කෝච්චියේ සිද්දියක්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ මටත් චාන්ස් එකක් ලැබුන කෝච්චියේ යන්න. විලොග් එකක් කරලා දාන්න හිතන් තමයි කෝච්චියට නගින්න ගියේ. ඒත් විලොග් එක පස්සේ දවසක (කවදද කියල නම් දන්නේ නෑ) කරනවා කියල හිතා ගත්ත. මේකයි සිද්දිය. මගේ පිටරට යාලුවෝ දෙන්නෙක් එක්ක ලංකාවේ පොඩි රවුමක් දාන්න හිතන් වාහනයක් බුක් කරන් ගමන් ටිකක් ගියා. ඒ දෙන්නා කිව්වා කෝච්චියේත් පොඩි රවුමක් යමු කියල. මාත් කාලෙකින් ලංකාවේ කෝච්චිවල ගිහිල්ල නැති නිසා හා අලුත් කෝච්චිත් ආව කියල පහුගිය කාලේ පෙන්නුව නිසා වැඩේට කැමති වෙලා වාහනේ හයිවේ එකේ හික්කඩුවට යන්න කියල අපි කොළඹින් කෝච්චියට නගින්න ගියා.
    හමු උනේ අර සාගරිකා කියන කෝච්චිය. එකේ 1 ක්ලාස් තිබුනේ නැති නිසා 2 ක්ලාස් ටිකට් ගත්ත. අපරාදේ කියන්න බෑ ඉංග්‍රීසින් හදපු විදියටම ස්ටේෂන් එක තියනව. පරණ ෆොටෝ එකකුයි, අලුත් එකකුයි ගහල පොඩි එකෙකුට රුප දෙකේ වෙනස්කම් හදුනා ගන්න දෙන්න නියම ෆොටෝ.
    කෝච්චිය ලං වෙන කොටම සෙට් එක වට උනා කියපන්කො දුවගෙන, පෙරලගෙන ... කොහෙන් ආවද මන්ද එච්චර සෙනගක් එකපාරම. වයසක මනුස්සයෙක් හිටියොත් (හිටියද දන්නේ නෑ, පෙනුනෙත් නෑ) උන්දා අනිවා තැලිලා ඉවර වෙනවා. ඇඟපත හයිය තියන නාම්බෝ ටික කෝච්චියට නවත්තන්න එද්දිම සට සට ගාල පෙට්ටියට නැග්ගා. ඔ සොරි නැග්ගා නෙමෙයි පැන්නා. ඊළගට පළපුරුදු ගෑනු / පිරිමි කලවමේ පෙට්ටියට ගොඩ නැග්ගා. අපි තාමත් මේ මොකද්ද යකෝ මේ කියල හිත හිතා ඉන්නවා. මට නම් මේවා එච්චර අමුතු සීන් නෙමෙයි. එත් අරුන් ෆුල් හොල්මන්. ඒ අතර අපිට පේනවා ජනෙල් වලින් අර මුලින් නගපු උන් පෙට්ටිය දිගේ ඇවිදන් යනවා. උන්ගේ මුණු නිකන් පිත්ත පටිය කඩාගෙන මීටර් 100 දිනපු එවුන්ගේ මුණු වගේ තිබුන. මේ ජරමර අස්සේ අපිට පෙට්ටි වල ගහපු අංකවත් හරියට පෙනුනේ නෑ. මට නම් පෙනුනේ 2 ගියා 3 ගියා ආයේ 2 ගියා වගේ. කොහොම නමුත් 2 බුක් කරපු අපිට චාන්ස් ඇති කියල අපි ශේප් එකේ බලන් හිටිය. :cool::cool:
    යකොව් මුළු කෝච්චියම එකවගේ පිරිලා. සෙනග අඩු පෙට්ටි නෑ. අපි යාන්තම් 2 පෙට්ටියකට රිංග ගත්ත. ඒකෙත් දොරලග හිටගෙන යන්නත් පොරවල් බුක් කරගෙනද මන්ද. ඇතුලට ගියාම තමා තේරුනේ යකොව් දොර ලග ගියානම් සැපයි කියල. මුළු පෙට්ටියටම තිබුනේ fan 2යි. අනිත් fan තිබුන තැන්වල හිලක් තිබුන. සමහරවිට අනාගතේ Ac එන්න හදපු හිලක් වෙන්න ඇති කියල හිතුනට ඒක එහෙම නෙමෙයි කියල පස්සේ තේරුනා. සමහර ඒවායේ කොළ කෑලි, රෙදි කෑලි ඔබලා තිබුන.
    ලෝකේ තියන දාඩිය, ටොයිලට්, අදෝවාත, පිලුන්, ආදී මෙකි නොකී සියලුම ගන්දයන් වරින් වර ආව. වෙන්ටිලේෂන් අඩු නිසා ගඳ සැරට ආව. ඉදල හිටලා පොඩි සෙන්ට් සුවදකුත් ආව. හැබැයි ඒවාට වැඩිය නාහේ පිරිලා තිබ්බේ අර මුලින් කියපු ගන්දයන්. අපි ඉන්ටනෙට් එකේ දැක්කේ මේ කෝච්චිය පැයයි විනාඩි 45 න් හික්කඩුවේ කියල. එත් ස්ටේෂන් 2, 3ක් පහුවෙන කොට තේරුනා ඒක එහෙම නෙමෙයි කියල. කැමරාවක් එලියට ගන්නවත් ඉඩක් නෑ. අනික මෙච්චර සෙනගක් මැද ෆොටෝ ගහන්නත් බෑ.
    2 , 3 ක්ලාස් කියල තිබුනට මුළු කොච්චියම පිරිලා ඉතිරිලා. එකම වෙනස තිබුනේ 2 ක්ලාස් එකේ සීට් 2+2 ලෙස තිබුන, 3 ක්ලාස් එකේ 3+3 ලෙස තිබුන. එච්චරයිද කොහෙද. වැඩියෙන් සල්ලි දීපු එවුනුත් 2 ක්ලාස් එකේ නැගිටලා චප්ප වෙලා යනවා. :ROFLMAO::ROFLMAO:
    සීටුත් හීරිලා, කැඩිලා. තව ඉතින් දුවිලි, කැලිකසල ගැන කියන්න ඕනේ නෑ මම හිතන්නේ. ටොයිලට් පැත්තට නම් ගියේ නෑ. ගියේ නැත්තේ ටිකට් ගත්තේ කෝච්චියේ නැගල යන්න මිසක් මිනිසුන්ගේ කරේ නැගල එහා මෙහා යන්න නොවන නිසා හා වරින් වර අමුතු සුවදක් ආපු නිසා. ඒකට මම සුවඳ කියල කිව්වේ, මට ඒක ගඳක් වගේ දැනුනට කෝච්චියේ ගිහිපු ගොඩක් එවුන්ට ඒක කිසිගානක් නැති නිසා. :ROFLMAO::ROFLMAO: ගොඩක් එවුන් කාත් එක්ක හරි කයියක් දාගෙන වගේ වගක් නැතුව යනවා. කයිය නැති උන් ෆෝන් එක ඔබ ඔබ යනවා. ඇපල් ෆෝන් 2ක් වගේ දැක්ක. සම්සුන්ග් ඒවා නම් ගණනාවක් තිබ්බ. කෝච්චියෙයි, ෆෝන් එකෙයි පොඩි නොගැලපීමක් මට පෙනුන. ඒගැන වැඩිය හිතන්න උනේ නෑ ඊට වඩා ප්‍රශ්න ඒ වෙලේ තිබුන නිසා.
    දැන්නම් අපේ කෝච්චි ආසාව හොදටම සන්තර්පණය වෙලා. බහින්න ස්ටේෂන් එකක් හොය හොයා ඉන්නේ. කෝල් එකක් අරන් අර හයිවේ එකේ ගාලු යවපු කාර් එකට මගින් හරවල කළුතර ස්ටේෂන් එකට එන්න කිව්වා. යාන්තන් කළුතර ස්ටේෂන් එකෙන් බැහැ ගත්ත. යකොව් එකේ බැස්සම කෝච්චියට වඩා දරුණු ගන්දස්කාරයක් ආව කියහන්කෝ. අපි හිතුවේ කළුතර ගග පිසගෙන එන මදනල ඇවිත් අපේ ඇඟේ දැවටී දැවටී මුකුළු කරාවි කියල. නමුත් ෆුල් ගන්දස්තාන්. කෝච්චියත් ගියා. ගඳ නම් බොහෝ සැරයි. සැරම සැරයි. වටපිට බැලුවම දැක්ක ගඳ ආරම්භ වෙන ටොයිලට් 2ක් ලඟින්ම. ටිකට් දෙන තැන, ස්ථානාධිපති ඉන්න කාමරේ වගේ එව්වා තිබුනේද එතනමයි. අපිට මේ විනාඩි ගණනක් මේ ගඳ එක්ක ඉන්න බෑ, අර මිනිස්සු කොහොම මේ පුසුඹ එක්ක දවස ඉන්නවද මන්ද. වෙන දවසක ෆොටෝ / වීඩියෝ ගන්න හිතන් අපි කාර් එකට නැගල හික්කඩුවේ ගියා. :ROFLMAO::ROFLMAO:
    මුන්ගේ කරුමෙද කොහෙද. මුන් මගෙන් ඉල්ලුවේ හික්කඩුවේ යන්න කෝච්චියක්. මුන් නුවර හරි, බදුල්ලේ හරි යන කෝච්චියක් ඉල්ලුව නම් අර ඔඩිසි කියන එක සෙට් කරගන්න තිබුන. ඇත්තටම හික්කඩුවට යන ඔඩිසි වගේ කෝච්චියක් හරි, අඩුම තරමේ කොච්චියක පෙට්ටියක් වත් නැද්ද යාලුවනේ ???
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඕකේ
    ඕකේ
    ඇයි බන් උබල ඔකේ කියන්නේ ?? මට මේ සිද්දිය පොඩ්ඩක් අවුල්. ඉස්කෝලේ යන කාලේවත් මෙහෙම පැක් වෙලා යන කොච්චි තිබ්බේ නෑනේ බන්. අනික අර නුවර / බදුල්ල යුටියුබ් වීඩියෝ වල යන කෝච්චි එක්ක බැලුවම මේක අහසට /පොලව වගේනේ බන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thu nodakin hariyata plan karala trip yanna nodanna ponnayek, nahayen adanna epa, ubage weradda.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඇයි බන් උබල ඔකේ කියන්නේ ?? මට මේ සිද්දිය පොඩ්ඩක් අවුල්. ඉස්කෝලේ යන කාලේවත් මෙහෙම පැක් වෙලා යන කොච්චි තිබ්බේ නෑනේ බන්. අනික අර නුවර / බදුල්ල යුටියුබ් වීඩියෝ වල යන කෝච්චි එක්ක බැලුවම මේක අහසට /පොලව වගේනේ බන්.
    දැන් කෝච්චි පැක් වෙලා යන්නෙ බන්. බස් වල යන්න සල්ලි නැති නිසා.කෝච්චියේ ඊට වඩා ගාන අඩුයි නෙ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    දැන් කෝච්චි පැක් වෙලා යන්නෙ බන්. බස් වල යන්න සල්ලි නැති නිසා.කෝච්චියේ ඊට වඩා ගාන අඩුයි නෙ
    ඔව් මචන් ඔයා හරි. මේක මම දැනුවත් වෙලා හිටියේ නෑ. 2 ක්ලාස් එකෙත් හිරවෙලා පැක් වෙලා යනවා දැක්කමයි.
    thu nodakin hariyata plan karala trip yanna nodanna ponnayek, nahayen adanna epa, ubage weradda.
    නිකන් දොඩවන්න එපා බන්. මේක ප්ලෑන් කරලා යන කෝච්චි ගමනක් නෙමෙයි. උන්ට හිතුන ගමන් කිව්වා. මම වෙබ් එකෙන් බලල ස්ටේෂන් එකට ගියා කාර් එක නිකන් යවල. මම කෝච්චි වල ගිහින් තියනව. නමුත් කවදාවත් 2 ක්ලාස් මෙහෙම පැක් වෙලා ගිහිල්ල නෑ. උඩ එක්කෙනෙක් කියල තියනව හේතුව. දැන් බැලුවම මට හිතෙනවා මේවා උබලගේ වාසනාවට ගැලපිලා හැදුනු ස'විස් කියල. :ROFLMAO:
     
    • Like
    Reactions: Hyperx99

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් මචන් ඔයා හරි. මේක මම දැනුවත් වෙලා හිටියේ නෑ. 2 ක්ලාස් එකෙත් හිරවෙලා පැක් වෙලා යනවා දැක්කමයි.

    නිකන් දොඩවන්න එපා බන්. මේක ප්ලෑන් කරලා යන කෝච්චි ගමනක් නෙමෙයි. උන්ට හිතුන ගමන් කිව්වා. මම වෙබ් එකෙන් බලල ස්ටේෂන් එකට ගියා කාර් එක නිකන් යවල. මම කෝච්චි වල ගිහින් තියනව. නමුත් කවදාවත් 2 ක්ලාස් මෙහෙම පැක් වෙලා ගිහිල්ල නෑ. උඩ එක්කෙනෙක් කියල තියනව හේතුව. දැන් බැලුවම මට හිතෙනවා මේවා උබලගේ වාසනාවට ගැලපිලා හැදුනු ස'විස් කියල. :ROFLMAO:

    unta hithuna gaman kiuwanam , thota mole thibbe nedda.
    anika ubage yaluwo lankawata enna kalin, ubata thibba lassanata paln karala unta treat karanna.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    කවුද මේක ලියලා තියෙන්නේ? නාමල් රාජපක්ෂ ද? ඌ කෝච්චියේ යන්නෙත් චන්දෙ ලං වෙද්දී විතරනේ. ඒක නිසා ඌ දන්නෙත් නෑ ලංකාවේ කෝච්චි මොන වගේද කියල.
     
    • Haha
    Reactions: Mr.dark

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    රටේ දෙවෙනි පුරවැසියො උනාම ඔහොම තමයි බන්. දාඩිය පෙරාගෙන, තැලිලා,පොඩිවෙලා යන්න වෙන්නෙ. කොහොමහරි ගේමක් ගහලා ලංකාවට යන්න බලපන්.
     
    • Sad
    Reactions: sakuntha1996

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අපි අනුරාධපුරේ ගියේ පලවෙනි පංතියේ ටිකට් අරන් ..මිල රු.2500 එක්කෙනෙක්ට .Patta clean ..Full A/C
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    යන්න තියෙන ජරාම එකක ගිහින් එක දිහා බලල සමස්තයම අවුල් කියල හරි යන්නේ නැහැනේ ,

    සුද්දෝ වුනත් දන්නවා ට්‍රෙන් එකේ යනවා නම් අප්කන්ට්‍රි විතරයි යන්න ඕනේ කියල.

    උඹ නාගෙන ඔෆිස් ට්‍රෙන් එකක නැගල
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔය හොධයි. වරෙන් ඔෆිස් ටයිම් ට්‍රේන් එකක යන්න. හැමදාම යන ගැන්සිවල උන් බැස්සම අප්පිරියයි ඔයිට වඩා. අනික ෆුල් පැක් සැමන් ටින්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    2013 විතර නුවර යන්න උඩරට මැණිකේ එකේ AC තියෙන මැදිරියක් බුක් කරා සෙට් එකක්ම. පරණ ප්ලේන් එකක සීට් ද මන්දා හයි කරලා තිබුනේ. සෙනග සූ ගාලා. ෆොරින් කට්ටියත් හිටියා. මෙලෝ රහක් නැහැ. තිබුණ අමාරුවටම ගියේ. ආයේ නම් නැරබුම් මැදිරියේ ඇරෙන්න වෙන කිසිම තැනක කෝච්චියේ යන්නේ නැහැ කියලා හිතා ගත්තා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    2013 විතර නුවර යන්න උඩරට මැණිකේ එකේ AC තියෙන මැදිරියක් බුක් කරා සෙට් එකක්ම. පරණ ප්ලේන් එකක සීට් ද මන්දා හයි කරලා තිබුනේ. සෙනග සූ ගාලා. ෆොරින් කට්ටියත් හිටියා. මෙලෝ රහක් නැහැ. තිබුණ අමාරුවටම ගියේ. ආයේ නම් නැරබුම් මැදිරියේ ඇරෙන්න වෙන කිසිම තැනක කෝච්චියේ යන්නේ නැහැ කියලා හිතා ගත්තා.
    වෙන්ඩ බෑ...2013 දී උඩරට මැනිකෙට අලුත් සෙට් ගෙනත් තිබ්බේ First class වලට
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    වෙන්ඩ බෑ...2013 දී උඩරට මැනිකෙට අලුත් සෙට් ගෙනත් තිබ්බේ First class වලට
    first class සීන් එක හරියටම මතක නැහැ ඒත් promote කරේ AC මැදිරියක් තියෙනවා කියලා. පරණ ප්ලේන් සීට් තිබුණේ මතක හැටියට.