http://divaina.com/daily/index.php/pradeshiya-puwath/4788-2017-12-19-13-33-49
කාන්තා යට ඇඳුම් උස්සන සැකකරු පලායයි; ආසන්නම සිද්ධිය රූපලාවන්‍යාගාර හිමිකාරියගේ ඇඳුම් උස්සලා
වීරකැටිය - අමිල ජයවර්ධන
කටුවන ප්‍රදේශයේ කාන්තාවන්ගේ යට ඇඳුම් එම ප්‍රදේශයේම එක්තරා පුද්ගලයකු විසින් කලක් තිස්සේ සොරකම් කරනු ලබන බවට කටුවන පොලිසියට ප්‍රදේශයේ කාන්තාවන් විසින් පැමිණිලි කර තිබේ.
මෙම යට ඇඳුම් සොරකම් කරනු ලබන පුද්ගලයා මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙලෙස කාන්තා යට ඇඳුම් සොරකම් කරනු ලැබ ඇති අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු කිහිපයක් පවරා ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස කාන්තා යට ඇඳුම් සොරකම් කරනු ලබන්නේ කටුවන කොටුවේගොඩ පදිංචි 49 හැවිරිදි දරුවන් දෙදෙනකුද සිටින විවාහක ට්‍රැක්ටර් රියෑදුරෙකු විසින් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
ආසන්නතම සිද්ධිය වනුයේ පසුගියදා කටුවන කිරිවානගොඩ රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යනු ලබන කාන්තාවකගේ යට ඇඳුම් මෙම පුද්ගලයා විසින් සොරකම් කිරීමයි. මෙම දර්ශන අදාළ සීසීටීවී කැමරාවලද සටහන්ව ඇති අතර එම දර්ශන වලින් පුද්ගලයා හඳුනාගෙන තිබේ.
සිද්ධියට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පියවර ගෙන තිබුණද පොලිසිය මග හැර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත
කොට නිහාල් වැඩිය දැක්කෙත් නෑ.....