අද මැයි පළවෙනිදා, ජාත්‍යන්තර කම්කරු දිනය. ඒත් මේ අද අපි හැමෝම භුක්ති විඳින පැය 8ක වැඩ දිනය ලබා ගන්න මිනිස්සු ජිවිත පූජා කරපු දිනය.
එදා 1886 දී හේමාකට් චතුරස්‍රයෙ උද්ඝෝෂණය කරපු කම්කරුවන්ට පොලීසියෙන් වෙඩි තියනවා, ඒ වෙඩි පහරින් හැලුණු ලේ වලින් රතු පාට වෙච්චි කමිසයක් තමයි අද හැමෝම උස්සන් යන රතු කොඩියට මුල පුරන්නෙ.
ඒත් අද ඒ රතු කොඩිය උස්සන් අපේ මිනිස්සු කොහෙද යන්නෙ ?තමුන්ව දවස ගාණෙ තළන පෙළන දේශපාලකයො වෙනුවෙන් ම උන්ගෙ නම් ගහගත්තු කමිස තොප්පි දාගෙන මහපාරෙ නටන්න, රුපියල් 500ට 1000ට විකිණෙන්න අපෙ කම්කරුවො සූදානම්.
ජීවිකාව වෙනුවෙන් තමන්ගෙ ශ්‍රම ශක්තිය ධනපතියා ඉදිරියෙ විකූණලා වැටුපක් ලබන කෙනෙක් කම්කරුවා හැටියට හැඳින්වෙන්නෙ. එයාලා තමයි අපි දන්න මෑත කාලීන මේ ලෝකෙ මේ හැම මිනිස් ජයග්‍රහණයක් ම නිර්මාණය කරලා තියෙන්නෙ.
ඒත් එහෙම අභිමානවත් වෙන්න ඕනෙ කම්කරුවො අද කොතැනද ඉන්නෙ ? අනික පඩිය කීය උනත් අපි ලොක්කා ඉස්සරහ විකිණෙනවා කියලා පිළිගන්න කැමති අපේ නොවෙන අපේම කම්කරුවො කීයෙන් කීදෙනාද ඉන්නෙ ?
ඒ විරක්ද ආමිෂ පූජා නිසා ජාත්‍යන්තර කම්කරු දිනයේ වැඩ කරන ජනතාවට වැඩට යන්න ඉඩ සලස්වපු ධර්මදීපයක කම්කරුවෝ විදිහට පුදුමාකාර ආඩම්බරයක් එක්ක අපි අදත් වැඩට යනවා.
වෙන එකක් තියා ධනපති ආණ්ඩුවෙ ලොක්කො ඒ කම්කරුවො වෙනුවෙන් කම්කරුවො ලව්වා ම එයාලට සුබ පතන්න දැන්වීම් නිර්මාණය කරවාගෙන ප්‍රචාරණය කරන, අනේ අපෙ ලොක්කා අපිට සුබ පැතුවා කියලා සන්තෝස වෙන ලෝකයක් මේක. !
කොහොම වුණත් ටයි පොල්ල දාගත්තු කම්කරු මහත්තුරු අදත් එන්ජෝයි කරාවි, තමුන් කම්කරුවො කියලාවත් නොදන්න උදවිය ආණ්ඩුවෙන් උනුන්ටම සමරගන්න දාපු මැයි 07 වැනිදා එක එක්කෙනාගෙ පෙළපාලිවලට යාවි. වැටුපක්වත් නැතිව දවසෙ පැය 20ක් වැඩ කරන්න නියමිත වෙච්චි අපෙ ගෘහණියො එයාලට කෑම උයාවි.
මට මොකුත් ම කියන්න ඕනෙ නෑ, , මැයි දිනය එසේමැයි, දිනයකටවත් ඇත්තේ අපේමැයි... ඉතිං සමරමු !
උපුටා ගැනීම - www.her.lk