනා සම්පතක්. ඒ නිසයි ආර්ථික විද්‍යාවේ සම්පත් වර්ග 4 ට ව්‍යවසායකත්වය අතුළත් කරලා තියෙන්නේ. නමුත් ඒ හැකියාව ගොඩනගා ගන්න පුලුවන්.
ලොකු කිර්ති නාමයක් තියන ඔබ කරන ආකාරයේ ව්‍යාපාරයක් එක්ක මුලදී හැප්පෙන්න බැරි වෙයි කියලා බයක් තියෙන්න පුළුවන්. ඒත් කොතනින් හරි පටන් ගන්නත් ඕනනේ. ඒ නිසා ටිකක් අධ්‍යයනය කරලා වැඩේට බැස්සාම ලොකු අවුලක වෙන්නැහැ. කලින් අයිස්ක්‍රීම් පෝස්ට් එකට කමෙන්ට් කරපු කිහිප දෙනෙක් තම තමන්ගේ පැති වල ඒ වගේ ෂොප් වැහුනා කියලා කමෙන්ට් කරලා තිබුනජ. ඒවා වැහෙන්න හේතුව දන්නවනම් ඒවත් සදහන් කරන්න කාරුණික වෙන්න. ඒක ලොකු උදව්වක්. මේ වගේ දේවල් කරන්න යන අයව අධෛර්යමත් කරන්න නෙවෙයි සිදුවිය හැකි අඩුපාඩු අවම කර ගන්න අත්දැකීම් තියන අය ඒවා එකතු කරන්න. ඒක ලොකු උදව්වක්. එහෙම දේවල් තියනවා කියලා දැනගෙන ව්‍යාපාරයකට බැස්සාම සාර්ථක වෙන්න පුලුවන් සම්භාවිතාව අඩුයි.
අනිත් දේ මේකට කාලගුණය ලොකුවට බලපාන්නැහැ. රස්නේ කාලෙට අයිස් කෝපි සහ සීතල කාලෙට උණුසුම් කෝපි විදිහට දෙන්නත් පුළුවන්.
කොහොමත් ව්‍යාපාරයට එන අයට ආයිත් එන්න හිතෙන්න හොදින් කතා කරන්න. ඒක තමයි මාර්කටින් වල පළමු දේ. අනිත් දේ තමයි කෑම බීම වලදී තේරුම් ගන්න ඕනම දෙයක් තියනවා. මිනිහෙක් කටින් කන්න කලින් ඇහෙන් තමයි මුලින්ම කන්නේ. ඇහෙන් කාලා තමයි කටින් කන්නේ. ඒ නිසා ලස්සන ගැනත් හිතන්න. හෝටල් පාඨමාලා වල මූලිකම පාඩම තමයි ඔය ඇහෙන් කාලා කටින් කන කතාව.
අළුත් ව්‍යාපාර කියලා වර්ගයක් සාමාන්‍යයෙන් හොයා ගන්න නැහැ. නමුත් අපිට තිබෙන ව්‍යාපාරයක් ටිකක් වෙනස් විදිහකට කරන්න පුළුවන්. සාමාන්‍ය තේ එකක් බොන තැනකින්ම අපිට කෝපි එකක් බොන්න පුළුවන්. ඒත් අපි විශාල මිලක් අරගෙන විශේෂ කෝපි එකක් බොන එකේ, පාරිභෝගිකයා අමන්දානන්දයට පත් වන විදිහට කෝපි වර්ග පිළියෙළ විය යුතුයි. "අපරාදේ මේක බිවුවේ" කියන මානසිකත්වයට පත් නොවන ලෙස කෝපි වර්ග ඉස්තරම් ආකාරයෙන් පිළියෙළ විය යුතුයි.
මේ වගේ ව්‍යාපාරයකදී පොඩි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. මේ පෝස්ට් එකට අදාළ රූපයේ කෝපි කෝප්පයේ පෙණ වළින් හාට් එකක් රූපයක් මතු කරලා තියනවා දකින්න ඇති. කමෙන්ට් වල ඒ රූපය ලොකුවට බලන්න පුළුවන්. ඒවා තමයි නියම මාර්කටින්. ඒක කරන්න බ්ලොක් එකක් තියනවා. ඒ බ්ලොක් එක තියලා බොහොම හෙමින් කෝපි ටික දාන්න ඕන. ඒකට විශේෂිත කෝපි වර්ගත් තියනවා. ඒ කෝපි වල පෙණ ගතිය වැඩියි. ආන්න ඒ දේවල් ඉගෙන ගන්න ඕන.
සර්ව්යේට් එකේ ඉදන් කොලිටිය මේන්ටේන් කරන්න. පුටු මේස වල ඉදලම වෙනසක් පවත්වාගෙන යන්න. බිත්ති වල පාට උනත් කෝපි වලට ගැලපෙන එකක් තෝර ගන්න. ගැලපෙන ලෝගෝ එකක් හදන්න. ගැලපෙන නමක් දාන්න. ඒවා මොන බිස්නස් එකටත් අදාළ දේවල්.
Crishantha Dissanayake
https://www.facebook.com/permalink.php?story_fbid=836226990045191&id=433703176964243&__tn__=K-R

Last edited:

හොඳ ඒවා බොන්න සල්ලි තියෙන අයට විතරක් පුළුවන් ඒවා ඕන තරම් ලංකාවේ කොලඹ අවට ප්‍රදේශයේ තියෙනව