කෝලි.... ඒක වෙනමම ආතල් එකක්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෝලි.... ඒක වෙනමම ආතල් එකක්...


    කෝලි.... ඒක වෙනමම ආතල් එකක්...

    19788-gayan-senanayake1193658499.jpg


    කෝලි යනු පට්ට දක්ෂයෙක්... ඒක කවුරුහරි බොරුවක් කියල කියනවා නම් එතන තියෙන්නේ ඊර්ෂ්‍යාව කුහකකම... අනෙක් අතට කෝලි යනු පඩ ෂෝ කාරයෙක්... හැබැයි හේතුවක් නැතිව පඩ ෂෝ පෙන්නන එවුන්ට වඩා කෝලි පෙන්නන්න පඩ ෂෝ එක සාධාරණයි... ඔහු කෝටි ගාණක ජනතාව අතර සැබෑ වීරයෙක්... වර්තමානයේ සිටින දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයින් පස් දෙනා අතරත් ඉහළින්ම ඉන්න එකෙක්....

    ලංකාවේ කි‍්‍රකට්ලෝලි අපිට දැනට මාසයකට කලින් කෝලිව පේන්නට බැරිය... ඒ ඌ වරදක් කළ නිසා නොව අපේ සිංහ පෝතකයින්ට අනුකම් විරහිතව පහර දුන් බැවිනි.... අපි කෝලිට බැන්නේ ඊර්ෂ්‍යාවටය.. කුහකකමටය.... ඒ වගේ එකෙක් අපිට හිටිය නම් කියා හිත යටින් විස්සෝප වෙමිනි... කෝලිගේ මංගල්ලයත් එක්ක අපේ සිංහල බුවාල බුවීලා අමු සිංහලෙන් කෝලිට සුබ පැතුවේ උඹ එළ පොරක්, ජය මංගලම් කියාය... තව එකෙක් කිව්වේ උඹල දෙන්න නියමෙට කැපෙන ජෝඩුවක් කියලාය... ඒවා කෝලි දැක්කාදැයි තේරුම් ගත්තා දැයි අපි දන්නේ නැත.... අපි දන්නේ කෝලිට සිංහල බෑ කියා පමණි....

    kholi.jpg


    ඒ ජරමර අස්සේ කෝලි තවත් අපේ ආදරයට බදුන් වූයේ ගයාන්ට තමන්ගේ වෙඩිම වෙනුවෙන් පැවති සාදයකට ආරාධනා කිරීම නිසාය... අපේ මාධ්‍යවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද වැඩි අවධානයට මෙය යොමු වූ අතර කෝලි යනු එළ පොරක් යැයි හැම එකෙක්ම කියන්නට පටන් ගති... ඇත්තට ම මෙතනදි කෝලි ගත්තේ හීනියට ආතල් එකකි....

    පොඞ්ඩක් ආයෙත් ඉස්කෝලේ කාලෙට අපි යමු... අපේ පන්තියේ වැඩට දක්ෂම එකාගේ හොඳම සහචරයා වූයේ පංතියේ වැඩ බැරිම එකාය... එතන තියෙන්නේ උන් දෙන්නාගේම ආතල් එකකි... වැඩ බැරි එකා හිතනුයේ වැඩ පුලූවන් එකා එක්ක ඉන්න එක තමන්ට වාසි බවය... වැඩ පුලූවන් එකා සිතනුයේ මේ වගේ වැඩ බැරි එවුන් අතර ඉන්න එකෙන් තමන්ගේ හැකියාව ගැන කොයිතරම් ආඩම්බරවෙන්න පුලූවන්ද, තමන් කොයි තරම් වාසනාවන්තද කියන එකය... ඒ ආතල් එකම චිත‍්‍රපටිවලින් ද අපිට දෙන්නේය... වීරයාගේ සහචරයා හැම වෙලාවකම ගොබ්බයෙකි... ජෝකර් කෙනෙකි... එහෙම නැත්තං බයගුල්ලෙකි... එවැනි සම්බන්ධයකින් වීරයා තව තවත් හයිලයිට් වී පෙනෙනවාය...

    ඉතිං කෝලි ගයාන් කැඳවාගෙන කළේ ද ඒ දෙයමය... ලංකාව වෙනුවෙන් කොඩිය උස්සන කායික අඩුපාඩුවක් ඇති අහිංසකයෙකු ගෙන්නා ගැනීමෙන් කෝලි තව තවත් ජනතාවගේ ආකර්ෂණයට ලක් විය.... කොයිතරම් එය සාර්ථකද යනු කෝලි යනු දැන් අපෙත් මිතුරෙකි... අපෙත් වීරයෙකි... ඉන්දියාව යනු මුඩුක්කු පරිසරයෙන් යුත් රෙන්ට කක්කුස්සියක්වත් නැති එදා වේල හිගා නොකා හිගා කන මිනිසුන් පිරි රටකි.... කෝලිගේ වෙඩිම වෙනුවෙන් කෝලිට ගම් දහයකට වුණත් කන්න දෙන්න පුලූවන්කම තිබිණි.... කෝලි එහෙම නොකරන්නට තියෙන ඉඩ වැඩිය.... මන්ද යත් කෝලිට ඒකෙන් ලැබෙන ආතල් එක මදිය... නිකමට හිතුවොත් ලංකාවට ම ඇවිත් බඩ කට පිරෙන්නට ලංකාවට සලකා, ඉන් පසුව ලංකාව වෙනුවෙන් උගුර ලේ රහ වෙනකං කොඩිය උස්සන් කෑ ගහන ආබාධිතයෙකුට ආරාධනා කොට ඔහුට කන්නට දී ඔහුත් සමග ඩාන්ස් එකක් දැම්මාම ඇතිවන ආතල් එක කොයිතරම් ද...? එය තමන්ගේ රටේ එදා වේල කන්න නැතිව දුක් විඳින එකෙක්ට කන්න දෙනවාට වඩා ආතල් නැද්ද...?

    hqdefault.jpg


    ඉතිං කෝලි යනු ඔහු ආතල් එකක් ගන්නා ගමන් අපට ද ආතල් එකක් දෙන සුපිරි පොරකි.... තමන්ගේ රට වෙනුවෙන් මැච් එකක් බලන්න බල්ලෙක්වත් නැති පැවිලියන් එකක කොඩිය උස්සගෙන කමොන් ශී‍්‍ර ලංකා කියපු මේ පුංචි මිනිහා අපේ කී‍්‍රඩකයින්ට නම් තවත් එක කි‍්‍රකට් පිස්සෙක් පමණි.... එහෙව් අවස්ථාවක කෝලි ආතල් එකට හෝ මෙවැන්නක් කිරීම අපේ බොක්කටම දැනෙන්නේ ඒ නිසා විය යුතුය...


    pathfinder_PNG_Face.png


     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oya umbata hithena heti wenna ethi, mata nam ehema hithenne ne, anika ape panthiwala weda beri ewun, weda puluwan ewun ekka hitiyeth ne, weda puluwan ewun wenama group ekak, beri ewun wenama group ekak.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    oya umbata hithena heti wenna ethi, mata nam ehema hithenne ne, anika ape panthiwala weda beri ewun, weda puluwan ewun ekka hitiyeth ne, weda puluwan ewun wenama group ekak, beri ewun wenama group ekak.

    උඹගේ පංතියේ හිටියේ නැතිව ඇති අපේ පංතිවල හිටිය වගේම මම දන්න ගොඩක් එවුන්ගේ පංතිවල එහෙම හිටියා...ෆිල්ම්ස්වල නම් ඕන තරම්....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒකත් එහෙමද .එතකොට අර තාත්තට උදව් කරපු සීන් එකත් වෙනම ආතල් එකක්ද??

    ඒක ඉන්දියන් පෑන් කෙනෙක්ගේ ඉල්ලීමක් අනුව රෝහිත් ෂර්මා කරපු දෙයක්....
    ඒවා ගැන මේ තරම් අපි කතා කරන්නේ නෑ නේද...?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් දෙන්න අතරේ තියෙන සම්බන්ධෙ දන්නේ උන් දෙන්නම තමා :yes: අපි මෙහෙ ඉඳන් එක එක අර්ථකටහන දෙනවා අර චිත්‍ර අඳින එකාගේ අතපිහින රෙදි කෑල්ලට අර්ථකතන දුන්නා වගේ :P
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ගොඩක් උන් ඒ කාලේ ඉදන් ම මුට බැන්නනට මම නම් මුගේ දැක්කේ talent එක.
    එක මාව ලගින් ආශ්‍රය කරන මගේ යාළුවො දන්නවා
    මූ 100% team එකට දෙනවා
    අනිත් එවුන් එක දෙන්නේ නැති උනහම මල පනිනවා
    add එකක් දානවා කියන්නේ උඩ පැනල කෑගහන එක නම් එහෙනම් cricket ගහන හැමෝම add කාරයෝ
    ඒ වෙලාවට සතුට බුක්ති විදින විදිහ ඉතින්

    උබට මතක නම් sanga ගහපු අන්තිම international match එකේ (T20 worldcup අපි දිනපු පාර) match එක ඉවර වෙලා ground එකේදී sanga ගාවට ගිහින් කතා කරපු එකම එකා ඔය අපි දැන් ආදරය කරන ඉස්සර පෙන්න බැරි kohli විතරයි බන්.ඕක ගාව මනුස්ස කමත් තියෙනවා.යාලුවෙක් ට wedding එකකට කතා කතා කරන එක උබල දකින්නේ මේ අසරණ මනුස්සයෙක් ට wedding එකට කතා කරල කන්න දුන්න කියල :rolleyes:
    මේක ඉතින් ලොකුවට ගියේ මීඩියා කාරයෝ නිසා
    ගයාන් අයියා උගේ instagram එකේ ෆොටෝස් ටික share කල
    media වලටත් වෙන වැඩ නැ නේ ඉතින් ඕක හාරලා ගත්තත :)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    උන් දෙන්න අතරේ තියෙන සම්බන්ධෙ දන්නේ උන් දෙන්නම තමා :yes: අපි මෙහෙ ඉඳන් එක එක අර්ථකටහන දෙනවා අර චිත්‍ර අඳින එකාගේ අතපිහින රෙදි කෑල්ලට අර්ථකතන දුන්නා වගේ :P

    :yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Paper ekaka thibuna, Meyata foreign country vala matches balanna yana kota,Lankave company ekak sponsor karanavalu .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Koly Lankave players lata , invitation ekak denne nathiva, Meyata vitharak , invitation dunne why?? Adu ganane, IPL play karana Srilanka players latavath?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් ඔයා කියන දෙට එකග නැ..එක විරාත් ගේ පෞද්ගලික කැමත්තක් කියලායි මට හිතෙන්නෙ...එක එයාලගේ විඩින් එක..එකට එයාලා කැමති අයට එන්න කියනවා..ගිය කෙනත් එක තමන්ගේ අකවුන්ට් එකෙ දැම්මා..එකත් එයාගේ කැමැත්තක්..මොකද එකෙන් කාටවත් හානියක් උනේ නැනේ.එකට එක එක හෙතු දිලා පොස්ට් හදලා ශෙයා කරන අය තමන්ගේ අදහසට එ ෆොටොස් යූස් කරනවා..එතන තියෙන්නෙ කොලිගේ,අනුශ්කගේ,ගයාන්ගේ අදහස් නෙමෙයි පොස්ට් හදන අයගේ අදහස් කියලයි මට හිතෙන්නේ...:)