මේක දැක්කාම මතක් උනෙ මීට අවුරුදු 5 6කට කලින් මරදානෙන් නගින්න ගියාම දකින දේවල්. මිනිස්සු කොච්චිය නවත්තන්න කලින් නගින්නෙ, පොරකාගෙන නගිනව. ඒත් පොඩ්ඩක් හරි මිස් උනොත් මේක තමා වෙන්නෙ.
යනගමන් පරිසමින් පලයල්ලා. උඹලා පරිසමින් ආයි ගෙවල් වලට එනකන් ගෑනි, ලමයි, අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියෝ බලන් ඉන්නවා.
මරදාන ස්ටේෂමේදී නොදන්නා ඒ සොයුරා දැක කඳුළු සැළුවෙමි.
ජීවිතය තණ අග පිණි බිඳක් වැනි යැයි යලි පසක් කර ගත්තෙමි....
අද වැඩ ඇරී පංචිකාවත්තට ගියෙමි.
එන ගමන් මරදාන ස්ටේෂමට ගියේ ලබන සතියේ නුවර යන්නට දුම් රිය අසුනක් වෙන් කර ගන්නටය.
වෙලාව හවස පහ පහු වී තිබුනා මතකය.
යකඩ මැස්සක් උඩ බ්‍රවුන් පේපර් කඩදාසි වලින් වසා දුම් රිය ආරක්ෂකයින් හා කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුගේ පෙරහැරින් උස්සා ගෙන එන පිරිමි මළ සිරුරකි.
නිල් පාට අත් දිග කමිසයක් හැඳ සිටි ඒ සොයුරා ගේ එක් අතක් යකඩ මැස්සෙන් පහලට එල්ලෙයි.
කොළරය පුරා ඇති ලේ පැල්ලම් පෙනුනත් මුහුණ වසා තිබීම එක් අතකින් සැනසීමකි.
දුම් රිය නිලධාරීහු සිරුර එළියේ කොරිඩෝවේ පැත්තක තබා පරෙස්සමින් ඔහුගේ ගමන් මල්ල අවුස්සති.
ඒ ඔහු හඳුනාගැනීමට යමක් සෙවීමට විය යුතුය.
රියදුරු බලපත්‍රයක් පර්ස් එකේ තිබී හමු වූවා පෙනින.ඉන් ඔහුගේ ලිපිනය ගාල්ලේ යැයි සොයා ගත්තා විය යුතුය.
අවට රැස්වූ කෝච්චි ගමන් යන කාර්‍යාල සේවකයෝ අර සිරුරේ මුහුණ බලන්නට උත්සහ කරති.
"අපේ දන්න කෙනෙක්ද දන් නෑ.."
කියති.
ඒ අතර තවත් නිලධාරියෙක් සීරුවෙන් ගමන් මල්ල පරීක්ෂා කරයි.
සුදු අත් ආවරණ වලට අසුවී සෙමෙන් ඉහලට එන්නේ උදේ ගෙදරින් බත් බෙදාදුන් රතු මිශ්‍ර ලේන්සුවකින් එතූ ප්ලාස්ටික් පෙට්ටියයි.
දුරකතන චාජරයක් ,තවත් මොනවාදෝ කොළ කෑලි ටිකක් එලියට ආ බව පෙනින.
හම ගිය පර්ස් එකේ කොළ කෑලි, බිල්පත් පිරී තිබිනි...කෝච්චි සීසන් එක මැදි කරගත් දුම් රිය ෆෝල්ඩරයත්, රුපියල් විස්සකුත් ,පුන් කලස ඇති තැඹිලි කහ පාට ඒ.ටී.එම් කාඩ් එකක් හැර අන් සියල්ල කොළ කෑලි බව පෙනේ..
"අනේ..අපි වගේම දුප්පත් මාස් පඩි කාරයෙක්..."
මා අසල සිටි අයෙක් හූල්ලමින් කියනු ඇසිනි...
ජංගම දුරකතනයක් ද බෑගයේ තිබුනා වෙන්නට ඕනෑය..එයින් හෝ අර කොළ ගොඩෙන් අංකයක් ගෙන දුම් රිය නිලධාරියෙක් එහා පස අයෙකුට අමතන්නට සැරසෙයි.
සමහර විට ඒ ඇමතුම අනෙක් පසින් ගන්නේ ඒ සොයුරාගේ බිරිඳ විය හැකිය.නැතිනම් අම්මා තාත්තා නංගී අයියා අක්කා මිතුරෙක් මිතුරියක් විය හැකිය..
............මහත්තය දන්නවද ඔයා..
දුම් රිය නිලධාරීයා අසනු ඇත..
"ඔව්...එයා මගේ......"කියනු ඇත
ඉන් පසු....දුම් රිය නිලධාරී කියන ආරංචිය ඒ අය කෙසේ ඉවසනු ඇද්ද ?
සමහර විට වැඩ ඇරී වැඩ පොලේ සිට මීට ටිකකට කලින් ඔහු නිවසට කතා කරන්නට ඇත. හවසට පාන් අරන් එන බවත් අල හොද්දත් එක්ක සම්බෝලයක් පංකාදු බවත් කියන්නට ඇත.
බෑගයෙ ට්ෂූ කොළ කෑල්ලක ඔතා තිබුනු ඔෆීස් එකේ තේ බොද්දී ඉතුරු කරගත් බටර් කේක් කෑල්ල කන්නට පුංචි කටක් තාමත් මග බලා ඉන්නවා ඇත .
ඒත් ඔහු මෙලොව හැර ගොස් ඇත.
කලබලයෙන් ගෙදර යන්නට ගොඩ වෙද්දී ලිස්සුවාද වෙන සිදු වීමක්ද කියා සොයන්නට වෙහෙස නොවී මම එතනින් අහක ගියෙමි.
"අනේ සහෝදරයා ජීවිතේ තණ අග පිණි බිඳුවක්..උඹට නිවන් සුව..උඹ කවුරු වුනත්..මම සිතින් පැතුවෙමි.
දහස් ගාණක් මා පසුකර ගෙදර යන කෝච්චිය අල්ලා ගන්නට දුවනු පෙනේ..
"අනේ උඹල පරෙස්සමින් පලයල්ලා...ඔය කෝච්චිය ගියොත් ඊලඟ එකේ හරි ,..හෙට හරි යමල්ලා...හදිස්සිය වගේ නෙවෙයි ජීවිතේ....
පරෙස්සමින් අප්පා...
මරදානටම ඇහෙන්නට කෑ ගසන්නට මට සිතිනි..
ජානක සුනෙත් බණ්ඩාර
2025.02.10
මරදාන ස්ටේෂමේදී