කෝච්චියෙදි කැත වැඩක්.

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කෝච්චියෙදි කැත වැඩක්.

    දැන්නම් ගොඩක් රෑවෙලා මචන්ලා....නිදිත් මතයි....ඒත් සීන් එක අමතක වෙන්න ඉස්සෙල්ලා ඔයාලට කියන්න කියල තමයි මේ රෑම පෝස්ට් කරන්නේ........මේක සිද්ධ වුනේ අද හවස....කළුතර ඉදන් මම ගෙදර ආපූ කෝච්චීයේ....මෙහෙමයි සිද්ධිය....
    මම ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමයි කොච්චියේ යන්නේ,,,,මත ඇතුව ටිකට් එකක් එහෙම අරන් මම නතර කරලා තිබුන කෝච්චියට ගොඩ උනා...වැඩිය සෙනග නැහැ....මමත් ආස වැඩිය සෙනග නැති වෙලාවට කෝච්චියේ යන්න තමයි....(මොකද ඉතින් ආතල් එකේ ෂීට් එක පුරා ඇලට් එකක් දාන්න පුලුවන්නේ)........ඔන්න දැන් කොච්චිය ගමන පිටත් වෙන්න ලගයි කියලා....කෑගහන කටෙන් කිව්වා......ඔය එක්කම තමයි මේ කතාවේ කතා නායක වරු ටික මම හිටපු කෝච්චි පෙට්ටියට ගොඩ උනේ.....මුලින්ම නැග්ගේ කෙල්ලේක්....ටිකක් විතර සුදුයි...ලස්සනකුත් තිබුනා....(මට වැඩක් නැහැ නේ)...එයාගෙ කොල්ලා එයාට පස්සේ තමයි කෝච්චියට නැග්ගේ....කොල්ලටනම් මරුසි පාට් එකක් තිබුනේ....ෆුල් ගැන්ග්ස්ටර්....බල්ලු දම්වැලක් එහෙම කරේ දාගෙන හිටියේ......මැන්ස් ඇවිත් මගේ දිහා බැලුවා...බලලා පෙට්ටියේ හැම තැනම හොදට විපරම් කලා....මැන්ට තැන ‍ෆිට් වගේ.....මගෙන් අවුලක් නැහැ කියලා හිතෙන්න ඇති......ඔය වෙලාවෙ තමයි අනිත් පෙට්ටියෙ ඉදන් තවත් කපල් එකක් මම ඉන්න පෙට්ටියට ආවේ...මටත් මොකෝ මම අතේ තිබුන සගරාව කියෙව්වා....ඒ කපල් එකනම් හරි චාම්.....හරිම තැම්පත් කියලා මට හිතුනා....වැඩෙ කියන්නේ.....මුන් දෙන්නා ඇවිත් මගේ ඉස්සරහම ඉදගත්තා......අනේ මන්දා...ඕන තරම් හිස් තැන් තිබුනා...මම ඔය දැක්කමයි කපල් එකක් තව කෙනෙක් ඉන්න තැන ඉදගන්නවා...අනික ඉස්සරහම....ඔන්න දැන් කෝච්චිය යනවා....දැන් කෝච්චියා කළුතර පාලම උඩ...මගේ ඉස්සර හිටපු කපල් එක අතින් අල්ලගෙන....බර කතාවක....මම ඉතින් ඔවා මට වැඩක් නැති නිසා..අහන්න ගියේනැහැ....ඔය වෙලාවෙම තමයි මට අර මුලින් නැගපු කපල් එක දැක්කේ...ඈක්කා....අනේ කාලේ වනේ වාසේ කිව්වලු...මම උඩ ගියා...කමරේ කරන දේවල් මෙතන....මම මේ කපල් දෙකම දිහා මාරුවෙන් මාරුවට බැලුවා....මගේ ඉස්සර හිටපු කුරුලු ජෝඩුව හරිම තැම්පත්....ඒත් අරුන් දෙන්නා...වලත්ත කම උපරිමයි...මමත් ඉතින් හොරාට බැලුවේ...උන්ගේ ඇස් කාමයෙන් පිරිලා,රාගයෙන් වෙලිලා,,සත්තු වගේ....(උබලට තේරෙනවා ඇතිනේ මම කියන්නේ මොකක් ගැනද කියලා)....මට නම් තවත් බලන්න බැහැ....මගේ ඇස් දෙක එක පාරටම මගේ ඉස්සරහා හිටපු කපල් එක දිහා බැලුවා...දැක්කමත් ආදරේ හිතෙන...ජෝඩුවක්....හරිම ප්‍රේමාන්විතයි...නියම ආලය කියලා මට හිතුනා....මම වැඩිය එයාල දිහා බලන්න ගියෙ නැහැ හරි නැහැනේ.......නමුත් අර කපල් එක දිහානම් බැලෙනවා...(බලනවා නෙවෙයි...බොලව් බැලෙනවා....).....මට නම් කරන්ට් එක වැදුනා වගෙයි...හරිම අශික්කිතයි...කුජීතයි.....විපරීතයි...විරුපයි....ආදරය විනාශ කරන කාලකන්නි කියලා මම මටම කියා ගත්තා....තවනම් බලන්න බැහැ,,,මට හිතුනා....(වරක් දෙවරක් හොරෙන් බැලුනා).....මගෙ හිත මගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා...මත උත්තර සොයනවා...ඇයි අපේ කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ බළල්ලු වගේ හැසිරෙන්නේ...මගෙ හිත මට වද දුන්නා....මගේ ඉදිරියේ අහින්සක ආදරයත් කාමුක ආදරයත් රගදක්වමින් තිබුනා....පුදුමයි..අපේ අය ආදරේ කරන විදිහ....පව් අර කෙල්ල....මොන පව්ද කෙල්ලෝ දැන ගන්න එපැයි වැරදි නොකර ඉන්න.....මගෙ හිත එක එක තර්ක විතර්ක ගේනවා....ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද?..වැ‍රැද්ද තියෙන්නේ කොහෙද?....වැ‍රැද්ද මේ සමාජයේ....අපේ සමාජයේ ලින්ගික අධ්‍යාපනය..... හරිම දුර්වල තැනක තියෙන්නේ.....තරුණ,තරුණියන් මේ ලින්ගික අද්දැකීම් හබා යනවා...වයසේ වැ‍රැද්ද කියල බලන් හිටියම අපිට රටක් ඉතුරු වෙයිද කියලා මට හිතුනා....ඇත්තටම වයසේ විතරක් නෙවෙයි සමාජයේ වැ‍රැද්ද...අපේ පවුල් වලින් දරුවන්ට ලින්ගික අධ්‍යාපනය කුඩා කල සිටම ලබා දිය යුතුමයි....නැත්තම් අපිට රටක් තිබුනත්....ජිවත් වෙන්න මනුෂ්‍යයන් නැතිව යාවී....රාගයෙන් මත් වුන....කාමයෙන් මුසපත් වුන....තරුණ පරම්පරවක් අපිට ඉතුරු වෙයි....ආදරය කියන්නේ.....ලින්ගිකත්වය පමණක්ම නෙවෙයි...ආදරයෙදි ලින්ග්ක හැගීම් ඇති වෙන එක සාධාරණයි..නමුත් ඒක හරි හැටි වටහා ගන්න ඕනෑ...අන්න ඒ වටහා ගැනීමට තමයි හරි හැටි ලින්ගික අධ්‍යාපනයක් ඇති විය යුත්තේ........ආදරය කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව ආදරේ කරන්න ගියාම...අපේ ජීවිත විනාශ වෙනවා...කාලකන්නි වෙනවා....පරපුරක් විනාශය ඇරබෙනවා...ආදරය හරි හැටි තේරුම් ගන්න...මෙන්න මේකයි ප්‍රේමාන්විත ආදරය යාලුවනේ මට හිතෙන විදිහ තමයි මේ........


    මේහෙමයි මම දකින විදිහට ආදරේ කොටස් 4 කට වෙන් කරන්න පුලුවන්..
    01) ප්‍රේමාන්විත ආදරය,
    02)සාමාන්‍ය ආදරය,
    03)මෝඩ ආදරය,
    04)ලින්ගික ආදරය,.....


    මේ මාතෘකා ගැන පස්සේ කතා කරමු

    ප්‍රේමාන්විත ආදරය,


    ඔවා තමයි මම දකින විදිහට ආදරේ බෙදන්න පුලුවන් කොටස් ගණන......හරි එහෙනම් අපි කතා කරමු...මම මේවා කොටස් හතරකට බෙදුවට මේවා හරිම දිග මතෘකා.....හරි මම එහෙනම් කියන්නම් මගේ පලවෙනි අනු මතෘකාව ගැන.....ඔව් ප්‍රේමාන්විත ආදරය නැත්නම් ආදරණිය ආදරය,,,,මේහෙමයි ප්‍රේමාන්විත ආදරය සුන්දරයි ,,,,, හැබැයි දුර්ලබයි,,,,,ගොඩක් වෙලවට ප්‍රේමාන්විත ආදරය හරි හැටි හදුනා නොගෙන වැඩ කොලොත් ගොඩක් දෙවල් නැති වෙන්න පුලුවන්.....ඒ වගේම තමයි අනිත් පැත්තත් හරියට හදුන ගත්තොත්....ගොඩක් දේවල් ලැබෙනවා....හරි ගොඩක් වෙලාවට කෙනෙකුගේ පලමු ආදරය බොහෝ දුරට මේ ගනයට වැටෙනවා....හැමෝගෙම නෙවෙයි ගොඩක් අයගේ පලවෙනි ආදරය ප්‍රේමණිය ආදරයක්.....ගොඩක් වෙලාවට ප්‍රේමණිය ආදරය තමයි...මොඩ ආදරයක් බවට පත්වනෙත්..ලින්ගික ආදරයක් බවට පත්වෙන්නෙත්..හැබැයි ප්‍රේමාණ්විත ආදරය වෙනස් වීමෙන් හට ගන්නා මොඩ ආදරයත්,, ලින්ගික ආදරයත් වැඩි කල් පවතිනේ නැහැ.....එක නැතිවෙනවා...දැන් ඔයලා බලනවා ඇති ප්‍රේමාන්විත ආදරය ඔය විදිහට මොඩ ආදරයටත්,,ලින්ගික ආදරයත් බවට පත්වනේ කොහොමද කියලා...මෙහෙමයි මම මේ වෙන් කරල තියෙන මාතෘකා හුගක් වෙලාවට එක සමාන ලගින් ගමන් කරන්නේ..වෙන් කර දැක්වීම හරිම අමරුයි..අන්න ඒ හෙතුව නිසා තමයි ගොඩක් අය ආදරේ තේරුම් ගන්න අමරුයි කියන්නේ...හරි දැන් මම කියන්නම් ප්‍රේමන්විත ආදරයක් අර විදිහට වෙනස් තත්වයන් වලට පත්වෙන්නේ කියලා...මුලින්ම මම කියන්නම් මේහෙම...ප්‍රේමාන්විත ආදරය හුගක් වටිනව ඒක පරිස්සම් කරගන්න..වෙනස් වෙන්න දෙන්න එපා!!!!!!!!!!!!
    හරි මේන්න මෙහෙමයි ප්‍රේමන්විත ආදරය වෙනස් වෙන්නේ.....ඔය ප්‍රේමාන්විත අදරය පවතින්නෙ ආදරේ කරන දෙන්නාගේ ආදරයන් අයත් වෙන මට්ටම් අනුවයි.ගොඩක් වේලාවට ප්‍රේමන්විත ආදරයක් සමග තවත් ප්‍රේමාන්විත ආදරයක් ඒක්තුවීම තමයි සාමන්‍ය යෙන් වෙන්නේ....මේ විදිහේ සම්බන්ධයන් විවාහය දක්වා යාමේ ඉඩකඩ වැඩී...නමුත් ප්‍රේමන්විත ආදරයක් හා මෝඩ ආදරයක් එකතු විමද අපිට බහුලව දක්නට පුලුවන්...එක තරමක් භයානකයි...මොඩ ආදරයක් හා මොඩ ආදරයක් එක් වීම තරම් නම් භයනක නෙහැ...මොකද ප්‍රේමාන්විත ආදරය ඇති තැනැත්තා මොඩ ආදරය ඇති කෙනාව ඒ පැත්තට ගන්න උත්සහ කරනවා...නමුත් භයානකම තත්වය තමයි ප්‍රේමාන්විත ආදරය මෝඩ ආදර දෙසට අනුවර්තනය වීම.එවැනි අනුවර්තනයකින් ගොඩක් වෙලවට සම්පුර්ණයෙන්ම ප්‍රේමන්විත ආදරය මොඩ ආදරයක් බවට පත් වන්නේ නැහැ..ඔන්න ඔය හෙතුව නිසා එවැනි ආකාරයේ සම්බන්ධකම් වැඩි දුර පවතිනේ නැහැ..මොකද ප්‍රේමානිවිතව ආදරය කරන්නාට මෙම තත්වය එපා වෙනවා මොකඩ එය ගොඩක් වෙලවට බලපොරොත්තු වෙන දේ වල් එයාට නොලැබෙන නිසා...ගොඩක් වෙලවට ප්‍රෙවමන්විත ආදරය බලා පොරොත්තු වෙන්නේ ආදරය,සැලකිල,ගරුකිරීම,සෙනෙහස වගේ දේවල්........හරි දැන් මම කියන්නම් ප්‍රේමාන්විත ආදරය කොහොමද ලින්ගික ආදරයක් බවට පත්වෙන්නේ කියලා...මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හැම දෙයක්ම එකට බැදිල තියෙන්නේ...අනිවාර්යයෙන්ම ප්‍රේමාන්විත ආදරයක්,, ලින්ගික ආදරයක් බවට පත්වීමට පෙර මෝඩ ආදරයක් බවට පත්වෙනවා..ඒ කියන්නේ මෝඩ ආදරය දුරදිග ගොස් ඇතිවන තත්වයක් ලින්ගික ආදරය කියල හදුන්වන්න පුලුවන්....මේ වැනි සම්බන්ධයක් අතිභයානක වෙන්න පුලුවන්..මේවැනි අවස්තාවක නම් ... 100 ට 99 ක් විතර ප්‍රේමාන්විත ආදරයත් අනුවර්තනය වී අවසන් ඒ නිසා සම්බන්ධය ටිකක් දුර යනවා...ගොඩක් තරුණ මරණයන්ට හේතුව මෝඩ ආදරයයි...ඒ මතෘකා ගැන පසුව කතා කරමු....
    මේවැනි ලින්ගික සම්බන්ධතා දුර දිගයාමෙන් බොහොවිට ප්‍රේමාන්විත ආදරය විනශයට යනවා..අනිත් කෙනා විනශ නොවෙනව නෙවෙයි..එයාට වඩා බලපැම වැඩිවෙන්නේ ප්‍රේමාන්විත ආදරය හිමි කෙනාට....මෙවැනි සම්බන්ධත් ටික කලකින් එපා වීම මත නතරවෙනවා....ඉතාමත් සුලු පිරිසක් පමනක් විවහ වෙනවා ..... කරුමේ තමයි.....ඔන්න ඔය විදිහට තමයි ප්‍රේමාන්විත ආදරය තේරුම් නොගැනීමේන් ජීවිත විනාශ වෙන්නේ.....
    හරියට තේරුම් ගත්තොත් ගොඩම තමයි.....ඔයාල මේක කියවන කොට පොඩි පොයින්ට් එකක් අහුවෙන්න ඇති ඒක තමයි...ප්‍රේමාන්විත ආදරය මෝඩ ආදරය බවට පත් වීමෙන් අනතුරුව ලින්ගික ආදරය බවට පත්වෙන බව...ඔව් එහෙම තමයි,,මොකද මම එහෙම කිව්වෙ ඔයල ලග තියෙන ප්‍රේමාන්විත ආදරේ වර්දව තේරුම් නොගන්න..ප්‍රේමානිවිත ආදරය තුල තියෙන්නේ මෝඩ ලින්ගික ඇසුරක් නෙවෙයි..එක හරිම පිවිතුරුයි.... ප්‍රේමාන්විත ආදරෙත් යම් තරමක් දුරට ඔය කියන ලින්ගික ඇසුර තියෙන්න පුලුවන් නමුත් බොහොම සුලුවට,එකිනෙකාට ගරුකරමින්,නමුත් මෝඩ ආදරය වගේ නෙවෙයි හරිම පිවිතුරුයි...ඒව ගැන වැඩි විස්තර අපි පසුව කතා කරමු..මතක තිය ගන්න ප්‍රේමාන්විත ආදරේ හරියට මැනිකක් වගේ ගොඩක් වටිනවා....අපි එක ආරක්ෂා කලේ නැත්තම් ඒක අපිට නැති වෙයි..පරිස්සමින්...මේ මට හිතෙන විදිහ....ප්‍රේමාන්විත ආදර බලපොරොත්තු වෙන ගොඩක් දේවල් මිලට ගන්න ...බැහැ එයට කරුණාව ඕනා,එයා සැකයට කැමති නෙහැ,රණ්ඩුවට කැමති නැහැ,ආදරේට ආදරෙයි,ඉක්මනට ‍රැවටෙනවා,,ඒ නිස පරිස්සමින්,,ඔයගෙ ආදරයට බොරු කරන්න එපා...මොකද සමහර විට ඔයාට ආදරේ කරන කෙනා ප්‍රේමාන්විත ආදරයකට උරුම කම් කියන කෙනෙක් වෙන්න පුලුවන් ඔයත් එයට ආදරේ කරන්න...එයාත් එක්කම ඉන්න......මතක තිය ගන්න ප්‍රේමන්විත ආදරේ වටිනවා...ඔයත් කොහොම හරි ප්‍රේමාන්විතා ආදර වන්තයෙක් හො ආදර වන්තියක් වෙන්න...ඔබට ජය....මේකට ලැබෙන කොමෙන්ට්ස් වල තත්වෙ අනුව අනිත් මතෘකා ගැන කියන්නම් මේ මට හිතෙන විදිහ....හොදයිනම් කොමෙන්‍ටුවක් දීලා යන්න නැත්තම් බම්ප් එකක් හරි දාලා යන්න....


    බස් එකේදි සිද්ධියක් ත්‍රේඩ් එකට මෙතන click කරන්න

    සැබෑ ආදරය හදුනා ගන්න.......

    i-love-you-quotes-graphics-i3.gif
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    monada un kare kiyala kiyapanko...:P :P
    anyway...umba kiyana kathawa atta...podi ekekwa bus eke ekkan yanna ba bnz...mama dawasak mage couzin malli kenek ekka bus eke nagga witharai haffa mata uge as wahanna ah...!!! pajaathai..!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට කියපංකො ඇයි කොල්ලෙක් කෙල්ලෙක් (vice versa) එක්ක යාලුවෙන්නෙ?
    සෙක්ස් වලටනෙ බං. ඇයි උඹ නාකි ආච්චි කෙනෙකුට ලවු කරන්නෙ නැත්තෙ?
    ඔය පරම පිවිතුරු කියන සැබෑ ආදරේ නම් උඹ වයස 75ක විතර ආච්චි කෙනෙක් මැරි කරලා ෆොටෝ කෑල්ලක් දාපංකො හෙට අනිද්දා දිහාට.

    ආදරේ කියන්නෙ ලිංගික ආකර්ෂණය විතරයි බං.
    බැඳලා ගැහුවත් ගහලා බැන්දත් මොකෑ ඉතිං. අන්තිමට කොරන්නෙ ලෝකෙටම අඬබෙර ගහලා හු*න එකනෙ? :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ ඒසී බස් වල ගියොත් ශුවර් එකටම ආයෙ යන්නෙ නෑ, කුරුනෑගල ටවුන් එකේ පාක් කරලා තියෙන ඒසී බස් රෙන්ට් එකට දෙනවා පැයට 200යි. ඉතින් ක්ලාස් යන කපල් බුරුතු පිටින්. කපල් 5-6 එක වෙලාවට ඉන්නවා. අයියෝ සල්ලි. :baffled:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පැටියා;12799769 said:
    මට කියපංකො ඇයි කොල්ලෙක් කෙල්ලෙක් (vice versa) එක්ක යාලුවෙන්නෙ?
    සෙක්ස් වලටනෙ බං. ඇයි උඹ නාකි ආච්චි කෙනෙකුට ලවු කරන්නෙ නැත්තෙ?
    ඔය පරම පිවිතුරු කියන සැබෑ ආදරේ නම් උඹ වයස 75ක විතර ආච්චි කෙනෙක් මැරි කරලා ෆොටෝ කෑල්ලක් දාපංකො හෙට අනිද්දා දිහාට.

    ආදරේ කියන්නෙ ලිංගික ආකර්ෂණය විතරයි බං.
    බැඳලා ගැහුවත් ගහලා බැන්දත් මොකෑ ඉතිං. අන්තිමට කොරන්නෙ ලෝකෙටම අඬබෙර ගහලා හු*න එකනෙ? :D

    මම ලියපුවා හරියට තේරිලා නැහැ වගේ සහොදරයා....ඔව් ආදරේදි ලින්ගික ආකර්ශනය තියෙනවා...නමුත් ඒක හරියට තොර බේරා ගන්න ඕනා....ඔයා කියන විදිහට බල්ලෝ බළල්ලු වගේ තැනක් නොතැනක් නැතුව,,ඉවක් බවක් නැතුව,,,,කාමයට මුල් තැන දීම අවන්ක ආදරය නෙවෙයි යාලුවා....ඒක මේ පෝස්ට් එකේ සාරාන්ශය....

    අනේ මට දෙයියන්ගේ පිහිටෙන් ආච්චිලා ඕනේ නැහැ යාලුවා,,,වටින අවන්ක,,,ගැහැනු ළමෙක් මට ඉන්නවා
    ;););):yes::yes::yes::D:D:shocked::shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම ලියපුවා හරියට තේරිලා නැහැ වගේ සහොදරයා....ඔව් ආදරේදි ලින්ගික ආකර්ශනය තියෙනවා...නමුත් ඒක හරියට තොර බේරා ගන්න ඕනා....ඔයා කියන විදිහට බල්ලෝ බළල්ලු වගේ තැනක් නොතැනක් නැතුව,,ඉවක් බවක් නැතුව,,,,කාමයට මුල් තැන දීම අවන්ක ආදරය නෙවෙයි යාලුවා....ඒක මේ පෝස්ට් එකේ සාරාන්ශය....

    අනේ මට දෙයියන්ගේ පිහිටෙන් ආච්චිලා ඕනේ නැහැ යාලුවා,,,වටින අවන්ක,,,ගැහැනු ළමෙක් මට ඉන්නවා
    ;););):yes::yes::yes::D:D:shocked::shocked:

    අවංක ආදරය? අර ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ එක ගැන වෙන්ටැ උඹ ඔය කියන්නෙ? :P
    උඹෙ වයස කීයද මචං? :rofl:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උඹ ඒසී බස් වල ගියොත් ශුවර් එකටම ආයෙ යන්නෙ නෑ, කුරුනෑගල ටවුන් එකේ පාක් කරලා තියෙන ඒසී බස් රෙන්ට් එකට දෙනවා පැයට 200යි. ඉතින් ක්ලාස් යන කපල් බුරුතු පිටින්. කපල් 5-6 එක වෙලාවට ඉන්නවා. අයියෝ සල්ලි. :baffled:

    අනේ කාලේ වනේ වාසේ තමයි බන්.....

    මෙබදු උතුම් ලන්කාවේ...
    දසතින් දුසිරිත් බෝවේ...
    :no::no::no::(:(
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පැටියා;12799787 said:
    අවංක ආදරය? අර ඉස්කෝලෙ යන කාලෙ තිබ්බ එක ගැන වෙන්ටැ උඹ ඔය කියන්නෙ? :P
    උඹෙ වයස කීයද මචං? :rofl:

    මගේ වයසෙන් ඇති වැඩක් නැහැ සහෝදරයා....ඔයා කියන්නේ නැනක් නොතැනක් නැතුව,,,හැම තැනම ලින්ගිකව හැසිරෙන එක හරී කියලද?...මම කියන්නේ ඒක ආදරේ නෙවෙයි කියලා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :confused:
    කතාවට බහිමු.

    සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.

    1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.

    ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.

    2.කතාබහ හා අශ්‍රය තුලින් ගතිගුන හඳුනාගැනීම.

    මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..

    3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.

    දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.

    පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?
    :angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ වයසෙන් ඇති වැඩක් නැහැ සහෝදරයා....ඔයා කියන්නේ නැනක් නොතැනක් නැතුව,,,හැම තැනම ලින්ගිකව හැසිරෙන එක හරී කියලද?...මම කියන්නේ ඒක ආදරේ නෙවෙයි කියලා

    ඇත්ත කියපං උඹ තාම ඕලෙවල් හෝ ඒලෙවල් නේද? :lol:
    ටිකක් මැචුවර් වෙයං එතකොට උඹට තේරෙයි මචං මම කිවුවෙ මොකක්ද කියලා :P
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    :confused:
    කතාවට බහිමු.

    සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.

    1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.

    ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.

    2.කතාබහ හා අශ්‍රය තුලින් ගතිගුන හඳුනාගැනීම.

    මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..

    3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.

    දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.

    පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?
    :angry::angry:

    සහතික ඇත්ත මචන්​