You cannot look at one manual and generalize it for all the vehicles.
S is for Speed/Sports in most cases. In Toyotas I use S for overtaking vehicles but I felt S works very well for hill climbs. S for traveling downhill doesn't make sense. It just keep the vehicle on high RPMs without shifting up (stress the hell outta gearbox). In German and English vehicles S is for Sport without a doubt coz I can even manually shift in S mode. Certainly not meant for downhill driving. That's what B is for (Engine Braking).
Using S for downhill driving in a high horsepower vehicle is a certain death sentence if you accelerate by mistake.
"
දැන් මේ ප්‍රශ්නයට අදාල Toyota Premio NZT260 එක (සහ කලින් සඳහන් කළ JDM වාහන මාදිලි ) සැලකුවොත්, එහි භාවිත කර තිබෙන්නේ Super CVT-i [Super Continuously Variable Transmission- intelligent] ලෙස හඳුන්වන transmission පද්ධතියක්. මේක Toyota K CVT series එකට අයත්, Aisin සමාගමේ තාක්ෂණය ඇසුරින් නිපදවන transmission system එකක්.
Super CVT-i කියන්නේ එක transmission system එකක් නෙවෙයි. මේක transmission system series එකක්. Toyota සමාගමේ එක් එක් වාහන සැලකුවාම ඒ ඒ වාහන සඳහා විවිධ වෙනස් කම් කරමින් මේ Super CVT-i transmission පද්ධතිය යොදාගෙන තියෙනවා.
මේ ගැන පසුව තවත් විස්තර කරන්නම්.
දැන් මේ Premio එකට අදාල Super CVT-i transmission system එක සැලකුවවොත්, මේක සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොණිකව පාලනය වන transmission පද්ධතියක්.
මුල් කාලීනToyota CVT පද්ධති එක්ක සැලකුවාම වැඩි දියුණු කිරීම් ගණනාවක් මේකෙ කරලා තියෙනවා. විශේෂයෙන්ම driver ගේ සහ වාහනයේ අවශ්‍යතා/තත්ත්වයන් අනුව සලකා, performance සහ fuel economy වලට වඩාත්ම සුදුසු gear ratio ඒක ඒ ඒ අවස්ථාවට අදාලව ස්වයංක්‍රියව තෝරා දීම මේ මගින් සිදු වෙනවා.
මේ පද්ධතිය භාවිත වන JDM Toyota Premio එකක owner's manual එකේ කොටසක් සහ International model Toyota Corolla එකක owner's manual එකේ කොටසක් මේ රූප වල දැක්වෙනවා."