කෝලි.... ඒක වෙනමම ආතල් එකක්...
කෝලි.... ඒක වෙනමම ආතල් එකක්...
කෝලි යනු පට්ට දක්ෂයෙක්... ඒක කවුරුහරි බොරුවක් කියල කියනවා නම් එතන තියෙන්නේ ඊර්ෂ්‍යාව කුහකකම... අනෙක් අතට කෝලි යනු පඩ ෂෝ කාරයෙක්... හැබැයි හේතුවක් නැතිව පඩ ෂෝ පෙන්නන එවුන්ට වඩා කෝලි පෙන්නන්න පඩ ෂෝ එක සාධාරණයි... ඔහු කෝටි ගාණක ජනතාව අතර සැබෑ වීරයෙක්... වර්තමානයේ සිටින දක්ෂතම කි‍්‍රකට් කී‍්‍රඩකයින් පස් දෙනා අතරත් ඉහළින්ම ඉන්න එකෙක්....
ලංකාවේ කි්රකට්ලෝලි අපිට දැනට මාසයකට කලින් කෝලිව පේන්නට බැරිය... ඒ ඌ වරදක් කළ නිසා නොව අපේ සිංහ පෝතකයින්ට අනුකම් විරහිතව පහර දුන් බැවිනි.... අපි කෝලිට බැන්නේ ඊර්ෂ්‍යාවටය.. කුහකකමටය.... ඒ වගේ එකෙක් අපිට හිටිය නම් කියා හිත යටින් විස්සෝප වෙමිනි... කෝලිගේ මංගල්ලයත් එක්ක අපේ සිංහල බුවාල බුවීලා අමු සිංහලෙන් කෝලිට සුබ පැතුවේ උඹ එළ පොරක්, ජය මංගලම් කියාය... තව එකෙක් කිව්වේ උඹල දෙන්න නියමෙට කැපෙන ජෝඩුවක් කියලාය... ඒවා කෝලි දැක්කාදැයි තේරුම් ගත්තා දැයි අපි දන්නේ නැත.... අපි දන්නේ කෝලිට සිංහල බෑ කියා පමණි....
ඒ ජරමර අස්සේ කෝලි තවත් අපේ ආදරයට බදුන් වූයේ ගයාන්ට තමන්ගේ වෙඩිම වෙනුවෙන් පැවති සාදයකට ආරාධනා කිරීම නිසාය... අපේ මාධ්‍යවල මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද වැඩි අවධානයට මෙය යොමු වූ අතර කෝලි යනු එළ පොරක් යැයි හැම එකෙක්ම කියන්නට පටන් ගති... ඇත්තට ම මෙතනදි කෝලි ගත්තේ හීනියට ආතල් එකකි....
පොඞ්ඩක් ආයෙත් ඉස්කෝලේ කාලෙට අපි යමු... අපේ පන්තියේ වැඩට දක්ෂම එකාගේ හොඳම සහචරයා වූයේ පංතියේ වැඩ බැරිම එකාය... එතන තියෙන්නේ උන් දෙන්නාගේම ආතල් එකකි... වැඩ බැරි එකා හිතනුයේ වැඩ පුලූවන් එකා එක්ක ඉන්න එක තමන්ට වාසි බවය... වැඩ පුලූවන් එකා සිතනුයේ මේ වගේ වැඩ බැරි එවුන් අතර ඉන්න එකෙන් තමන්ගේ හැකියාව ගැන කොයිතරම් ආඩම්බරවෙන්න පුලූවන්ද, තමන් කොයි තරම් වාසනාවන්තද කියන එකය... ඒ ආතල් එකම චිත්‍රපටිවලින් ද අපිට දෙන්නේය... වීරයාගේ සහචරයා හැම වෙලාවකම ගොබ්බයෙකි... ජෝකර් කෙනෙකි... එහෙම නැත්තං බයගුල්ලෙකි... එවැනි සම්බන්ධයකින් වීරයා තව තවත් හයිලයිට් වී පෙනෙනවාය...
ඉතිං කෝලි ගයාන් කැඳවාගෙන කළේ ද ඒ දෙයමය... ලංකාව වෙනුවෙන් කොඩිය උස්සන කායික අඩුපාඩුවක් ඇති අහිංසකයෙකු ගෙන්නා ගැනීමෙන් කෝලි තව තවත් ජනතාවගේ ආකර්ෂණයට ලක් විය.... කොයිතරම් එය සාර්ථකද යනු කෝලි යනු දැන් අපෙත් මිතුරෙකි... අපෙත් වීරයෙකි... ඉන්දියාව යනු මුඩුක්කු පරිසරයෙන් යුත් රෙන්ට කක්කුස්සියක්වත් නැති එදා වේල හිගා නොකා හිගා කන මිනිසුන් පිරි රටකි.... කෝලිගේ වෙඩිම වෙනුවෙන් කෝලිට ගම් දහයකට වුණත් කන්න දෙන්න පුලූවන්කම තිබිණි.... කෝලි එහෙම නොකරන්නට තියෙන ඉඩ වැඩිය.... මන්ද යත් කෝලිට ඒකෙන් ලැබෙන ආතල් එක මදිය... නිකමට හිතුවොත් ලංකාවට ම ඇවිත් බඩ කට පිරෙන්නට ලංකාවට සලකා, ඉන් පසුව ලංකාව වෙනුවෙන් උගුර ලේ රහ වෙනකං කොඩිය උස්සන් කෑ ගහන ආබාධිතයෙකුට ආරාධනා කොට ඔහුට කන්නට දී ඔහුත් සමග ඩාන්ස් එකක් දැම්මාම ඇතිවන ආතල් එක කොයිතරම් ද...? එය තමන්ගේ රටේ එදා වේල කන්න නැතිව දුක් විඳින එකෙක්ට කන්න දෙනවාට වඩා ආතල් නැද්ද...?
ඉතිං කෝලි යනු ඔහු ආතල් එකක් ගන්නා ගමන් අපට ද ආතල් එකක් දෙන සුපිරි පොරකි.... තමන්ගේ රට වෙනුවෙන් මැච් එකක් බලන්න බල්ලෙක්වත් නැති පැවිලියන් එකක කොඩිය උස්සගෙන කමොන් ශී‍්‍ර ලංකා කියපු මේ පුංචි මිනිහා අපේ කී‍්‍රඩකයින්ට නම් තවත් එක කි‍්‍රකට් පිස්සෙක් පමණි.... එහෙව් අවස්ථාවක කෝලි ආතල් එකට හෝ මෙවැන්නක් කිරීම අපේ බොක්කටම දැනෙන්නේ ඒ නිසා විය යුතුය...

Last edited: