ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ මටත් චාන්ස් එකක් ලැබුන කෝච්චියේ යන්න. විලොග් එකක් කරලා දාන්න හිතන් තමයි කෝච්චියට නගින්න ගියේ. ඒත් විලොග් එක පස්සේ දවසක (කවදද කියල නම් දන්නේ නෑ) කරනවා කියල හිතා ගත්ත. මේකයි සිද්දිය. මගේ පිටරට යාලුවෝ දෙන්නෙක් එක්ක ලංකාවේ පොඩි රවුමක් දාන්න හිතන් වාහනයක් බුක් කරන් ගමන් ටිකක් ගියා. ඒ දෙන්නා කිව්වා කෝච්චියේත් පොඩි රවුමක් යමු කියල. මාත් කාලෙකින් ලංකාවේ කෝච්චිවල ගිහිල්ල නැති නිසා හා අලුත් කෝච්චිත් ආව කියල පහුගිය කාලේ පෙන්නුව නිසා වැඩේට කැමති වෙලා වාහනේ හයිවේ එකේ හික්කඩුවට යන්න කියල අපි කොළඹින් කෝච්චියට නගින්න ගියා.
හමු උනේ අර සාගරිකා කියන කෝච්චිය. එකේ 1 ක්ලාස් තිබුනේ නැති නිසා 2 ක්ලාස් ටිකට් ගත්ත. අපරාදේ කියන්න බෑ ඉංග්‍රීසින් හදපු විදියටම ස්ටේෂන් එක තියනව. පරණ ෆොටෝ එකකුයි, අලුත් එකකුයි ගහල පොඩි එකෙකුට රුප දෙකේ වෙනස්කම් හදුනා ගන්න දෙන්න නියම ෆොටෝ.
කෝච්චිය ලං වෙන කොටම සෙට් එක වට උනා කියපන්කො දුවගෙන, පෙරලගෙන ... කොහෙන් ආවද මන්ද එච්චර සෙනගක් එකපාරම. වයසක මනුස්සයෙක් හිටියොත් (හිටියද දන්නේ නෑ, පෙනුනෙත් නෑ) උන්දා අනිවා තැලිලා ඉවර වෙනවා. ඇඟපත හයිය තියන නාම්බෝ ටික කෝච්චියට නවත්තන්න එද්දිම සට සට ගාල පෙට්ටියට නැග්ගා. ඔ සොරි නැග්ගා නෙමෙයි පැන්නා. ඊළගට පළපුරුදු ගෑනු / පිරිමි කලවමේ පෙට්ටියට ගොඩ නැග්ගා. අපි තාමත් මේ මොකද්ද යකෝ මේ කියල හිත හිතා ඉන්නවා. මට නම් මේවා එච්චර අමුතු සීන් නෙමෙයි. එත් අරුන් ෆුල් හොල්මන්. ඒ අතර අපිට පේනවා ජනෙල් වලින් අර මුලින් නගපු උන් පෙට්ටිය දිගේ ඇවිදන් යනවා. උන්ගේ මුණු නිකන් පිත්ත පටිය කඩාගෙන මීටර් 100 දිනපු එවුන්ගේ මුණු වගේ තිබුන. මේ ජරමර අස්සේ අපිට පෙට්ටි වල ගහපු අංකවත් හරියට පෙනුනේ නෑ. මට නම් පෙනුනේ 2 ගියා 3 ගියා ආයේ 2 ගියා වගේ. කොහොම නමුත් 2 බුක් කරපු අපිට චාන්ස් ඇති කියල අපි ශේප් එකේ බලන් හිටිය.

යකොව් මුළු කෝච්චියම එකවගේ පිරිලා. සෙනග අඩු පෙට්ටි නෑ. අපි යාන්තම් 2 පෙට්ටියකට රිංග ගත්ත. ඒකෙත් දොරලග හිටගෙන යන්නත් පොරවල් බුක් කරගෙනද මන්ද. ඇතුලට ගියාම තමා තේරුනේ යකොව් දොර ලග ගියානම් සැපයි කියල. මුළු පෙට්ටියටම තිබුනේ fan 2යි. අනිත් fan තිබුන තැන්වල හිලක් තිබුන. සමහරවිට අනාගතේ Ac එන්න හදපු හිලක් වෙන්න ඇති කියල හිතුනට ඒක එහෙම නෙමෙයි කියල පස්සේ තේරුනා. සමහර ඒවායේ කොළ කෑලි, රෙදි කෑලි ඔබලා තිබුන.
ලෝකේ තියන දාඩිය, ටොයිලට්, අදෝවාත, පිලුන්, ආදී මෙකි නොකී සියලුම ගන්දයන් වරින් වර ආව. වෙන්ටිලේෂන් අඩු නිසා ගඳ සැරට ආව. ඉදල හිටලා පොඩි සෙන්ට් සුවදකුත් ආව. හැබැයි ඒවාට වැඩිය නාහේ පිරිලා තිබ්බේ අර මුලින් කියපු ගන්දයන්. අපි ඉන්ටනෙට් එකේ දැක්කේ මේ කෝච්චිය පැයයි විනාඩි 45 න් හික්කඩුවේ කියල. එත් ස්ටේෂන් 2, 3ක් පහුවෙන කොට තේරුනා ඒක එහෙම නෙමෙයි කියල. කැමරාවක් එලියට ගන්නවත් ඉඩක් නෑ. අනික මෙච්චර සෙනගක් මැද ෆොටෝ ගහන්නත් බෑ.
2 , 3 ක්ලාස් කියල තිබුනට මුළු කොච්චියම පිරිලා ඉතිරිලා. එකම වෙනස තිබුනේ 2 ක්ලාස් එකේ සීට් 2+2 ලෙස තිබුන, 3 ක්ලාස් එකේ 3+3 ලෙස තිබුන. එච්චරයිද කොහෙද. වැඩියෙන් සල්ලි දීපු එවුනුත් 2 ක්ලාස් එකේ නැගිටලා චප්ප වෙලා යනවා.

සීටුත් හීරිලා, කැඩිලා. තව ඉතින් දුවිලි, කැලිකසල ගැන කියන්න ඕනේ නෑ මම හිතන්නේ. ටොයිලට් පැත්තට නම් ගියේ නෑ. ගියේ නැත්තේ ටිකට් ගත්තේ කෝච්චියේ නැගල යන්න මිසක් මිනිසුන්ගේ කරේ නැගල එහා මෙහා යන්න නොවන නිසා හා වරින් වර අමුතු සුවදක් ආපු නිසා. ඒකට මම සුවඳ කියල කිව්වේ, මට ඒක ගඳක් වගේ දැනුනට කෝච්චියේ ගිහිපු ගොඩක් එවුන්ට ඒක කිසිගානක් නැති නිසා.
ගොඩක් එවුන් කාත් එක්ක හරි කයියක් දාගෙන වගේ වගක් නැතුව යනවා. කයිය නැති උන් ෆෝන් එක ඔබ ඔබ යනවා. ඇපල් ෆෝන් 2ක් වගේ දැක්ක. සම්සුන්ග් ඒවා නම් ගණනාවක් තිබ්බ. කෝච්චියෙයි, ෆෝන් එකෙයි පොඩි නොගැලපීමක් මට පෙනුන. ඒගැන වැඩිය හිතන්න උනේ නෑ ඊට වඩා ප්‍රශ්න ඒ වෙලේ තිබුන නිසා.
දැන්නම් අපේ කෝච්චි ආසාව හොදටම සන්තර්පණය වෙලා. බහින්න ස්ටේෂන් එකක් හොය හොයා ඉන්නේ. කෝල් එකක් අරන් අර හයිවේ එකේ ගාලු යවපු කාර් එකට මගින් හරවල කළුතර ස්ටේෂන් එකට එන්න කිව්වා. යාන්තන් කළුතර ස්ටේෂන් එකෙන් බැහැ ගත්ත. යකොව් එකේ බැස්සම කෝච්චියට වඩා දරුණු ගන්දස්කාරයක් ආව කියහන්කෝ. අපි හිතුවේ කළුතර ගග පිසගෙන එන මදනල ඇවිත් අපේ ඇඟේ දැවටී දැවටී මුකුළු කරාවි කියල. නමුත් ෆුල් ගන්දස්තාන්. කෝච්චියත් ගියා. ගඳ නම් බොහෝ සැරයි. සැරම සැරයි. වටපිට බැලුවම දැක්ක ගඳ ආරම්භ වෙන ටොයිලට් 2ක් ලඟින්ම. ටිකට් දෙන තැන, ස්ථානාධිපති ඉන්න කාමරේ වගේ එව්වා තිබුනේද එතනමයි. අපිට මේ විනාඩි ගණනක් මේ ගඳ එක්ක ඉන්න බෑ, අර මිනිස්සු කොහොම මේ පුසුඹ එක්ක දවස ඉන්නවද මන්ද. වෙන දවසක ෆොටෝ / වීඩියෝ ගන්න හිතන් අපි කාර් එකට නැගල හික්කඩුවේ ගියා.

මුන්ගේ කරුමෙද කොහෙද. මුන් මගෙන් ඉල්ලුවේ හික්කඩුවේ යන්න කෝච්චියක්. මුන් නුවර හරි, බදුල්ලේ හරි යන කෝච්චියක් ඉල්ලුව නම් අර ඔඩිසි කියන එක සෙට් කරගන්න තිබුන. ඇත්තටම හික්කඩුවට යන ඔඩිසි වගේ කෝච්චියක් හරි, අඩුම තරමේ කොච්චියක පෙට්ටියක් වත් නැද්ද යාලුවනේ ???

Last edited: