කෝටි ගණන් මැණික් කථා

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    නාග මානික්‍ය කියල කියන ඒවා ඇත්තටම තියනවද බන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් ඔය මැණික් ගරන ඔක්කොම උන් හෙන සල්ලිකාරයොද බන්
    කාලයක් ගරලා මැණික් ජීවිතේට හම්බුවෙලා නැති උනුත් ඉන්නවද

    :frown::frown::frown:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    9.ඇක්වමරයින් නිල් මැණික්


    හොඳින් කැපූ පැහැදිලි දිස්නය දෙන ඇක්වමරයින් නිල් මැණික් ගලක කැරට් එකක් ලෝක වෙළඳපොලේ රුපියල් 16,750 කට හෙවත් ඇමෙරිකානු ඩොලර් 134 කට පමණ අලෙවි වන අතර ගැඹුරු භාවනාවට සහ ආත්මීය ජීවිතයේ පැවැත්මට පැලඳීමට සුදුසු යයි පිළිගන්නා ඇක්වමරයින් නිල් මැණික් නිලට සහ කොළට හුරු වෙන අතර 'මුහුදේ ජලය' යන නාමයෙන් මැණික් විශේෂඥයින් ලොව වටා හඳුන්වයි.නාවිකයන් අතීතයේ විශ්වාස කලේ සහ තවමත් විශ්වාස කරන්නේ ඔවුන්ම ජල විපත් වලින් ඇක්වමරයින් නිල් මැණික් ආරක්ෂා කරන බවටත්, මිනිසුන් ව ඕපා දූප වලින් වලකා ලන බවටත් ය.

    බෙරිල් මැණික් කුලයට අයත් ඇක්වමරයින් නිල් මැණික් වලට නම් වැටි ඇත්තේ ලතින් භාෂාවෙන් මුහුදු ජලයට කියන නම ඇසුරිනි. ඇක්වමරයින් නිල් මැණික් නිල් ටොපෑස් වලට වැඩ දුර්ලභ සහ වටිනවකමින් යුතුය. එමෙරල්ඩ් මැණික් වලට කිට්ටු නෑකමක් දක්වන ඇක්වමරයින් නිල් මැණික් බෙරිල් කුලයේ මොර්ගනයිට් සහ යෙලොව් බෙරිල් වලටත් සම්භන්ද කම් දක්වයි.


    Aquamarine%20(1).JPG


    Aquamarine%20(2).JPG


    Aquamarine%20(4).JPG


    ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ පතලකින් සොයාගත් දැනටත් රුපියල් ලක්ෂ 6 කට මිල කර ඇති නොකපපු ඇක්වමරයින් නිල් මැණික් ගලකි. එහි කැරට් 1400ක් හෙවත් ග්‍රෑම් 280 පමණ බරට මැණික් ඇත.

    srilankabusinessonline ඩොට් com
    mea gem eka opaque[athula nopenena] gem ekak dha?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    4.මුක්ක්රු

    මැණික් මතුවන අඩවියේ දී ‘මුක්කරු’ නමින් හැඳින් වෙන්නේ, අදින් වසර 600-700කට පමණ ඉහත මැණික් ගැරීම පිණිස ලංකාවට පැමිණි විදේශික ජන වර්ගයකි. ජන ප‍්‍රවාදවල එන හැටියට නම්, ඔවුන් අරාබි ජාතික මැණික් වෙළෙන්දන් වෙති.

    එකල ඔවුන් මැණික් ගරා ඇත්තේ අද මෙන් ‘ගැරුම් වට්ටියෙන්’ නොවේ. ඒ සඳහා සකසා ගත් ‘මැටි නෑඹිලිවලිනි’. ඒවායෙහි කැබලි රත්නපුරය සහ මැණික් ලැබෙන සෙසු ප‍්‍රදේශවලින් හමු වීම සුලභ කාරණයකි.

    එබඳු ස්ථාන, මැණික් ගරන්නන් අතර ‘මුක්කරු ගොඩැලි’ යනුවෙන් ප‍්‍රසිද්ධ ය. ‘මුක්කරු ගොඩැල්ලක්’ යනු මැණික් ඉල්ලම් ද සමග පැරණි මැටි වළං කැබලි හමු වන ස්ථාන වේ. එබඳු තැනක් පාදා ගත හොත් වාසි ගොඩකි. එයින් වෛරෝඩි හෝ ආර්නූල් මැණික් හමු වීමට ඉඩ තිබීම, ඊට හේතුවයි. ජන වහරේ කියැවෙන හැටියට, එකල මුක්කරු ජනයා එබඳු මැණික් ‘පණුවන් ගැසූ ගල්’ යයි කියා ඉවත දමා ඇත!


    walan-02.jpg


    වලස්පතිගේ අඩවිය


    ‘මුක්කරු ගොඩැලි’ කියල කියන්නේ මුක්කුරු සොහොන් වලට.
    මුක්කරු සොහොන් කියල ජාතියක් රත්නපුර වේවැල්වත්ත පැත්තට වෙන්න කැලේ ඇතුලේ තියෙනවා. මුක්කුරු වෛරෝඩි සලකල තියෙන්නේ නොවටින මැණික් වර්ගයක් විදිහට(ලංකාවේ කොහොමත් 1960 ගණන් වෙනකන් වෛරෝඩි වලට මිලක් තිබුනේ නෑ ) .

    ඒකලේ වෛරෝඩියක් හම්ඹ උනොත් මුක්කුරු කරන්නේ එක ගොඩකට විසිකරලා තියෙනවලු. එහෙම ඉදල තමන්ගේ සාමාජිකයෙක් මැරුනොත් කරන්නේ
    මුට්ටියකට පිරෙන්න වෛරෝඩි දාලා මැරිච්ච සාමාජිකයාගේ ඔලුව ලගින් තියල ගල්වලීන් වහනවලු (පිරමිඩ හැඩයට. මිනිය වලලන්නේ නෑ ). කැලේ තියෙනවා. එක හැරුවහම මැණික් මුට්ටිය ගන්න පුළුවන් හැබැයි දැන් එකක්ම හැරලා තියෙන්නේ .(මම එකක් දැකල තියෙනවා )

    තව කතාවක් තියෙනවා මුක්කුරු මැණික් ගරන්න කලින් සමන් දෙවියන්ට බාර උනාලු මැණික් ලැබුනොත් සමන් දෙවියන්ට මැණික් ඔරුවක් පුජ කරන්න. නමුත් මුක්කරු මැණික් ගරලා ඉවරවෙලා බාරේ ඔප්පු කරන්නේ නැතිව ගරපු මැණික් ඔරුවල ගෙන කලුගග දිගේ යන්න ගිහිල්ල. ඒ ඔක්කොම කළුගගේ ගිලුනලු දේව උදහසට